බංග්ලාදේශය ඇවිලෙද්දී ඉන්දියානුවන් ඇතුළු විදෙස් සිසුන් පිරිසක් ආරක්ෂිත ව ඉන්දියාවට

රජයේ රැකියා කෝටා ක්‍රමයක් සම්බන්ධයෙන් මතු වූ අර්බුදකාරී තත්ත්වයක් මත බංග්ලාදේශයේ මේ වනවිට හටගෙන ඇති ප්‍රචණ්ඩ ක්‍රියා හේතුවෙන් මිය ගිය සංඛ්‍යාව තවත් ඉහළ ගොස් තිබෙනවා.

විදෙස් වාර්තාවල දැක්වෙන පරිදි මෙලෙස ජීවිතක්ෂයට පත්ව ඇති සංඛ්‍යාව 133ක් දක්වා ඉහළ ගොස් ඇති බවයි වාර්තා වන්නේ.

මේ අතර බංග්ලාදේශය පුරා පනවා ඇති ඇඳිරි නීතිය කඩ කරන අය සඳහා වෙඩි තැබීමට ද මේ වනවිට නියෝග ලබා දී තිබෙනවා.

ප්‍රචණ්ඩ ක්‍රියා සමඟ සිදු වූ මරණ සංඛ්‍යාව ඉහළ යාම සහ විරෝධතා පාලනය කිරීමට පොලිසියට නොහැකි වීමත් සමඟ බංග්ලාදේශ රජය පසුගිය සිකුරාදා දිනයේ දී ඇඳිරි නීතිය පැනවීමට කටයුතු කළා.

මේ අතර බංග්ලාදේශය තුළ රැඳී සිටි ඉන්දියානු සිසුන් 1,000 කට ආසන්න සංඛ්‍යාවක් යළි ඉන්දියාවට පැමිණ ඇති බව ඉන්දීය මාධ්‍ය වාර්තා කරනවා.

ඉන්දීය විදේශ කටයුතු අමාත්‍ය එස් ජයශංකර් පැවසුවේ බංග්ලාදේශයේ සිටින ඉන්දියානුවන්ගේ ආරක්ෂාව සහ යහපැවැත්ම සහතික කිරීම කෙරෙහි විදේශ අමාත්‍යාංශයේ පූර්ණ අවධානය යොමුව ඇති බවයි.

විරෝධතාවයේ නිරත සිසුන් ඉල්ලා සිටින්නේ 1971 දී පාකිස්තානයට එරෙහිව බංග්ලාදේශයේ නිදහස් සටනේ දී සටන් කළ ප්‍රවීණයන්ගේ ඥාතීන්ට රජයේ රැකියාවලින් 30% දක්වා වෙන් කරන කෝටා ක්‍රමයක් නතර කරන ලෙසයි.



අපගේ නවතම වීඩියෝ පුවත්
Video thumbnail
නාමල් බලන්න අධිකරණයට යන්න ගිය ලක්ෂ්මන් යාපාත් හරවා යවපු හැටි - පාඩුවේ එළියට එන හැටි
01:24
Video thumbnail
සජබ, එජාප, පොහොට්ටු එකතු වෙන්න ඕනි - ආණ්ඩුව දැන් අපිට බයවෙලා තියෙන්නේ
01:48
Video thumbnail
රනිල් එක්ක කතා කරපු දේ වජිර හෙළිකරයි - ආණ්ඩු කියන ඒවා එනවා වැටෙනවා
01:24
Video thumbnail
රනිල් තම පාක්ෂිකයින්ට උපදෙස් දෙයි - ලැයිස්තුවෙන් එන 100න් 25ක් කාන්තාවෝ වෙන්න ඕනි
05:12
Video thumbnail
එජාප කෘත්‍යාධිකාරි මණ්ඩලය හදිසියේම රැස්වෙයි - රනිල් ඇතුළු පාක්ෂිකයින් රැසක් එයි
02:21
Video thumbnail
නාමල් පුතා වෙනුවෙන් ආ මහප්පා...
00:23
Video thumbnail
රිමාන්ඩ් වුණ නාමල් ගැන සාගර එළියට ඇවිත් කිව්ව දේ - කිසිම තැනක නාමල්ගේ නම සටහන්වෙලා නෑ
01:11
Video thumbnail
“දිය ජනනි” පාවෙන සූර්ය විදුලි බලාගාරය ජනාධිපතිගේ ප්‍රධානත්වයෙන් විදුලිබල පද්ධතියට එක් කරයි
04:05
Video thumbnail
නාමල් සර්ට ජයවේවා කියලා අධිකරණය ඉදිරිපිට කෑගැසූ තරුණිය..
00:17
Video thumbnail
නාමල් වෙනුවෙන් කාන්තාවන් පෙරට - ඔහොම ඇතුල් කරලා කවදාවත් දිනන්න බෑ..අනුරගේ අවසානය ඔය
01:01