spot_img
spot_img
spot_img
AFC Banner
Empty Ad
Empty Ad

පෞද්ගලික බස් රථවල වැරදි කියන්න දුරකථන අංකයක්

බස්නාහිර පළාත තුළ ධාවනය වන පෞද්ගලික බස් රථ විසින් සිදුකරනු ලබන වැරදි සම්බන්ධයෙන් පැමිණිලි කිරීමට දුරකථන අංකයක් හඳුන්වා දී තිබෙනවා.

මෙම දුරකථන අංකය හඳුන්වාදීම බස්නාහිර මාර්ගස්ථ මගී ප්‍රවාහන අධිකාරියේ සභාපතිවරයාගේ ප්‍රධානත්වයෙන් අද (18) සිදුකෙරුණා.

ඒ, අනුව අදාළ දුරකථන අංකය ප්‍රදර්ශනය කෙරෙන ස්ටිකරයක් පෞද්ගලික බස් රථවල ඇලවීම ද ඊට සමගාමීව සිදුකළ බවයි අප වාර්තාකරු සඳහන් කළේ.

බස්නාහිර පළාත තුළ ධාවනය වන පෞද්ගලික බස් රථ විසින් සිදුකරනු ලබන වැරදි සම්බන්ධයෙන් 0112 860860 යන දුරකථන අංකය අමතා මගී ජනතාවට පැමිණිලි කිරීමේ හැකියාව පවතිනවා.

ඊට අමතරව 076 0450860 යන දුරකථන අංකයට ද පැමිණිලි කිරීමට මගී ජනතාවට අවස්ථාව හිමිවන බවයි බස්නාහිර පළාත් මාර්ගස්ථ මගී ප්‍රවාහන අධිකාරිය සඳහන් කළේ.

ඒ, අනුව පෞද්ගලික බස් රථ අතර මඟ නතර කරගෙන සිටින්නේ නම්, ඉතා සෙමින් ධාවනය කරන්නේ නම්, අනතුරුදායක ලෙස ධාවනය කරන්නේ නම්, ගාස්තු වැඩිපුර අය කරන්නේ නම්, ප්‍රවේශ පත්‍ර නිකුත් නොකරන්නේ නම් හෝ රියදුරු – කොන්දොස්තර වැරදි ක්‍රියාවක යෙදෙන්නේ නම් අදාළ දුරකථන අංක අමතා පැමිණිලි කිරීමේ අවස්ථාව මගී ජනතාවට මේ වනවිට පවතිනවා.

02 1
ඔබේ ප්‍රතිචාරය කුමක්ද ?
+1
10
+1
0
+1
24
+1
5
+1
2
+1
3
+1
3
Subscribe
Notify of
1 Comment
Oldest
Newest Most Voted
Inline Feedbacks
සියලු ප්‍රතිචාර බලන්න !

?