spot_img
spot_img
spot_img
AFC Banner
Empty Ad
Empty Ad

බංගලියන් සමඟ ටෙස්ට් තරගාවලියේ ජය ශ්‍රී ලංකාවට

සංචාරක ශ්‍රී ලංකා කණ්ඩායම සහ බංග්ලාදේශ අතර තරග දෙකකින් සමන්විත ටෙස්ට් තරගාවලිය තරග එකට බිංදුවක් ලෙස ජය ගන්නට ශ්‍රී ලංකා කණ්ඩායම අද (27) සමත් වුණා.

ඒ දෙරට අතර ඩකා හිදී පැවති දෙවන ටෙස්ට් තරගය කඩුලු දහයකින් ජය ගැනීමත් සමඟයි.

මේ අතර මෙම ජයග්‍රහණය ක්‍රිකට් වාර්තා පොත් අතරට එක් වුණේ ටෙස්ට් තරගයක ඕනෑම කණ්ඩායමකට ජයග්‍රහණය සඳහා දෙවන ඉනිමට ලබාගැනීමට තිබූ දෙවන අඩුම ලකුණු සංඛ්‍යාව ලෙසටයි.

මෙම තරගය ජයග්‍රහණ සඳහා ශ්‍රී ලංකා පිළට හිමවූ ඉලක්කය ලකුණු 29ක්.

දෙරට අතර නිමා වූ පළමු ටෙස්ට් තරගය අවසන් වුණේ ජය පරාජයෙන් තොරවයි.

මෙම තරගයේ දී ශ්‍රී ලංකා වේග පන්දු යවන ක්‍රීඩක අසිත ප්‍රනාන්දු කඩුලු 10ක් බිඳ දැමීමට සමත් වූ අතර මීට පෙර ටෙස්ට් තරගයක දී ශ්‍රී ලංකාව වෙනුවෙන් කඩුලු 10ක් බිඳ දැමූ වේග පන්දු යවන්නා බවට පත් වුණේ චමින්ද වාස් පමණයි.

ඒ අනුව ශ්‍රී ලංකාව වෙනුවෙන් ටෙස්ට් තරගයකදී කඩුලු 10ක් බිඳ දැමූ දෙවන වේග පන්දු යවන්නා බවට පත්වීමට අසිත ප්‍රනාන්දුට අද හැකියාව ලැබුණා.

අසිත ප්‍රනාන්දු මෙම තරගයේ දී ලකුණු 144කට කඩුලු 10ක් බිඳ දැමුවා.

ඔබේ ප්‍රතිචාරය කුමක්ද ?
+1
0
+1
0
+1
0
+1
0
+1
0
+1
0
+1
66
Subscribe
Notify of
0 Comments
Inline Feedbacks
සියලු ප්‍රතිචාර බලන්න !

?