බංග්ලාදේශයේ විශාල පිපිරීමක්

බංග්ලාදේශයේ ගිනිකොන දිග සිටකුන්ඩා ප්‍රදේශයේ පිහිටි බහාලුම් ගබඩා සංකීර්ණයක සිදුවූ පිපිරීමකින් පුද්ගලයින් 16 දෙනෙකු ජීවිතක්ෂයට පත්ව තිබෙනවා.

තවත් සියයකට වැඩි සංඛ්‍යාවක් මෙම පිපිරීමෙන් තුවාල ලබා ඇති බවයි වාර්තා වන්නේ.

විදෙස් මාධ්‍ය වාර්තා කරන්නේ මිය ගිය සංඛ්‍යාව තවත් ඉහළ යා හැකි බවයි.

අදාල බහාලුම් ගබඩාව තුළ ඇති වූ ගින්නක් මැඩපැවැත්වීම සඳහා ගිනි නිවන භටයන් කැඳවීමෙන් පසු මෙම පිපිරීම සිදුව ඇති බවයි වාර්තා වන්නේ.

ගින්නට හේතුව තවමත් අනාවරණය වී නොමැති අතර ගබඩාකර තිබූ බහාලුම්වල රසායනික ද්‍රව්‍ය ගබඩාකර තිබෙන්නට ඇති බවටයි සැකපල කරන්නේ.

පිපිරීම සිදුවූ ගබඩාව අසල පිහිටි ගොඩනැගිලි කිහිපයකට ද පිපිරීමෙන් හානි සිදුව ඇති අතර කිලෝමීටර් 04ක් පමණ ඈතට පිපිරීමේ බලපෑම දැනුනු බවයි වාර්තා වුණේ.



අපගේ නවතම වීඩියෝ පුවත්
Video thumbnail
කොහොමද ලංගමයේ කෙරුවාව ?
01:44
Video thumbnail
හදිසියේම මහ මඟ ගිනිගත් තුන්සක රිය
00:57
Video thumbnail
මලාපවහන පද්ධති උතුරා යාම නිසා ගමක් ඇවිලෙයි
01:45
Video thumbnail
ලොකුද පොඩිද අදාළ නෑ..අපි පපුවෙන් ලොකුයි..ඒක මහා විශාලයි - රට වෙනුවෙන් කළ නොහැකි දෙයක් නෑ අපිට
03:31
Video thumbnail
ඛනිජ තෙල් බෙදුම්කරුවන් CPC සභාපති හමුවීමෙන් පසු හෙළිකල දේ - සාධාරණ නැත්තම් නැවත සාකච්ඡාවකට එනවා
03:30
Video thumbnail
හදිසියේම මහ මඟ ගිනිගත් තුන්සක රිය - දෙවියනේ..ලොකු ගින්නක්
01:14
Video thumbnail
පාරිභෝගිකයගේ පරිභෝජන රටාව අපිට බලපානවා - 1%ත් වඩා අඩුවෙන් විදුලියෙන් ධාවනය වන වාහන තියෙන්නේ
03:47
Video thumbnail
මලාපවහන පද්ධති උතුරා යාම නිසා ගමක් ඇවිලෙයි - එයාලා සීතල පුටුවල ඉන්නවා - අපි ජරාවේ ඉන්නවා
11:14
Video thumbnail
නුවරඑළිය තැපැල් කාර්යාලයේ ප්‍රතිසංස්කරණ කටයුතු සිදුවෙන අයුරු - නිරීක්ෂණයට ආණ්ඩුකාරවරයාත් පැමිණෙයි
02:56
Video thumbnail
ලංගම ටයර් ප්‍රසම්පාදනය සම්බන්ධයෙන් ප්‍රබල අනාවරණයක් - රු. ලක්ශ 430ක මූල්‍ය අක්‍රමිකතාවක් ?
02:46