බංග්ලාදේශ විරෝධතා පිටුපස අදිසි හස්තය කාගේ ද?

කුමන්ත්‍රණයේ ස්වභාවයෙන් හෙළිදරව් වීමට පටන් ගෙන ඇත්තේ බංග්ලාදේශයේ අවාමි ලීගයේ (AL) අගමැතිනි ෂෙයික් හසීනාගේ රජය අපකීර්තියට පත් කිරීම ඉලක්ක කරගත් අඳුරු සහයෝගීතාවයක් බව ඒසිෂයන් ලයිට් වෙබ් අඩවිය වාර්තා කරනවා.

බංග්ලාදේශයේ මහා පරිමාණ නොසන්සුන්තාවයක් ඇති කරමින් ජූලි 18-19 අතර සිසුන් විසින් මෙහෙයවන ලදැයි කියනු ලබන ඊනියා කෝටා ප්‍රතිසංස්කරණ ව්‍යාපාරය බංග්ලාදේශ ජාතිකවාදී පක්ෂය (BNP)-Jamaat-e-Islami (JeI) විසින් උසිගන්වනු ලබන බවට ඕනෑ තරම් ලක්ෂණ තිබෙනවා.

පාකිස්තානයේ අයිඑස්අයි විසින් පිටුබලය ලබන නීති විරෝධී ජමාත්-ඊ-ඉස්ලාමි (ජේඅයි) හි ශිෂ්‍ය අංශය වන චත්‍ර ෂිබීර් ප්‍රචණ්ඩත්වය අවුලුවාලීමට සහ ශිෂ්‍ය විරෝධතා බංග්ලාදේශයේ දේශපාලන ව්‍යාපාරයක් බවට පරිවර්තනය කිරීමට ප්‍රධාන කාර්යභාරයක් ඉටු කර ඇති බව ඩකා පොලිසිය ඉඟි පළ කරනවා.

සෑම වසර කිහිපයකට වරක් ම, ජනතා සහයෝගය සහ අනුකම්පාව අහිමි වූ විපක්ෂයේ BNP, කිසියම් හේතුවක් මත ප්‍රචණ්ඩ විරෝධතා පවත්වමින් සහ සංවිධානය කිරීමෙන් ආණ්ඩුවේ වලංගුභාවය යටපත් කිරීමට උත්සාහ කරනවා.

රට පුරා වැඩ වර්ජන සංවිධානය කිරීමට එම පක්ෂය සමත් වී ඇති අතර බොහෝ විට බංග්ලාදේශය දැඩි අර්බුදයකට ලක් කෙරෙනවා.

මෙම නවතම ශිෂ්‍ය විරෝධතාවලට බංගලාදේශ ජාතිකවාදී පක්ෂය විසින් පිටුබලය දුන් අතර, පාකිස්තානු හමුදාව විසින් ස්වදේශිකයින් සමූල ඝාතනය කිරීමට ආධාර කළ රසාකාර්වරුන්ගේ සහාය ද විවෘතව ම ලැබී තිබුණා.

පාකිස්තානයේ හමුදාවේ සහ ISI හි අභිප්‍රාය වන්නේ ෂීක් හසීනා ආණ්ඩුව අස්ථාවර කර විපක්ෂයේ BNP නැවත බලයට ගෙන ඒමයි.

බංග්ලාදේශයේ, “ව්‍යාජ පුවත්” මෙවලම BNP සහ එහි මිත්‍ර ඉස්ලාමීය පක්ෂ විසින් ආතතීන් අවුලුවාලීමට සහ මූලධර්මවාදී ප්‍රචාරක ව්‍යාප්තිය සඳහා වඩාත් ඵලදායී ලෙස භාවිතා කර තිබෙනවා.

බංග්ලාදේශයේ චීන තානාපති යාඕ වෙන් මෙම විරෝධතා බංග්ලාදේශයේ අභ්‍යන්තර කාරණයක් ලෙස විස්තර කර ඇති අතර, රට තුළ සාමය පවත්වා ගැනීමට බංග්ලාදේශයේ ජනතාවට සහ රජයට පූර්ණ හැකියාව ඇති බව පැවසුවා.

කෙසේ වෙතත්, පැනනැඟුණු විරෝධතාවලට පෙර, චීන තානාපතිවරයා සහ BNP ප්‍රධානීන් අතර හමුවක් චීන තානාපති කාර්යාලයේ දී පවත්වා තිබෙනවා.

එයාර් වයිස් මාර්ෂල් (විශ්‍රාමික) අල්තාෆ් හොසේන් චෞද්රි, බීඑන්පී උප සභාපති සහ හිටපු ස්වදේශ කටයුතු අමාත්‍ය ෂාමා ඔබේඩ් ඇතුළු ජ්‍යෙෂ්ඨ BNP නායකයින් මෙම සාකච්ඡාවට එක්ව ඇති අතර එම රැස්වීම පැවැත්වෙන අතරතුර බංග්ලාදේශයේ පකිස්ථාන මහ කොමසාරිස් Syed Ahmed Maroof ද චීන තානාපති කාර්යාලයට පැමිණීම විස්මය දනවන්නක්.

නොසලකා හැරිය නොහැකි දෙය නම්, 1971 දී පකිස්ථානයට එරෙහිව බංගලාදේශයේ නිදහස් යුද්ධයේදී චීනයේ භූමිකාවයි.

පාකිස්තානයේ ප්‍රධාන මිතුරා වූ චීනය, බංග්ලාදේශය ස්වාධීන රාජ්‍යයක් ලෙස මතුවීමට විරුද්ධ වුණා.

ඉන්දියාවට ඓතිහාසිකව සමීපව සිටි Awami League (AL) සමග සහයෝගී සබඳතාවක් ඇති බව චීනය ප්‍රකාශ කළත්, BNP නැවත බලයට පැමිණීම සම්බන්ධයෙන් බීජිනය කැමැත්තක් දක්වනවා.

රැඩිකල්වාදීන්ට එරෙහිව මර්ධනය දියත් කළ හසීනා රජය අඩපණ කිරීමට අයිඑස්අයි හි කාර්යභාරය අලුත් දෙයක් නොවේ, නමුත් දැන් රැකියා කෝටාවට එරෙහිව ශිෂ්‍ය විරෝධතාවක් ලෙස ආරම්භ වූ එය විරුද්ධ පක්ෂ සාමාජිකයින් විරෝධතාවලට රිංගා දේශපාලන ව්‍යාපාරයක් බවට පරිවර්තනය වී තිබෙනවා.

කෙසේ වෙතත් හසීනා රජය රැකියා කෝටා ක්‍රමයට එරෙහි විරෝධතා ව්‍යාපාරයට ඉවසීමෙන් ප්‍රතිචාර දැක්වූවා.



අපගේ නවතම වීඩියෝ පුවත්
Video thumbnail
ඥානසාර හිමිගේ නිදහස වෙනුවෙන් යන පා ගමන - සංඝ රත්නය සමඟ මහ සෙනඟක් එයි
03:17
Video thumbnail
ශිරන්ති බලන්න සීලරතන හිමි වැලිකඩට - පට්ටපල් හොරු ටික හිරේ දැම්මට කමක් නෑ
04:51
Video thumbnail
වැසිකිළියකින් මතුවූ නීති විරෝධී මත්පැන් ස්කාගාරය - බඩුත් එක්කම සැකකරුවෙක් මාට්ටු
02:33
Video thumbnail
මහානායක හිමි ගැට ගහපු පිරිත් නූල ජනාධිපති විසික් කරලා ගිහින් ?
06:24
Video thumbnail
ජනාධිපතිතුමා පුළුවන්නම් ඔය පුටුවට මාව ගෙන්න ගනින් - ඔය Logic දාපන් මට
02:45
Video thumbnail
දන් බත් කාලා බුදු බණවලින් ග#න්න එන්න එපා - සිවුරට අත තියලා වෙච්ච දේ දැක්කනේ..
02:39
Video thumbnail
අපි හිරේ දැම්මත්, ජම්පරේ ඇන්දුවත් සටන අත් හරින්නේ නෑ - උන්වහන්සේ අපි වෙනුවෙන් හිරබත් කනවා
04:07
Video thumbnail
මහා සංඝ රත්නය ඥානසාර හිමි වෙනුවෙන් මහනුවර සිට අරඹපු පා ගමන - දහස් ගණනක් දළඳා මාළිගාවට එකතුවෙයි
01:31
Video thumbnail
හරියට කරනවනම් කරපල්ලා..නැත්තම් දාලා පලයල්ලා - අනුරලා රජ වෙන්න ඉස්සර අරිහත් ධජයේ හැංඟිලා හිටියේ
09:57
Video thumbnail
මෛත්‍රී ගුණරත්න ආණ්ඩුවට දෙහි ක#පයි - සදාචාරයට පටහැනි දේවල් මේ ජනපති කරන්නේ
04:07