spot_img
spot_img
spot_img
AFC Banner
Empty Ad
Empty Ad

බංගලියෝ අන්ත අසරණයි – සිංහයෝ ජය පෙනෙන මානයේ

සංචාරක ශ්‍රී ලංකා කණ්ඩායම සහ බංග්ලාදේශය අතර පැවැත්වෙත තරග දෙකකින් සමන්විත ටෙස්ට් ක්‍රිකට් තරගාවලියේ දෙවැනි තරගයේ අවසන් දිනය මේ වනවිට ක්‍රියාත්මක වනවා.

දැවැන්ත ඉලක්කයක් හඹා යන බංග්ලාදේශ කණ්ඩායම දෙවන ඉනිමට ලකුණු 295ට කඩුලු 08ක් දැවී ඉතා අසීරු තත්ත්වයක පසුවනවා.

තරගයේ ප්‍රථමයෙන් පන්දුවට පහරදුන් ශ්‍රී ලංකා කණ්ඩායම සිය පළමු ඉනිම සඳහා සියල්ලන් දැවී ලකුණු 531 ක් ලබාගත්තා.

ඊට පිළිතුරු වශයෙන් බංග්ලාදේශ පිලට ලබාගත හැකි වූයේ සියලුදෙනා දැවී ලකුණු 178 ක් පමණයි.

අනතුරුව දෙවන ඉනිම ක්‍රීඩා කළ ශ්‍රී ලංකා කණ්ඩායමට එතරම් සාර්ථකත්වයකින් ක්‍රීඩා කිරීමට නොහැකි වූ අතර, ඔවුන් කඩුලු 07කට ලකුණු 157 ක් ලබා සිටියදී සිය දෙවන ඉනිම අත්හිටුවීමට තීරණය කළා.

ඒ අනුව මෙම තරගය ජයග්‍රහණය සදහා බංග්ලාදේශයට ලකුණු 512ක දැවැන්ත ඉලක්කයක් හිමි වුණා.

ඔබේ ප්‍රතිචාරය කුමක්ද ?
+1
0
+1
0
+1
0
+1
0
+1
0
+1
0
+1
0
Subscribe
Notify of
0 Comments
Inline Feedbacks
සියලු ප්‍රතිචාර බලන්න !

?