පෞද්ගලික සරසවියක සිසුවෙක් පැහැර ගැනීමේ සිද්ධියේ තොරතුරු එළියට (වීඩියෝ)

පෞද්ගලික විශ්ව විද්‍යාලයක උපාධිය හැදෑරූ 18 හැවිරිදි සිසුවෙකු පැහැර ගැනීමේ සිද්ධියක් සම්බන්ධයෙන් තවත් පෞද්ගලික විශ්වවිද්‍යාලයක අධ්‍යාපනය ලබන සිසුන් තුන් දෙනෙකු කොහුවල පොලිසිය විසින් අත්අඩංගුවට ගෙන තිබෙනවා.

ඔවුන් මෙම සිසුවා පැහැරගෙන ගොස් තිබුණේ සිසුවාගේ පියාට අයත් ඉඩමක් සහ මෝටර් රථය බලහත්කාරයෙන් ඔවුන්ගේ නමට පවරා ගැනීම සදහායි.

පෞද්ගලික විශ්ව විද්‍යාලයක අධ්‍යාපනය හදාරන සිසුවෙක් පසුගිය 4 වැනිදා සිය පියා කටුනායක ජාත්‍යන්තර ගුවන්තොටුපළ වෙත ඇරලවා කලුබෝවිල ආසිරි මාවතේ සිය නිවසට පැමිණ තිබෙනවා.

ඉන්පසු නැවතත් නිවසින් පිටව යන අවස්ථාවේදී සිසුවා පැහැර ගැනීමට ලක් වන්නේ දෙහිවල නගර සභාව ආසන්නයේදීයි.

වෑන් රථයකින් පැමිණ මඟ හරස් කර, ඉන් බැස ආ තරුණයන් හතර දෙනෙකු සිසුවා මෝටර් රථයෙන් වෑන් රථයට නංවාගෙන පැහැරගෙන ගොස් ඇති බව විමර්ශනවලදී අනාවරණ වුණා.

එම පිරිස කළුබෝවිල රෝහල ආසන්නයේදී වෑන් රථය අසල නිවසක නවතා පැහැර ගත් මෝටර් රථයට යළිත් සිසුවා නංවාගෙන මාතලේ ප්‍රදේශයේ නිවසකට රැගෙන ගොස් තිබෙනවා.

පොලිස් විමර්ශනවලදී අනාවරණය වී ඇත්තේ පැහැර ගැණුනු සිසුවාගේ පියාට අයත් තිහාරියේ පිහිටි ඉඩමක් සහ පැහැරගත් මෝටර් රථය තමන්ට පවරාදෙන ලෙස එම පිරිස තර්ජනය කර ඇති බවයි.

මෙහිදී පැහැර ගැනීමට ලක් වූ සිසුවා සූක්ෂම අයුරින් දුරකථන මාර්ගයෙන් සිය මව දැනුවත් කිරීමට පියවර ගෙන ඇති අතර, ඒ අනුව සිසුවාගේ මව කොහුවල පොලිසියට සිද්ධිය සම්බන්ධයෙන් පැමිණිලි කර තිබෙනවා.

එම අවස්ථාවේදී ක්‍රියාත්මක වූ කොහුවල පොලීසියේ නිලධාරීන් සිද්ධියට සම්බන්ධ බව පැවසෙන සැකකාර ප්‍රධාන සිසුවාගේ පියා පොලිස් ස්ථානය වෙත කැඳවාගෙන විත් ඔහු ලවා එම සිසුන්ට දුරකථන ඇමතුමක් ලබාදී උපක්‍රමශීලීව කොහුවල ප්‍රදේශයට ගෙන්වා ගැනීමටයි කටයුතු කර ඇත්තේ.

අනතුරුව එම සිසුන් අත්අඩංගුවට ගෙන ඇති අතර, එහිදී අනාවරණ කරගෙන ඇත්තේ පැහැරගැනීමට ලක්වූ සිසුවාගේ පියා සහ පැහැර ගැනීම සිදුකළ කණ්ඩායමේ ප්‍රධාන සැකකරුගේ පියා මීට වසර කිහිපයකට ඉහතදී සිදුකළ හවුල් ව්‍යාපාර කටයුත්තකදී ඇතිවූ මුදල් ආරවුලක් මත මෙම පැහැර ගැනීම සිදුකර ඇති බවයි.

සිද්ධියට සම්බන්ධ තවත් සැකකරුවෙකු අත්අඩංගුවට ගැනීමට විමර්ශන ක්‍රියාත්මකයි.

පැහැර ගැනුණු සිසුවා මේ වනවිට කළුබෝවිල ශික්ෂණ රෝහලේ ප්‍රතිකාර ලබන අතර, පැහැරගත් මෝටර් රථය සහ සැකකරුවන් පැමිණි වෑන් රථයද මේ වනවිට පොලිස් භාරයට ගෙන තිබෙනවා.



අපගේ නවතම වීඩියෝ පුවත්
Video thumbnail
අපි මෙට්‍රෝ බස් ගේනකොට සමහර අයට හරිම වේදනයි - පරිවර්තනය කරද්දි කිසියම් විරෝධයක් එන්න පුළුවන්
03:51
Video thumbnail
අධිකරණයට ආ යෝෂිත රාජපක්ෂ
01:11
Video thumbnail
විදුලි සේවකයින්ට විදුලි සැර වැ# අනතුරක්
01:56
Video thumbnail
බිරිඳට ජීවිතාන්තයට හිරේ යන්න වීම නිසා සැමියා අධිකරණයේ යකා නටයි
01:13
Video thumbnail
කොහොමද ලංගමයේ කෙරුවාව ?
01:44
Video thumbnail
හදිසියේම මහ මඟ ගිනිගත් තුන්සක රිය
00:57
Video thumbnail
මලාපවහන පද්ධති උතුරා යාම නිසා ගමක් ඇවිලෙයි
01:45
Video thumbnail
ලොකුද පොඩිද අදාළ නෑ..අපි පපුවෙන් ලොකුයි..ඒක මහා විශාලයි - රට වෙනුවෙන් කළ නොහැකි දෙයක් නෑ අපිට
03:31
Video thumbnail
ඛනිජ තෙල් බෙදුම්කරුවන් CPC සභාපති හමුවීමෙන් පසු හෙළිකල දේ - සාධාරණ නැත්තම් නැවත සාකච්ඡාවකට එනවා
03:30
Video thumbnail
හදිසියේම මහ මඟ ගිනිගත් තුන්සක රිය - දෙවියනේ..ලොකු ගින්නක්
01:14