ඵලදායී රාජ්‍ය සේවයක් වෙනුවෙන් නව ඒකකයක්

ඵලදායී රාජ්‍ය සේවයක් සැපයීම සඳහා සියලුම රාජ්‍ය ආයතනවල අභ්‍යන්තර කටයුතු ඒකකයක් පිහිටුවීමට තීරණය කර තිබෙනවා.

ජනාධිපති ලේකම් ආචාර්ය එන්.එස්.කුමානායක මහතා විසින් ඊට අදාළ චක්‍රලේඛය නිකුත් කර ඇති බව වාර්තා වන්නේ.

රාජ්‍ය ආයතනය තුළ දූෂණය වැළැක්වීම සහ සුපිලිපන්න සංස්කෘතියක් වර්ධනය කිරීම, විනිවිදභාවය සහ වගවීම සහතික කිරීම, සාදාචාරාත්මක පාලනයක් ප්‍රවර්ධනය කිරීම, අල්ලස් හෝ දූෂණ චෝදනා විමර්ශන කොමිෂන් සභාව සමග සහයෝගයෙන් නීතිය බලාත්මක කිරීමට සහය වීම මෙම ඒකකය පිහිටුවීමේ මුලික අරමුණ වී තිබෙනවා.

සියලුම රජයේ ආයතනවල විශේෂ ඒකකයක් ලෙස අභ්‍යන්තර කටයුතු ඒකකය පිහිටුවීම සිදුවිය යුතු අතර මූලික පියවර වශයෙන් සියලුම කැබිනට් අමාත්‍යාංශ, පළාත් ප්‍රධාන ලේකම් කාර්යාල සහ දිස්ත්‍රික් ලේකම් කාර්යාලවල ස්ථාපිත කළ යුතු බව ජනාධිපති ලේකම්වරයා දැනුම්දී ඇති බවයි පැවසෙන්නේ.

මෙම අභ්‍යන්තර කටයුතු ඒකක පිහිටුවීම සම්බන්ධයෙන් අමාත්‍යාංශ ලේකම්වරුන් පළාත් ප්‍රධාන ලේකම්වරුන්, දිස්ත්‍රික් ලේකම්වරුන් වෙත ජනාධිපති ලේකම්වරයා විසින් ලිඛිතව දැනුම්දීමක් ද සිදුකර ඇති බව සඳහන්.



අපගේ නවතම වීඩියෝ පුවත්
Video thumbnail
තුන්සක රියක් සුඛෝපභෝගී රියක ගැටි බිහිසුණු අනතුරක් - "දඩාන් ගාලා වැදුණා..රවුම් තුනක් පෙරලිලා ගියා"
02:15
Video thumbnail
ජීවන බර දරාගන්න බැරුව පාරට බැස්ස කට්ටිය ආණ්ඩුවට සැරටම අමතයි
02:11
Video thumbnail
සජබ මන්ත්‍රීලා එක්ක දිවුලපිටියයේ වැඩිහිටියන් ගත්ත Fun එක - හරි සතුටින් Dance කරන හැටි
03:45
Video thumbnail
පොහොට්ටුවේ ප්‍රබලයෝ රැසක් හොරණ දී රැස්වෙයි
00:47
Video thumbnail
මිණිබිරිය අමතක නොකළ හිටපු ජනපති මෛත්‍රිපාල ආභරණ ගත් හැටි - "කවදාවත් වෙච්ච නැති ඒවා තමයි වෙන්නේ"
01:34
Video thumbnail
අපිට හිටපු ජනාධිපතිවරුත් එකයි, ගමේ ඉන්නේ සිරිපාලත් එකයි
04:03
Video thumbnail
"රනිල්ගෙයි, සජිත්ගෙයි වැරදි නිසා තමයි අපි අද දුක් විදින්නේ" - මන්ත්‍රීලා ඉදිරියේ දැඩි චෝදනා
01:26
Video thumbnail
මත්ද්‍රව්‍ය ජාවාරම්කාරයන්ට ම#ණ දණ්ඩනයට අත්සන් කළ එකම රාජ්‍ය නායකයා මම
06:16
Video thumbnail
ඇමති නලින්ද අතින් විවෘත කළ අංග සම්පූර්ණව නිවස - රජය විදියට වැය කරන්නේ ජනතාවගේ බදු මුදල්
06:38
Video thumbnail
මම අවු:5ක් රට අරගෙන ගියේ ආණ්ඩුවත් විපක්ෂයත් නැතුව - මෛත්‍රිපාල රට පාලනය කළ අයුරු කියයි
04:42