spot_img
spot_img
spot_img
AFC Banner
Empty Ad
Empty Ad

බංග්ලාදේශයට එරෙහි තරගය ජය ගත් ශ්‍රී ලංකා කණ්ඩායම පාකිස්ථානය බලා පිටත්ව යයි

ආසියානු කුසලාන ක්‍රිකට් තරගාවලියේ ඉතිරි තරගවලට සහභාගී වීම සඳහා ශ්‍රී ලංකා කණ්ඩායම අද පාකිස්ථානය බලා පිටත්ව ගොස් තිබෙනවා.

අප ගුවන්තොටුපළ වාර්තාකරු සඳහන් කළේ ක්‍රීඩකයින්, පුහුණුකරුවන්, නිලධාරීන් ඇතුළු 26 දෙනෙකුගෙන් යුතු පිරිසක් මෙම සංචාරය සඳහා එක් වී සිටි බවයි.

ඔවුන් අද පස්වරුවේ කටුනායක ගුවන් තොටුපොළෙන් පකිස්තානයේ ලාහෝර් නුවර බලා ශ්‍රී ලන්කන් ගුවන් සේවයේ UL- 141 දරන ගුවන් යානයෙන් පිටත්ව ගොස් තිබෙනවා.

ශ්‍රී ලංකාව සහ ඇෆ්ගනිස්තානය අතර තරගය එළඹෙන ලබන 5 වනදා පකිස්තානයේ ලාහෝර් නුවර ගඩාෆි ක්‍රීඩාංගණයේ දී පැවැත්වීමට නියමිතයි.

ඔබේ ප්‍රතිචාරය කුමක්ද ?
+1
4
+1
0
+1
2
+1
0
+1
2
+1
1
+1
2
Subscribe
Notify of
0 Comments
Inline Feedbacks
සියලු ප්‍රතිචාර බලන්න !

?