spot_img
spot_img
spot_img
AFC Banner
Empty Ad
Empty Ad

බටවල සුපුන් STF අත්අඩංගුවට

සංවිධානාත්මක අපරාධකරුවෙක් සහ මත්ද්‍රව්‍ය ජාවාරම් කරුවෙකු වන නදුන් චින්තක වික්‍රමරත්න නොහොත් හරක් කටාගේ මෙරට මත්ද්‍රව්‍ය ජාලය මෙහෙය වන බටවල සුපුන් නමැති සැකකරු පොලිස් විශේෂ කාර්ය බලකා නිලධාරීන්ගේ අත්අඩංගුවට ගෙන තිබෙනවා.

දකුණු පළාත තුල සිදුවන සංවිධානාත්මක අපරාධ මැඩ පැවැත්වීම සදහා ස්ථාපිත කර ඇති පුෂ්පාරාම උප කඳවුරේ නිලධාරීන්ට ලැබුණු තොරතුරකට අනුවයි වැලිගම ප්‍රදේශයේදී වැටලීම සිදු කර ඇත්තේ.

එහි දී අයිස් මත්ද්‍රව්‍ය ග්‍රෑම් 10 යි මිලි ග්‍රෑම් 300ක්, මුදල් රුපියල් 350,000ක් සහ යතුරු පැදියක් සමග වැලිගම ප්‍රදේශයේ පදිංචි 33 හැවිරිදි සැකකරු අත්අඩංගුවට ගැනුණා.

සැකකරු වැඩිදුර විමර්ශන සඳහා වැලිගම පොලිසිය වෙත භාර දී තිබෙනවා.

පොලිසිය සිදු කළ විමර්ශනවලදී අනාවරණ වී ඇත්තේ මෙම සැකකරු සංවිධානාත්මක අපරාධකරුවෙක් සහ මත්ද්‍රව්‍ය ජාවාරම් කරුවෙකු වන නදුන් චින්තක වික්‍රමරත්න නොහොත් හරක්කටාගේ මෙරට මත්ද්‍රව්‍ය ජාලය මෙහෙය වන බටවල සුපුන් නැමති අනුවර්ථ නාමයෙන් හදුන්වන පුද්ගලයකු බවටයි.

ඔබේ ප්‍රතිචාරය කුමක්ද ?
+1
1
+1
0
+1
0
+1
1
+1
0
+1
2
+1
0
Subscribe
Notify of
0 Comments
Inline Feedbacks
සියලු ප්‍රතිචාර බලන්න !

?