spot_img
spot_img
spot_img
AFC Banner
Empty Ad
Empty Ad

බංග්ලාදේශයේ විශාල පිපිරීමක්

බංග්ලාදේශයේ ගිනිකොන දිග සිටකුන්ඩා ප්‍රදේශයේ පිහිටි බහාලුම් ගබඩා සංකීර්ණයක සිදුවූ පිපිරීමකින් පුද්ගලයින් 16 දෙනෙකු ජීවිතක්ෂයට පත්ව තිබෙනවා.

තවත් සියයකට වැඩි සංඛ්‍යාවක් මෙම පිපිරීමෙන් තුවාල ලබා ඇති බවයි වාර්තා වන්නේ.

විදෙස් මාධ්‍ය වාර්තා කරන්නේ මිය ගිය සංඛ්‍යාව තවත් ඉහළ යා හැකි බවයි.

අදාල බහාලුම් ගබඩාව තුළ ඇති වූ ගින්නක් මැඩපැවැත්වීම සඳහා ගිනි නිවන භටයන් කැඳවීමෙන් පසු මෙම පිපිරීම සිදුව ඇති බවයි වාර්තා වන්නේ.

ගින්නට හේතුව තවමත් අනාවරණය වී නොමැති අතර ගබඩාකර තිබූ බහාලුම්වල රසායනික ද්‍රව්‍ය ගබඩාකර තිබෙන්නට ඇති බවටයි සැකපල කරන්නේ.

පිපිරීම සිදුවූ ගබඩාව අසල පිහිටි ගොඩනැගිලි කිහිපයකට ද පිපිරීමෙන් හානි සිදුව ඇති අතර කිලෝමීටර් 04ක් පමණ ඈතට පිපිරීමේ බලපෑම දැනුනු බවයි වාර්තා වුණේ.

ඔබේ ප්‍රතිචාරය කුමක්ද ?
+1
0
+1
0
+1
0
+1
0
+1
0
+1
0
+1
1
Subscribe
Notify of
0 Comments
Inline Feedbacks
සියලු ප්‍රතිචාර බලන්න !

?