බංගලියන් සමඟ ටෙස්ට් තරගාවලියේ ජය ශ්‍රී ලංකාවට

සංචාරක ශ්‍රී ලංකා කණ්ඩායම සහ බංග්ලාදේශ අතර තරග දෙකකින් සමන්විත ටෙස්ට් තරගාවලිය තරග එකට බිංදුවක් ලෙස ජය ගන්නට ශ්‍රී ලංකා කණ්ඩායම අද (27) සමත් වුණා.

ඒ දෙරට අතර ඩකා හිදී පැවති දෙවන ටෙස්ට් තරගය කඩුලු දහයකින් ජය ගැනීමත් සමඟයි.

මේ අතර මෙම ජයග්‍රහණය ක්‍රිකට් වාර්තා පොත් අතරට එක් වුණේ ටෙස්ට් තරගයක ඕනෑම කණ්ඩායමකට ජයග්‍රහණය සඳහා දෙවන ඉනිමට ලබාගැනීමට තිබූ දෙවන අඩුම ලකුණු සංඛ්‍යාව ලෙසටයි.

මෙම තරගය ජයග්‍රහණ සඳහා ශ්‍රී ලංකා පිළට හිමවූ ඉලක්කය ලකුණු 29ක්.

දෙරට අතර නිමා වූ පළමු ටෙස්ට් තරගය අවසන් වුණේ ජය පරාජයෙන් තොරවයි.

මෙම තරගයේ දී ශ්‍රී ලංකා වේග පන්දු යවන ක්‍රීඩක අසිත ප්‍රනාන්දු කඩුලු 10ක් බිඳ දැමීමට සමත් වූ අතර මීට පෙර ටෙස්ට් තරගයක දී ශ්‍රී ලංකාව වෙනුවෙන් කඩුලු 10ක් බිඳ දැමූ වේග පන්දු යවන්නා බවට පත් වුණේ චමින්ද වාස් පමණයි.

ඒ අනුව ශ්‍රී ලංකාව වෙනුවෙන් ටෙස්ට් තරගයකදී කඩුලු 10ක් බිඳ දැමූ දෙවන වේග පන්දු යවන්නා බවට පත්වීමට අසිත ප්‍රනාන්දුට අද හැකියාව ලැබුණා.

අසිත ප්‍රනාන්දු මෙම තරගයේ දී ලකුණු 144කට කඩුලු 10ක් බිඳ දැමුවා.

ඔබේ ප්‍රතිචාරය කුමක්ද ?
+1
0
+1
0
+1
0
+1
0
+1
0
+1
0
+1
66
Subscribe
Notify of
0 Comments
Oldest
Newest Most Voted


අපගේ නවතම වීඩියෝ පුවත්
Video thumbnail
ඩෙංගු රෝගය ගැන දැනගත යුතුම කරුණු මෙන්න - කම්පන තත්ත්වයට යන්න පුළුවන්
14:59
Video thumbnail
කටාර් හිටපු එමීර්වරයාගේ අභාවය වෙනුවෙන් කටාර් තානාපති කාර්යාලයට ගිය නි.ඇමති
01:56
Video thumbnail
මීගමු බන්ධනාගාර භූමියෙන් උණ්ඩ කොපු 271ක් හමුවෙයි..පසුදා වනතුරු බලය තිබුණේ රැඳවියන් සතුව - CID
05:33
Video thumbnail
කඩුවෙල බස්නැවතුම්පළ ඉදිරිපිට කාණුවේ මදුරු කීටයෝ පිරිලා - අවුරුදු ගාණක් තිස්සේ වතුර බහින්නේ නෑ
02:03
Video thumbnail
කටාර් හිටපු එමීර්වරයාගේ අභාවය වෙනුවෙන් දිලිත් ශෝකය පළ කරයි
01:14
Video thumbnail
ගොබ්බයෝ පුළුවන් නම් වරෙල්ලා - අපි අභියෝග කරනවා
02:40
Video thumbnail
බයික් එකක් ය#කරගෙන ගිය කාර් රථය නැවතුණු තැන
00:47
Video thumbnail
පාරම්පරික හෙළ වෛද්‍යවරුන් කොළඹ වටලයි
02:12
Video thumbnail
කොහොමද දිලිත්ගේ කාන්තා බලය
01:35
Video thumbnail
එන්න එන්නම දරුණු වෙන ඩෙංගුව ගැන විශේෂ හෙළිදරව්වක්
06:44