බංග්ලාදේශ ක්‍රිකට් ප්‍රධානියෙක් තනතුරින් ඉල්ලා අස්වෙයි

බංග්ලාදේශ ක්‍රිකට් මණ්ඩලයේ අධ්‍යක්ෂවරයෙකු ලෙස කටයුතු කළ ඉෂ්ටියාක් සදෙක් එම තනතුරින් ඉල්ලා අස් වී තිබෙනවා.

අයි.සී.සීය විසින් බංග්ලාදේශ කණ්ඩායම මෙවර 20-20 ලෝක කුසලානයෙන් නෙරපා හැරීමත් සමඟම ඔහු ඊයේ (24) මෙම තීරණය ගෙන ඇති බවයි වාර්තා වන්නේ.

බංග්ලාදේශ ක්‍රිකට් මණ්ඩලයේ සභාපති අමිනුල් ඉස්ලාම් බුල්බුල්ගේ සමීපතම සගයෙකු ලෙස හැඳින්වෙන ඉෂ්ටියාක් සදෙක් සිය ඉල්ලා අස්වීම පිළිබදව දැනුම් දෙමින් ඔහු පවසන්නේ පෞද්ගලික හේතු කිහිපයක් මත මෙම තීරණය ගත් බවයි.

බංග්ලාදේශ ක්‍රිකට් මණ්ඩලයේ තමන් දැරූ තනතුරට සාධාරණය ඉටු කිරීමට නොහැකිවීම සම්බන්ධයෙන් පෞද්ගලිකව කණගාටුවක් දැනෙන බවයි ඔහු කියා සිටියේ.

ඉෂ්ටියාක් සදෙක් බංග්ලාදේශ ක්‍රිකට් සංවර්ධන කමිටු සභාපති ලෙස ද කටයුතු කරනු ලැබුවා.

ආරක්ෂක හේතූන් මත බංග්ලාදේශය 2026 පන්දුවාර 20-20 ලෝක කුසලානය වෙනුවෙන් ඉන්දියාවට යෑම ප්‍රතික්ෂේප කිරීමත් සමඟ මෙවර තරගාවලියෙන් බංග්ලාදේශ කණ්ඩායම නෙරපා හැරීමට අයි.සී.සීය ඊයේ කටයුතු කළා.

ඒ, අනුව ඔවුන් තීරණය කළේ ස්කොට්ලන්තය 2026 පන්දුවාර 20-20 ලෝක කුසලාන තරගාවලිය වෙනුවෙන් එක්කර ගැනීමටයි.



අපගේ නවතම වීඩියෝ පුවත්
Video thumbnail
නන්දා මාලනිය ගැන සජිත් කිව්ව සුපිරි කතාව - වමට බර සංකල්පවලත් උතුම් ගුණාංග තියෙනවා
04:08
Video thumbnail
සජිත් මහත්තයා ඉතින් රජ වෙන්න ඕනි..දෙවි කෙනෙක් වගේ - අපිට ලක්ෂ 18ක තීන්ත දුන්නා
03:27
Video thumbnail
එල්නිනෝ තත්ත්වය ගැන සජිත්ගෙන් හෙළිදරව්වක් - ජනතාව දැවැන්ත සාගින්නකට මුහුණදීමේ ප්‍රවණතාවක්
05:48
Video thumbnail
බෙරගල පහළ විහාර ගල ගිනිතැබීම සිද්ධියේ වීඩියෝ එළියට ? පේනවද ගි#නි තියන හැටි ?
01:12
Video thumbnail
අහිංසකයෙක්ට මාංචු දාන්න ගිහින් වැඩ වැරදුණු පොලිසිය
00:56
Video thumbnail
අහිංසකයෙක්ට මාංචු දාලා තියෙන්නේ..මෙන්න පොලිසියේ කෙරුවාව - විලි ලැජ්ජා නැද්ද යකෝ?ආතල් ගන්න එපා
01:12
Video thumbnail
රනිල් ආයේ පාර්ලිමේන්තු යනවද ?යන එක එයාගේ වැඩක්..අපි සහයෝගයෙන් වැඩ
01:10
Video thumbnail
පැහැදිලිවම රටේ ඊළඟ ජනාධිපති සජිත් ප්‍රේමදාස - නාමල් මහන්සිවෙලා විපක්ෂ නායකවත් වෙන්න
02:54
Video thumbnail
අගමැති හරිනිගෙන් සැර කතාවක් - රැගින්වලටනම් අපෙන් කිසි සමාවක් නෑ
02:56
Video thumbnail
මේ ඵාපකර්මයට කවුරුත් හවුල් වෙන්න එපා - ජනමත විචාරණයෙන් ආණ්ඩුවට අන්ත පරාජයක් දෙන්න පුළුවන්
04:02