spot_img
spot_img
spot_img
AFC Banner
Empty Ad
Empty Ad

බංගලි වේගපන්දු යවන්නෝ ශ්‍රී ලංකා පිතිකරුවන් පෝලිමට ක්‍රීඩාගාරයට යවයි

ශ්‍රී ලංකාව සහ බංග්ලාදේශය අතර තරග දෙකකින් සමන්විත ටෙස්ට් තරගාවලියේ පළමු තරගය අද (22) සිල්හෙට් හිදී ආරම්භ වුණා.

තරගයේ කාසිය වාසිය දිනූ බංග්ලාදේශ නායක නජ්මුල් හොසේන් සැන්ටෝ තීරණය කළේ පළමුව පන්දුවට පහරදීමේ අවස්ථාව ශ්‍රී ලංකාවට ලබාදීමටයි.

සැන්ටෝ දෙවරක් නොසිතා ගත් එම තීරණයට උපරිම සාධාරණයක් ඉටු කරන්නට බංග්ලාදේශ වේගපන්දු යවන්නන් කටයුතු කළේ වේගපන්දු යවන්නන් උචිත සිල්හෙට් තණතීරුවේ සහාය ද උපරිම ලෙස ලබාගනිමින්.

ඒ, අනුව තරගයේ පළමු දිනය වූ අද දිනයේ දිවා ආහාරයට පෙර ශ්‍රී ලංකා පළමු ඉනිමේ කඩුලු 05ක් ලකුණු 57ක් තුළ බිඳ දමන්නට ඔවුන් සමත් වුණා.

දිවා ආහාරය සඳහා තරගය නතර කරනවිට ශ්‍රී ලංකා කණ්ඩායම කඩුලු 05ක් දැවී ලකුණු 92ක් ලබාගෙන ඉතා අසීරු අඩියක පසුවනවා.

නොදැවී කඩුල්ලේ රැඳී සිටින නායක ධනංජය ද සිල්වා ලකුණු 25ක් සහ කමිඳු මෙන්ඩිස් ලකුණු 11ක් රැස්කරගෙන සිටිනවා.

පන්දු යැවීමේ දී කලීඩ් අහමඩ් මේ වනවිට කඩුලු 03ක් බිඳදමා ඇති අතර, ෂෝරිෆුල් ඉස්ලාම් එක් කඩුල්ලක් දවාගත්තා.

2 15
ඔබේ ප්‍රතිචාරය කුමක්ද ?
+1
5
+1
1
+1
21
+1
2
+1
2
+1
2
+1
7
Subscribe
Notify of
0 Comments
Inline Feedbacks
සියලු ප්‍රතිචාර බලන්න !

?