බංගලියන්ට දෙවන විස්සයි විස්සෙන් පහසු ජයක්

සංචාරක ශ්‍රී ලංකා කණ්ඩායම සමග පැවති දෙවන විස්සයි විස්ස තරගය ජය ගන්නට බංග්ලාදේශ කණ්ඩායම අද සමත් වුණා.

සිල්හෙට් හිදී පැවති මෙම තරගය බංග්ලාදේශය ජයග්‍රහණය කළේ කඩුලු 08කින්.

තරගයේ පළමුව පන්දුවට පහරදුන් ශ්‍රී ලංකාව නියමිත පන්දුවාර 20 තුළ කඩුලු 05ක් දැවී ලකුණු 165ක් රැස් කළා.

එහිදී ශ්‍රී ලංකා ඉනිම වෙනුවෙන් කුසල් මෙන්ඩිස් ලකුණු 36ක් සහ කමිදු මෙන්ඩිස් ලකුණු 37ක් රැස් කිරීමට සමත් වුණා.

නායක චරිත් අසලංක ලකුණු 28 රැස් කළා.

මේ අතර ශ්‍රී ලංකා ඉනිමේ හයවන කඩුල්ලට අර්ධ ශතක සම්බන්ධතාවක් ගොඩගගන්නට ඇන්ජලෝ මැතිව්ස් සහ දසුන් ශානකට හැකියාව ලැබුණා.

පන්දු යැවීමේ දී මෙහෙදි හසන්, සෞම්‍ය සකාර්, ටස්කින් අහමඩ් සහ මුස්ටර්ෆිසූර් රෙහෙමාන් එක් කඩුල්ල බැගින් බිද දැමුවා.

අනතුරුව පිළිතුරු ඉනිම ආරම්භ කළ බංග්ලාදේශය ආරම්භ පිතිකරුවන් යුගළයට සාර්ථක ආරම්භයක් ලබාදීමට කටයුතු කළා.

ඒ අනුව ලිටන් ඩාස් ලකුණු 36ක් සහ සෞම්‍ය සකාර් ලකුණු 26ක් රැස් කිරීමට සමත් වුණා.

ඔවුන් දෙදෙනාගේ දැවීයාමෙන් පසු පිටියේ එක් වූ තව්හිඩ් රිඩෝයි සහ නායක නජුමුල් සන්ටෝ බංග්ලාදේශ ජයග්‍රහණයට මාවත සකසා ගත්තා.

එහිදී රිඩෝයි ලකුණු 32ක් රැස්කළ අතර සන්ටෝ ලකුණු 53ක් රැස්කරමින් බංග්ලාදේශ ජයග්‍රහණයේ නියමුවා වුණා.

ඒ අනුව බංග්ලාදේශය පන්දුවාර 18යි පන්දු 01ක් තුළ කඩුලු 02ක් පමණක් දැවී ලකුණු 166ක ඉලක්කය පසුකර යමින් තරගය ජයගත්තා.

බංග්ලාදේශ ඉනිමේ වාර්තා වූ කඩුලු දෙකේම හිමිකරුවා බවට පත් වුණේ වේග පන්දු යවන ක්‍රීඩක මතීෂ පතිරණයි.

මෙම ජයග්‍රහණයත් සමග තරග තුනකින් සමන්විත විස්සයි විස්ස තරගාවලිය කණ්ඩායමේ දෙකම එක් තරග බැගින් ජයගෙන සම තත්ත්වයේ පසුවනවා.

ඔබේ ප්‍රතිචාරය කුමක්ද ?
+1
0
+1
2
+1
2
+1
0
+1
1
+1
2
+1
1
Subscribe
Notify of
0 Comments
Oldest
Newest Most Voted
Inline Feedbacks
සියලු ප්‍රතිචාර බලන්න !


අපගේ නවතම වීඩියෝ පුවත්
Video thumbnail
රියදුරුට නින්ද යාම නිසා සුඛෝපභෝගී වෑන් රථයක් අනතුරට..විදුලිි කණුවක් කඩාගෙන නැවතෙයි
01:17
Video thumbnail
උගන්ඩා කුමාරිට කට උත්තර නැතිවෙන්න තිස්සකුට්ටි අමතයි..ඩොලර් මිලියන 2.5 ගේන්න ඕනි නැද්ද?
03:14
Video thumbnail
කම්කරු දිනයෙත් කම්කරුවන් වැඩ.."අපේ තියෙන දුප්පත්කමනේ..ඊට වැඩිය දෙයක් නෑනේ"
02:13
Video thumbnail
NPPයට ජනතා ආකර්ෂණය අඩු වෙලාද ?..මුළු ලංකාවම රත්‍ර වර්ණයෙන් බබළනවා
04:39
Video thumbnail
සහකාර අධ්‍යක්ෂකගේ මරණය ගැන තිස්සකුට්ටිගෙන් ප්‍රබල හෙළිදරව්වක්..සාක්ෂි යට ගහන්න කරපු කුමන්ත්‍රණයක් ?
04:22
Video thumbnail
දේශීය ආදායම් දෙපාර්තමේන්තුවේ කළුතර ප්‍රා.කාර්යාලයේ ඇතිවූ හදිසි ගින්න
01:55
Video thumbnail
අභිරහසක් ඉතිරි කර පිළිස්සී එළොව ගිය වයෝවෘද්ධ කාන්තාව..
01:01
Video thumbnail
නාමල් ගිහින් හිටපු නගරාධිපති ජාලියෝට දුන්න සුපිරි Birthday Surprise එක..මචන් මටත් කේක් කෑල්ලක්
02:07
Video thumbnail
අවුරුදු උත්සවයට ගිය පිය පුතු ගමන රෝහලෙන් නතර වුණ හැටි..ත්‍රීවීල් එකක් දුම්රියක ගැටෙයි
01:05
Video thumbnail
රටේ ජාතික මූල්‍ය ආරක්ෂාව අනතුරේ..හිටිහැටියෙම මුදල් වාෂ්ප වෙන්න ඉඩ දෙන්න බෑ
08:06