බංගලියෝ ශ්‍රී ලංකාවට අභියෝගගත ඉලක්කයක් දෙයි

ශ්‍රී ලංකාව සහ බංග්ලාදේශය අතර දෙවන විස්සයි විස්ස තරගය චැටෝග්‍රෑම් හි සහුර් අහමඩ් චෞද්රි ක්‍රීඩාංගණයේ දී ක්‍රියාත්මකයි.

මෙම තරගයේ කාසිය වාසිය දිනූ ශ්‍රී ලංකා නායක කුසල් මෙන්ඩිස් දෙවරක් නොසිතාම තීරණය කළේ පළමුව පන්දුවට පහරදීමට බංග්ලාදේශ කණ්ඩායමට ආරාධනා කිරීමටයි.

එම ආරාධනයෙන් පළමුව පන්දුවට පහර දුන් බංග්ලාදේශය පන්දුවාර 50 තුළ කඩුලු 07ක් දැවී ලකුණු 286ක ලකුණු පුවරුවක් නිර්මාණය කිරීමට සමත් වුණා.

එහිදී ආරම්භක පිතිකරු ලිටන් දාස් මෙම තරගයේ දීත් ලකුණු බිංදුවට දවාගන්නට දිල්ෂාන් මදුසංක සමත් හැකියාව හිමිවුණා.

බංග්ලාදේශය ඉනිමේ වෙනුවෙන් සෞම්‍ය සර්කාර් වේගවත් ලකුණු 68ක් රැස්කළ අතර, නායක නජ්මුල් හොසේන් සන්ටෝ ලකුණු 40ක් රැස් කළා.

බංග්ලාදේශ ඉනිම ලකුණු සීමාවට රැගෙන යාමට අවසන් මොහොත තෙක් සටහන නිරත වූ තව්හිඩ් රිඩෝයි නොදැවී රැස්කළ ලකුණු සංඛ්‍යාව 96ක්.

පන්දු යැවීමේ දී සුපිරි පන්දු යැවීමක නිරත වූ වනිඳු හසරංග සිය පන්දුවාර 10 අවසන් කළේ ලකුණු 45කට බංග්ලාදේශ ප්‍රබල පිතිකරුවන් 04ක් දවාගනිමින්.

මේ අතර පළමු එක්දින තරගයේ දී වනිඳු හසරංගට එරෙහිව බංග්ලාදේශ පිතිකරුවන් දියත් කළ ප්‍රහාරය සම්බන්ධයෙන් බංග්ලාදේශ ප්‍රධාන පුහුණුකරු චන්දික හතරුසිංහ එම ක්‍රීඩකයින්ට ප්‍රශංසනාත්මකව කතා කළා.

ඊට අමතරව පන්දු යැවීමේදී දිල්ෂාන් මදුසංක කඩුලු 02ක් බිඳ දැමූ අතර, ඔහුට පදයේ ඇති වූ ආබාධයක් හේතුවෙන් පිටියෙන් ඉවත්වීමටයි සිදු වුණේ.

ඒ, අනුව ශ්‍රී ලංකාවට තීරණාත්මක මෙම තරග ජයගැනීමට පන්දු 300ක් තුළ ලකුණු 287ක ඉලක්කයක් හිමිව තිබෙනවා.



අපගේ නවතම වීඩියෝ පුවත්
Video thumbnail
ජනාධිපතිතුමාගේ වීඩියෝවක් පෙන්නලා සජිත් ආණ්ඩුවේ කට්ටියට සැරටම අමතයි
07:21
Video thumbnail
ආණ්ඩුවට කඩේ යන රන්ජන් රාමනායක එළියේ, ඥානසාර හාමුරුවෝ ඇතුලේ
01:57
Video thumbnail
අකුණු සන්නායකයක් නැතුව ඔයා එළියට බහින්න එපා - චාමර සම්පත් වසන්තට සැරටම දෙයි
10:40
Video thumbnail
ශිරන්ති රාජපක්ෂ ගුවන්තොටුපළෙන් එළියට එද්දි සහ අත්අඩංගුවට ගද්දි හිටපු හැටි
00:50
Video thumbnail
හිටපු අමාත්‍ය රෝහිත බෝගොල්ලාගම අල්ලස් කොමිසමේ අත්අඩංගුවට
00:53
Video thumbnail
ඥානසාර හිමිට නව සිවුරක්.. හාම්දුරුවනේ ඕක ඇඳගන්න
00:42
Video thumbnail
නාමල් ආණ්ඩුවට කට උත්තර නැතිවෙන්නම දෙයි
08:33
Video thumbnail
සෞඛ්‍ය ක්ෂේත්‍රයේ ගැටලු එකින් එක රාජිත හෙළිකරයි - අද නිදහස් සෞඛ්‍ය‍ය සේවයක් නෑ
12:48
Video thumbnail
මහා සංඝරත්නය ඥානසාර හිමිව අල්ලගනී - වැඩිකල් නෑ මේ ආණ්ඩුවට
03:31
Video thumbnail
අධිකරණයට ආපු ඥානසාර හිමි ඇඳුම ගැන කිව්ව දේ..
00:27