බංගලි වේගපන්දු යවන්නෝ ශ්‍රී ලංකා පිතිකරුවන් පෝලිමට ක්‍රීඩාගාරයට යවයි

ශ්‍රී ලංකාව සහ බංග්ලාදේශය අතර තරග දෙකකින් සමන්විත ටෙස්ට් තරගාවලියේ පළමු තරගය අද (22) සිල්හෙට් හිදී ආරම්භ වුණා.

තරගයේ කාසිය වාසිය දිනූ බංග්ලාදේශ නායක නජ්මුල් හොසේන් සැන්ටෝ තීරණය කළේ පළමුව පන්දුවට පහරදීමේ අවස්ථාව ශ්‍රී ලංකාවට ලබාදීමටයි.

සැන්ටෝ දෙවරක් නොසිතා ගත් එම තීරණයට උපරිම සාධාරණයක් ඉටු කරන්නට බංග්ලාදේශ වේගපන්දු යවන්නන් කටයුතු කළේ වේගපන්දු යවන්නන් උචිත සිල්හෙට් තණතීරුවේ සහාය ද උපරිම ලෙස ලබාගනිමින්.

ඒ, අනුව තරගයේ පළමු දිනය වූ අද දිනයේ දිවා ආහාරයට පෙර ශ්‍රී ලංකා පළමු ඉනිමේ කඩුලු 05ක් ලකුණු 57ක් තුළ බිඳ දමන්නට ඔවුන් සමත් වුණා.

දිවා ආහාරය සඳහා තරගය නතර කරනවිට ශ්‍රී ලංකා කණ්ඩායම කඩුලු 05ක් දැවී ලකුණු 92ක් ලබාගෙන ඉතා අසීරු අඩියක පසුවනවා.

නොදැවී කඩුල්ලේ රැඳී සිටින නායක ධනංජය ද සිල්වා ලකුණු 25ක් සහ කමිඳු මෙන්ඩිස් ලකුණු 11ක් රැස්කරගෙන සිටිනවා.

පන්දු යැවීමේ දී කලීඩ් අහමඩ් මේ වනවිට කඩුලු 03ක් බිඳදමා ඇති අතර, ෂෝරිෆුල් ඉස්ලාම් එක් කඩුල්ලක් දවාගත්තා.

2 15


අපගේ නවතම වීඩියෝ පුවත්
Video thumbnail
පාර්ලිමේන්තු සජීවි විකාශය - 2026.08.07
03:37:10
Video thumbnail
අධිකරණ ඇමතිගෙන් රැඳවියන්ගේ ඥාතීන්ට පණිවිඩයක් - ඉතා ඉක්මනින් රස පරීක්ෂණ වාර්තා දෙනවා
04:27
Video thumbnail
පල්ලන්සේන බන්ධනාගාරය ඥාතීන් ඇවිත් උණුසුම් තත්ත්වයක් - හිඟාකන්නද කියන්නේ ?එකෙක්වත් යන්න එපා
05:24
Video thumbnail
ගැම්මට අධිකරණයට පැමිණි චින මල්ලිට වෙච්ච දේ බලන්නකෝ - මොකක්ද ඒ බිමට වැටුණේ ?
01:19
Video thumbnail
ශිරාණි බණ්ඩාරනායක ගෙදර යවලා අවුරුදු දෙකෙන් මහින්ද ගෙදර ගියා - ග#න ගැ#ල්ලට ඉඩ දෙන්න එපා
15:40
Video thumbnail
පොහොට්ටුවේ මීනු ආණ්ඩුවට රිදෙන්න දෙයි - එක සද්දයයි ආවේ පාතාලයට බයවුණා
05:22
Video thumbnail
ටිල්වින් කිව්ව අමුතු කතාව - සදා මිස් මට වැඩිය කතා කරන්නේ නෑ..මැසේජ් තමයි එවන්නේ
04:41
Video thumbnail
අභියාචනාධිකරණ 9ක් කරන්න හදන්නේ - මේ රාජ්‍ය ඉවරයි - මම කැමති නෑ ඒකට
07:24
Video thumbnail
ඉස්සර හොරකම් කරපු හොරු වගේම දැන් හොරකම් කරපු හොරුත් ඉන්නවනේ - දැන් දාන්නේ පැලැස්තර..
14:52
Video thumbnail
පොලිසියට වෙට්ටු දදා තරගෙට බයික් එකේ ගිය තරුණයා
00:37