බංග්ලාදේශය ලෝක කුසලානයෙන් ඉවතට විසිවීමේ අවදානමක

ලෝක කුසලාන පන්දුවාර 20 තරගාවලියේ ඊයේ පැවති තරගයෙන් බංග්ලාදේශය පරදා ජයගැනීමට ඉන්දීය කණ්ඩායම සමත් වුණා.

බංග්ලාදේශය පරදා ඉන්දීය කණ්ඩායම මෙම තරගය ජයගත්තේ ලකුණු 50කින්.

සුපිරි 08 දෙනාගේ වටයේ තරගයක් ලෙස ඇන්ටිගුවාහි දී පැවති මෙම තරගයේ පළමුව පන්දුවට පහර දුන් ඉන්දීය කණ්ඩායම නියමිත පන්දුවාර 20 තුළ කඩුලු 05ක් දැවී ලකුණු 196ක ලකුණු පුවරුවක් නිර්මාණය කළා.

එහිදී නොදැවුණු ඉනිමක් ක්‍රීඩා කළ හර්දික් පාණ්ඩ්‍යා පන්දු 27ක් තුළ අර්ධ ශතකයක් රැස්කරමින් ඉන්දීය ඉනිමේ වැඩිම ලකුණු ලාභියා බවට පත් වුණා.

විරාට් කෝලි සහ රිශාබ් පාන්ට් පිළිවෙලින් ලකුණු 37ක් හා 36ක් රැස්කළා.

පන්දු යැවීමේ දී රිෂාඩ් හොසේන් සහ ටැන්සිම් හසන් ඉන්දීය ඉනිමේ කඩුලු 02ක් බිඳ දැමීමට සමත් වුණා.

අනතුරුව ලකුණු 197ක ඉලක්කයක් හඹා ගිය බංග්ලාදේශ පිතිකරුවන්ට නියමිත පන්දුවාර 20 තුළ කඩුලු 08ක් දැවී රැස්කර ගත හැකි වූයේ ලකුණු 146ක් පමණයි.

බංග්ලාදේශ ඉනිම වෙනුවෙන් නායක නජ්මුල් හොසේන් ලකුණු 40ක් රැස්කළ අතර රිෂාඩ් හොසේන් පන්දු 10ක් තුළ වේගවත් ලකුණු 24ක් රැස් කළා.

පන්දු යැවීමේ දී කුල්දීප් යාදෙව් බංග්ලාදේශ ඉනිමේ කඩුලු 03ක් බිඳ දැමූ අතර, අර්ෂ්දීප් සිං සහ ජස්ප්‍රිත් බුම්රා බංග්ලාදේශ කඩුලු 02 බැඟින් බිඳ දැමුවා.

ඒ, අනුව ඉන්දීය කණ්ඩායම ලැබූ මෙම ජයග්‍රහණයත් සමඟ සුපිරි 08 වටයේ ඔවුන් සහභාගී වූ තරග 02කම ජයගෙන අවසන් පූර්ව වටයට පිවිසීමේ වැඩි බලාපොරොත්තු දල්වා තිබෙනවා.

එමෙන්ම සුපිරි 08 වටයේ සහභාගී වූ තරග 02කම පරාජය වී සිටින බංග්ලාදේශය මෙවර 20-20 ලෝක කුසලාන තරගාවලියෙන් එළියට විසිවීමේ වැඩි අවදානමකට ලක්ව සිටිනවා.

1 5
ඔබේ ප්‍රතිචාරය කුමක්ද ?
+1
2
+1
1
+1
15
+1
1
+1
1
+1
1
+1
1
Subscribe
Notify of
0 Comments
Oldest
Newest Most Voted


අපගේ නවතම වීඩියෝ පුවත්
Video thumbnail
ඩෙංගු නිසා ගම්පහ පාසල්වලට නිවාඩු දෙනවද..?
04:38
Video thumbnail
උසාවියට ආ හිටපු ඇමති කුමාර ජයකොඩි පිටව ගිය හැටි
01:33
Video thumbnail
මර්වින් සිල්වා, නවනීදන් පිල්ලේව කසාද බඳින්න සූදානම් කියලා කිව්වා - තානාපති හිනාවෙවී කියයි
02:17
Video thumbnail
අපි බලයේ හිටියා නම් මීට වඩා සහන දෙනවා
04:18
Video thumbnail
නාමල්ගේ උපදෙස් අපිට ඕනේ නෑ.. නාමල් කතාකරන්නේ මොන කටින් ද?
02:17
Video thumbnail
දිලිත් සෙනෙහසෙන් ආණ්ඩුවෙන් ඉල්ලපු දේ.. ආණ්ඩුව ලොකුවට වරද්දගෙන ඉන්නේ
08:49
Video thumbnail
මට මේ රජය යන්න කිව්වේ නෑ..මම කිසිම දේශපාලනයක් කරන්නේ නෑ - උදව් ඉල්ලුවොත් මම දෙනවා
03:34
Video thumbnail
3 වසර ළමයා කළ හිතාගන්නවත් බැරි වැඩේ ?ගුරුවරයාගෙන් චෝදනාවක්..අනාගත පරම්පරාව කොහෙටද මේ යන්නේ ?
02:59
Video thumbnail
විශ්වාසභංගවලට අපි බය නෑ - අධිකරණ ඇමති හරියට වගකීම ඉටුකරනවා
08:42
Video thumbnail
ශ්‍රී ලංකාවේ අමෙරිකානු තානාපති ධුරයෙන් සමුගත්ත මහින්ද සමරසිංහ -
05:49