බංග්ලාදේශය කඩුලු 06කින් පරදා ඉන්දියාවට ජය

2025 ශූරයින්ගේ කුසලානය යටතේ ඊයේ (20) පැවති දෙවැනි තරගයේ ජයග්‍රහණය ඉන්දියාව සතු වුණා.

ඒ ප්‍රතිවාදී බංග්ලාදේශය කඩුලු 06කින් පහසුවෙන් පරාජයට පත් කරමින්.

තරගය ඊයේ පස්වරු 2.30ට ඩුබායි හි දී ආරම්භ වූයේ කාසියේ වාසිය බංග්ලාදේශයට පිරිනමමින්.

ඒ අනුව පළමුව පන්දුවට පහරදීමේ අවස්ථාව තෝරාගැනීමටයි බංග්ලාදේශ නායක නජ්මුල් හොසේන් ෂැන්ටෝ තීරණය කළේ.

පන්දුවාර 50 අවසාන වීමට පන්දු දෙකක් පමණක් තිබියදී බංග්ලාදේශය සියල්ලන්ම ලකුණු 228කට දැවී ගියා.

බංග්ලාදේශ මුල් පෙළ පිතිකරුවන්ගේ බලය සුනුවිසුණු කළ ඉන්දීය පන්දු බලඇණිය මුල් පෙළ කඩුලු 04ම ලකුණු 30ක් වන විට අවසන් කර තිබුණා.

කෙසේවෙතත් ඉවසුම්කාරී අයුරින් පිතිකරණයේ නියැලෙමින් ජාත්‍යන්තර එක්දින පිටියේ සිය මංගල ශතකය ප්‍රබල ඉන්දියාවට එරෙහිව ලබාගන්නට Towhid Hridoy ඊයේ සමත් වීම ද විශේෂත්වයක්.

බිඳ වැටුණු ඉනිම පන්දු 118ක් වැය කරමින් හයේ පහර දෙකක් සහ හතරේ පහර හයක් සමගින් මෙම ශතකය තමන් නමින් ලියාගන්නට තවුහිද් සමත් වුණා.

ජැකර් අලි ලකුණු 68 යි.

කඩුලු බිඳ දැමීමේ දී කලකට පසු එක්දින සංචිතයට එක් වූ මොහොමඩ් ශාමි පීඩනාත්මක පන්දු යැවීමක නිරත වෙමින් ලකුණු 53කට කඩුලු 05ක් බිඳ හෙලුවා.

අක්සාර් පටෙල් කඩුලු 02ක් සහ හර්ෂිද් රානා කඩුලු 03ක් බිඳ හෙලීමට සමත් වුණා.

පිළිතුරු ඉනිම ලකුණු 229ක ජයග්‍රාහී ඉලක්කයක් හඹා ගිය ඉන්දීය කණ්ඩායම කඩුලු 04ක් බිඳ වැටී සිටියදී සිය ජයග්‍රහණයේ සීමාව පසුකර ගියා.

විශිෂ්ට ඉනිමක් ක්‍රීඩා කළ ශුබ්මන් ගිල් තරගයේ වීරයා බවට පත් වූයේ පන්දු 109ක දී නොදැවී ලබාගත් ලකුණු 101 හේතුවෙන්.

කේ.එල්. රාහුල් නොදැවී ලකුණු 41යි.

නායක ශර්මා ද ලකුණු 41ක් ලබාගත්තා.

චැම්පියන්ස් කුසලානය යටතේ පැවැත්වෙන තෙවැනි එක්දින තරගය අද (21) කරච්චි නුවරදී ඇෆ්ගනිස්තානය සහ දකුණු අප්‍රිකාව අතර පස්වරු 02.30ට ආරම්භ වනවා.



අපගේ නවතම වීඩියෝ පුවත්
Video thumbnail
මිනිස්සුන්ට ජරා කෑම කන්න දීපු අපායක් කොටුවෙයි
03:52
Video thumbnail
ඥානසාර හිමිව අධිකරණයට - ඇතුලට යන්න කළින් කිව්ව දේ මෙන්න
01:35
Video thumbnail
ජන අරගලය ව්‍යාපාරයේ විරෝධතා අතර අත්අඩංගුවට ගත් 6 දෙනා අධිකරණයට
01:35
Video thumbnail
වගකිව යුතු බලධාරීන්ගේ අවධානයට! රක්ෂිතයට කර්මාන්තශාලා අපද්‍රව්‍ය බැහැර කරයි
01:23
Video thumbnail
ගමේ මිනිස්සුම පාරට බැහැලා මුළු ගමටම දුන්න සුපිරි සුද්දය
01:05
Video thumbnail
අලියෙක් ආහාර සොයා වාහනය පැත්තට දුවගෙන එන හැටි
00:38
Video thumbnail
ඕලුගල ඉදිරියේ නිලධාරින් මෙහෙයුම කළ හැටි හෙළිකරයි
01:05
Video thumbnail
මෙරට මුහුදු සීමාවේ අනවසර ධීවර කටයුතු සිදු කළ ඉන්දීය ධීවරයින් පිරිස නාවික හමුදාවෙන් අල්ලගනී
00:25
Video thumbnail
කථානායකට එරෙහිව විපක්ෂයෙන් විශ්වාසභංගයක් ? කථානායක නිල නිවසේ පොත්පත් අතුරුදන්
03:58
Video thumbnail
අපේ ජනාධිපති එක්සත් ජාතීන්ගේ මහ සමුළුවට සහභාගි නොවුණ නිසාද අමෙරිකාව තර්ජනය කරන්නේ ?
04:52