බංකොලොත්භාවයෙන් රට ගොඩ ගැනීමට කළ යුතු දේ විපක්ෂ නායක කියයි (වීඩියෝ)

ජනාධිපතිවරයාට, අගමැතිවරයාට, රජයට ළං වූ පමණින් විශේෂ වරදාන වරප්‍රසාද ප්‍රතිලාභ ලැබූ යුගය අවසන් කළ යුතු බව විපක්ෂ නායක සජිත් ප්‍රේමදාස පවසනවා.

සම භූමියක් තුළ මෙරට ව්‍යාපාරවලට තරග කිරීමේ අවස්ථාව ලබා දෙනවා සේම වැඩ කරන ජනතාවත් මෙම ප්‍රගතියේ කොටස්කරුවන් විය යුතු බවයි ඔහු පෙන්වා දෙන්නේ.

දූෂණය වංචාව හොරකම තුරන් කළ යුතු අතර රට විනාශ කළ මංකොල්ල කන ලද දූෂිත කණ්ඩායම් සොරකම් කළ අරමුදල් නැවත රටට ලබා ගෙන එම හොරුන් නීතිය හමුවට ගෙන ආ යුතු බව විපක්ෂ නායකවරයා ප්‍රකාශ කළා.

අහිමි වූ සම්පත් රට වෙනුවෙන් ජනතාව වෙනුවෙන් නැවත ලබා ගැනීම සදහා නීති සම්පාදනය කළ යුතු බවයි ඔහු කියාසිටියේ.

විපක්ෂ නායකවරයා මේ බව කියා සිටියේ අද (17) ව්‍යාපාරිකයන් සමඟ පැවති හමුවකට එක්වෙමින්.

ධනවතුන් පමණක් නොව සාමාන්‍ය පුද්ගලයාටත් කොටස් වෙළෙඳපොළේ සුළු කොටස් හෝ අයිති විය යුතු ය යන සංකල්පය තමා විශ්වාස කරන බව ද ඔහු සඳහන් කරනවා.

ඒ තුළින් තරුණ ප්‍රජාව ආර්ථික ගමනේ කොටස්කරුවන් බවට පත් වන බැවින් එය අප රට තුළ ද ක්‍රියාත්මක විය යුතු අතර එලෙස ලබන ලාභයේ කොටසක් වැඩ කරන ජනතාවට හිමි විය යුතු බවයි විපක්ෂ නායකවරයා ප්‍රකාශ කළේ.

රටේ ඉදිරි ගමනට ප්‍රගතිය වෙනුවෙන් වැඩපොළේ කාර්මික සාමය සඳහා සඳහා රජය, අයිතිකරුවන්, වැඩ කරන ජනතාව යන පාර්ශ්ව 3ම එක හා සමාන ගමනක යා යුතු අතර මෙය එක් පාර්ශ්වයක ජයග්‍රහණයක් හා එක් පාර්ශ්වයකගේ පරාජයක් නොවිය යුතු බවත් සෑම පාර්ශ්වයක්ම ජයග්‍රහණය කළ යුතු බව විපක්ෂ නායකවරයා සඳහන් කරනවා.

මෙම ජයග්‍රහණය සදහා වැදගත් වන්නේ සමාජ ප්‍රජාතන්ත්‍රවාදී ගමන බවත් මානුෂිය ධනවාදය හරහා ධනය උත්පාදනය කරන ව්‍යවසායකත්වයට ව්‍යාපාරවලට කර්මාන්තවලට ලබා දෙන උපරිම සහයෝගය ලබා දෙන බවත් ඒ සදහා නිති රිති රෙගුලාසි සම්පාදනය කර දෙන නමුත් එසේ උත්පාදනය කරන ධනය බෙදී යාමේදී අසමතුලිතතාවක් ඇති නොවිය යුතු බවත් එම ධන උත්පාදනය ක්‍රමය මානුෂිය විය යුතු බවත් විපක්ෂ නායකවරයා මෙහි දී අවධාරණය කළේය.

තවද පොහොසතා පමණක් ශක්තිමත් විය යුතුය යන ප්‍රතිපත්තියක තමා පිහිටා නොමැති බවත් එවැනි ප්‍රතිපත්ති ඇති පිරිස නිසා සුපිරි ධනවතුන්ට බිලියන 600ක් 700ත් අතර බදු සහන ලබා දී රටේ රාජ්‍ය ආදායම දළ දේශීය නිෂ්පාදිතයේ ප්‍රතිශතයක් ලෙස සියයට 12 සිට 8 දක්වා අඩු කිරීම නිසා රට බංකොලොත් වූ බවත් මේ ක්‍රමය වෙනස් විය යුතු බවත් විපක්ෂ නායක සජිත් ප්‍රේමදාස මහතා පැවසීය.

මේ රටට අවශ්‍ය වී ඇත්තේ මානුෂිය ධනවාදය, සමාජ වෙලෙදපොළ ආර්ථිකය හා සමාජ ප්‍රජාතන්ත්‍රවාදී ක්‍රමවේදය බවත් ඒ තුළින් මෙරට ව්‍යවසායකත්වය දිරිමත් කර කර්මාන්ත නිෂ්පාදන ක්‍රියාවලිය ශක්තිමත් කිරීම කර ධනය උත්පාදනය කළ යුතු බවත් එසේ උත්පාදනය කරන ධනය සීමාසහිත රාජ්‍ය මැදිහත්වීම තුළ ධනවාදයේ ඇති ඌනතා මගහරවා සම්පත් බෙදී යාම සාධාරණව මානුෂීයව සිදු කළ යුතු බවත් විපක්ෂ නායකවරයා මෙහි දී අවධාරණය කළේය.

මේ සංකල්පය තුළ හාම්පුතුන්, අයිතිකරුවන් හා වැඩ කරන ප්‍රජාව අතර මනා සබදතාවක් ඇති විය යුතු බවත් ඒ තුළ කාර්මික සාමය ඇති කළ යුතු බවත් ඒ තුළ ක්ෂුද්‍ර, කුඩා, මධ්‍ය හා මහා පරිමාණ ව්‍යාපාරිකයන්ට සිය කුසලතා මත දියුණු වීමට අවශ්‍ය සමාන පරිසරයක් නිර්මාණය කරන බවත් මෙතෙක් කල් ක්‍රියාත්මක වූ ගජමිතුරු ධනවාදය හරහා එවැනි සම බිමක් නිර්මාණය නොවන බවත් විපක්ෂ නායක සජිත් ප්‍රේමදාස මහතා මෙහි දී අවධාරණය කළේය.

එමෙන් ම මෙවැනි සංවාද සිදු කළ යුත්තේ රටේ ජනාධිපති, අගමැති හෝ කම්කරු ඇමති වුවත් වර්තමානයේ එය සිදු කරන්නේ විපක්ෂය බවත් විපක්ෂය විසින් වත්මන් බංකොලොත්භාවයෙන් රට මුදවා ගැනීම සඳහා වැඩ කරන ජනතාව සහ ව්‍යාපාරිකයන් එක්ව වැඩසටහනක් සකස් කර ඇති බවත් ඒ තුළින් ලොව පිළිගන්නා ආයෝජන කේන්ද්‍රස්ථානයක් බවට රට පත් කරන බවත් විපක්ෂ නායකවරයා මෙහි දී පැවසීය.

සමගි ජන බලවේගය කටයුතු කරන්නේ යල්පැනගිය රාමුවක් තුල නොව අනාගත දැක්මක් සහිත ජනතාවාදී ජනහිතකාමී ව්‍යාපාර හිතෛශී හා කම්කරු හිතෛශී ගමනක් බවත් ඒ සදහා සහාය ලබා දෙන ලෙසත් ඊලග අවස්ථාවේ ව්‍යාපාර හිමියන් හා කම්කරු ප්‍රජාව එකිනෙකට හමුවන සාකච්ඡා මණ්ඩපයක් ක්‍රියාත්මක කරන බවත් විපක්ෂ නායකවරයා මෙහි දී පැවසීය.



අපගේ නවතම වීඩියෝ පුවත්
Video thumbnail
'අපේ ආණ්ඩුව' 'වසර දෙකයි - රටට සුබයි' | ගොවි රැලිය
00:00
Video thumbnail
කොත්තමල්ලි බීලා අපි උඹලව එළවනවා
02:05
Video thumbnail
පොහොට්ටුවේ ‍රැළියට වසන්ත රිදෙන්නම දෙයි - සුන්බුන් දැන් දූවිලි කරපු රැළිය අපි පෙන්නුවා
27:26
Video thumbnail
මාව ම#පල්ලා.. අර්චුනාට යකා ආවේශ වෙයි
04:39
Video thumbnail
ජනපති වේදිකාවට නැගලා පෙර ආණ්ඩුවලට දෙදරන්න දෙයි - අටමගලක් ගෙනත් කෘෂිකර්මාන්තයම විනාශ කළා
09:13
Video thumbnail
අර්චුනාගේ කතාවෙන් මහින්ද පුදුම වෙයි
02:29
Video thumbnail
ආණ්ඩුවට අවුරුදු 2යි, රටටම සාපයක් වෙලා - නිදාගෙන හිටපු සිංහයාව ඇහැරෙව්වා
16:21
Video thumbnail
මහා සමුදුර ශක්තිමත්ව තියෙනකල් NPP ආණ්ඩුව හොල්ලන්න බෑ - ඔබේ දහඩිය සුවඳ දැනෙන මිනිස්සු මේ
15:58
Video thumbnail
පොළොන්නරුවම හොල්ලමින් ජනපති අනුර ගැම්මට වේදිකාවට එයි - මිනිස්සු හතරවටින් ප්‍රීති ඝෝෂා නගයි
01:43
Video thumbnail
පුතා හිරේ, තාත්තා තවමත් ගේමේ - මුහුණට මුහුණ සටනට එන්න
01:15