Rajapura Handi Oil
Rajapura Diabetic Powder

බංග්ලාදේශයේ ප්‍රධාන ගුවන්තොටුපොළක විශාල ගින්නක්

බංග්ලාදේශයේ අගනගාරය වන ඩකා හි පිහිටි හස්රත් ෂාජලාල් ජාත්‍යන්තර ගුවන්තොටුපොළ තුළ ගින්නක් හටගෙන තිබෙනවා.

ගුවන්තොටුපළේ භාණ්ඩ ප්‍රවාහන අංශයේ මෙම දැවැන්ත ගින්න හටගෙන තිබෙනවා.

ඒ හේතුවෙන් එහි සියලුම ගුවන් ගමන් තාවකාලිකව නතර කර ඇති බව විදෙස් මාධ්‍ය වාර්තා කරන්නේ.

ගිනි නිවන දෙපාර්තමේන්තුවේ සහය ඇතිව එම ගින්න පාලනය කිරීමට කටයුතු යොදා තිබෙනවා.