බංග්ලාදේශ ක්‍රිකට් ක්‍රීඩක නයීම් හසන්ට පොලිසියෙන් අමානුෂික පහරදීමක්

බංග්ලාදේශ ක්‍රිකට් කණ්ඩායමේ දඟපන්දු යවන ක්‍රීඩක නයීම් හසන්ට එරට පොලිස් නිලධාරීන් පිරිසක් විසින් අමානුෂික ලෙස පහර දී ඇති බව වාර්තා වනවා.

නයීම් හසන් ඊයේ (13) රාත්‍රියේ චැටෝග්‍රෑම්හිදී මෙලෙස පොලිස් නිලධාරීන්ගේ පහරකෑමට ලක්ව ඇති බවයි වාර්තා වන්නේ.

තරගයකට සහභාගි වී ත්‍රීරෝද රථයකින් සිය නිවස බලා යමින් සිටි නයීම්ව, චැටෝග්‍රෑම්හි ලාල්ඛාන් බසාර් ප්‍රදේශයේ දී පොලීසිය නවතාගෙන තිබෙනවා.

අනතුරුව ඔහුව බලහත්කාරයෙන් වෙනත් ත්‍රීරෝද රථයකට නංවාගෙන පොලිස් ස්ථානය වෙත රැගෙන ගොස් ඇති බවයි තොරතුරු වාර්තා වන්නේ.

තමන් ජාතික ක්‍රිකට් ක්‍රීඩකයෙකු බව අවට සිටි පිරිස් සහ නයීම් විසින් ප්‍රකාශ කළ ද, පොලිස් නිලධාරීන් එය නොසලකා හරිමින් ඔහුව පොලිස් ස්ථානය වෙත රැගෙන යාමටයි කටයුතු කර ඇත්තේ.

අනතුරුව ඉවක් බවක් නොමැතිව පොලුවලින් සහ ප්ලාස්ටික් පයිප්පවලින් පොලිස්ම් නිලධරීන් විසින් තමන්ට පහර දුන් බවයි නයීම් පවසන්නේ.

මෙම අමානුෂික සිද්ධිය සම්බන්ධයෙන් සාධාරණ පරීක්ෂණයක් සහ යුක්තියක් තමන්ට අවශ්‍ය බවයි නයීම් වැඩිදුරටත් සඳහන් කර ඇත්තේ.

චටෝග්‍රෑම් මෙට්‍රොපොලිටන් පොලිසියේ නියෝජ්‍ය කොමසාරිස් අමිරුල් ඉස්ලාම් මාධ්‍ය වෙත පවසා ඇත්තේ, වැරදිකරුවන් වූ අයට එරෙහිව නිසි පියවර ගන්නා බවයි.
එමෙන්ම වගකිව යුතු ඕනෑම අයෙකු දඬුවම් පමුණුවන බවයි ඔහු වැඩිදුරටත් පවසා ඇත්තේ.

පොලිසියේ සිටි නයීම් සෙනසුරාදා අලුයම නිදහස්ව නිවසට පැමිණ ඇති අතර, ඔහුට සිදුවූ මෙම අමානුෂික සහ අසාධාරණ ක්‍රියාව සම්බන්ධයෙන් ප්‍රමුඛ බංග්ලාදේශ ක්‍රිකට් ක්‍රීඩකයින් ගණනාවක් ඔවුන්ගේ සමාජ මාධ්‍ය පිටුවල විරුද්ධත්වය පළකර තිබෙනවා.



අපගේ නවතම වීඩියෝ පුවත්
Video thumbnail
ඇමති නලින්ද අතින් විවෘත කළ අංග සම්පූර්ණව නිවස - රජය විදියට වැය කරන්නේ ජනතාවගේ බදු මුදල්
06:38
Video thumbnail
මම අවු:5ක් රට අරගෙන ගියේ ආණ්ඩුවත් විපක්ෂයත් නැතුව - මෛත්‍රිපාල රට පාලනය කළ අයුරු කියයි
04:42
Video thumbnail
සති ගණන් බලන් ඉන්න ඕනි නෑ පාර්සල් ලබාගන්න - පි පා ගමනින් ගිහින් ජනතාව දැනුවත් කරනවා
02:56
Video thumbnail
පපරේ බෑන්ඩ් ගගහා මොරටුව තැපැල් කාර්යාලයේ සේවකයෝ කරපු දේ - තැපැල් පෙට්ටිත් උස්සගෙන කරන වැඩේ
02:45
Video thumbnail
රෙස්ටූරන්ට් කෑම ගැන බෙල්ලන්විල ධම්මරතන හිමි කිව්ව අමුතු කතාව - "මමත් රෙස්ටූරන්ට් Sponsor කරන කෙනෙක්"
06:15
Video thumbnail
යන්න කියන්න අප්පේ මම දහදුක් විඳලා හම්බ කරගත්තේ - අලියා ඇවිත් වී ටිකට දුන්න සුද්දය
00:39
Video thumbnail
කුඩාඔය පොලිසියේ ස්ථානාධිපති නිල නිවස පොලිස්පති අතින් විවෘත කළ අයුරු
02:21
Video thumbnail
අධ්‍යාපන වෙනසක් කරනවා කියලා මෙලෝ දෙයක් නොකර කයිවාරු ගහනවා - බොරු කියනවා
08:07
Video thumbnail
බොහෝ ප්‍රදේශවලට ගිගුරුම් සහිත වැසි - මෙන්න කාලගුණයේ නවතම තතු
02:30
Video thumbnail
වේදිකාවේ සංවේදී වූ මෛත්‍රිපාල - "මම මගේ ආච්චිව දැකලත් නෑ අම්මව දැකලත් නෑ.."
11:26