spot_img
spot_img
spot_img
AFC Banner
Empty Ad
Empty Ad

බංගලියන් පැරදූ සිංහයින් දිවයිනට (ඡායාරූප)

බංග්ලාදේශයේ සාර්ථක ක්‍රිකට් තරග සංචාරයකට පසුව ජයග්‍රාහී ශ්‍රී ලංකා ක්‍රිකට් කණ්ඩායම අද (04) දින පස්වරුවේ කටුනායක ගුවන් තොටුපොළ යලි මෙරටට පැමිණියා .

ඔවුන් ටෙස්ට් තරගාවලිය තරඟ 02 ට 0 ක් ලෙස ජයගත් අතර විස්සයි විස්ස තරගාවලිය තරග 02 – 01 ක් ලෙස ජය ගැනීමට ද සමත් වුණා.

ජයග්‍රාහී ශ්‍රී ලංකා ක්‍රිකට් කණ්ඩායම පස්වරු 04.45 ට බංග්ලාදේශයේ ඩකා නුවර සිට ශ්‍රී ලන්කන් ගුවන් සේවයේ යූ.එල්.- 190 දරන ගුවන් යානයෙන් කටුනායක ගුවන් තොටුපොළ වෙත පැමිණ බවයි අප වාර්තාකරු සදහන් කළේ.

එහිදී ශ්‍රී ලංකා ටෙස්ට් ක්‍රිකට් කණ්ඩායමේ නායක ධනංජය ද සිල්වා මාධ්‍ය වෙත අදහස් දක්වමින් කියා සිටියේ විදේශ තරග සංචාර වලදී එම රටේ කණ්ඩායම සමග කරට කර ගැටීම අපහසු උනත් , තමා ප්‍රමුඛ කණ්ඩායම හරි දේවල් හරි වෙලාවට කිරීම හේතුවෙන් මෙම තරගාවලිය ජය ගැනීමට හැකි වූ බවයි.

එසේම ඉදිරි එංගලන්ත තරග සංචාරය සාර්ථකව ජයග්‍රහණය කර ගැනීම සදහා ඉදිරි සැළසුම් සකස් කරමින් පුහුණුවීම් කිරීමට බලාපොරොත්තු වන බව ද ඔහු පැවසුවා.

20240404 180112 scaled
20240404 175330 scaled
20240404 175438 scaled
20240404 180347 scaled
20240404 175125 scaled
ඔබේ ප්‍රතිචාරය කුමක්ද ?
+1
0
+1
0
+1
0
+1
0
+1
0
+1
0
+1
0
Subscribe
Notify of
0 Comments
Inline Feedbacks
සියලු ප්‍රතිචාර බලන්න !

?