spot_img
spot_img
spot_img
AFC Banner
Empty Ad
Empty Ad

බංග්ලාදේශ ක්‍රිකට් වාර්තා අලුතින් ලියන මුෂ්ෆිකර් රහීම්

බංග්ලාදේශ කණ්ඩායමේ ප්‍රබල පිතිකරුවෙකු වන මුෂ්ෆිකර් රහීම් අද (18) ටෙස්ට් ලකුණු 5,000 සීමාව ඉක්මවා ගියා.

ඒ, සංචාරක ශ්‍රී ලංකා කණ්ඩායම සමඟ මේ වනවිට පැවැත්වෙන පළමු ටෙස්ට් තරගයේ දීයි.

ඒ අනුව මුෂ්ෆිකර් වාර්තා අතරට එක්වෙන්නේ ටෙස්ට් ලකුණු 5,000 ඉක්මවා ගිය පළමු බංග්ලාදේශ පිතිකරුවා ලෙසටයි.

2005 වසරේ දී සිය ක්‍රිකට් දිවිය ආරම්භ කළ මුෂ්ෆිකර් ඔහුගේ 81 වැනි ටෙස්ට් තරගයට ක්‍රීඩා කරන අතර මේ වනවිට බංග්ලාදේශයේ පළපුරුදුම ටෙස්ට් ක්‍රිකට් ක්‍රීඩකයා ද වනවා.

මේ වනවිට නොදැවී කඩුල්ලේ රැඳී සිටින ඔහු පන්දු 223කට මුහුණ දෙමින් ලකුණු 85ක් රැස්කරගෙන සිටිනවා.

ඔබේ ප්‍රතිචාරය කුමක්ද ?
+1
0
+1
0
+1
0
+1
0
+1
0
+1
0
+1
2
Subscribe
Notify of
0 Comments
Inline Feedbacks
සියලු ප්‍රතිචාර බලන්න !

?