පෞද්ගලික බස් රථවල වැරදි කියන්න දුරකථන අංකයක්

බස්නාහිර පළාත තුළ ධාවනය වන පෞද්ගලික බස් රථ විසින් සිදුකරනු ලබන වැරදි සම්බන්ධයෙන් පැමිණිලි කිරීමට දුරකථන අංකයක් හඳුන්වා දී තිබෙනවා.

මෙම දුරකථන අංකය හඳුන්වාදීම බස්නාහිර මාර්ගස්ථ මගී ප්‍රවාහන අධිකාරියේ සභාපතිවරයාගේ ප්‍රධානත්වයෙන් අද (18) සිදුකෙරුණා.

ඒ, අනුව අදාළ දුරකථන අංකය ප්‍රදර්ශනය කෙරෙන ස්ටිකරයක් පෞද්ගලික බස් රථවල ඇලවීම ද ඊට සමගාමීව සිදුකළ බවයි අප වාර්තාකරු සඳහන් කළේ.

බස්නාහිර පළාත තුළ ධාවනය වන පෞද්ගලික බස් රථ විසින් සිදුකරනු ලබන වැරදි සම්බන්ධයෙන් 0112 860860 යන දුරකථන අංකය අමතා මගී ජනතාවට පැමිණිලි කිරීමේ හැකියාව පවතිනවා.

ඊට අමතරව 076 0450860 යන දුරකථන අංකයට ද පැමිණිලි කිරීමට මගී ජනතාවට අවස්ථාව හිමිවන බවයි බස්නාහිර පළාත් මාර්ගස්ථ මගී ප්‍රවාහන අධිකාරිය සඳහන් කළේ.

ඒ, අනුව පෞද්ගලික බස් රථ අතර මඟ නතර කරගෙන සිටින්නේ නම්, ඉතා සෙමින් ධාවනය කරන්නේ නම්, අනතුරුදායක ලෙස ධාවනය කරන්නේ නම්, ගාස්තු වැඩිපුර අය කරන්නේ නම්, ප්‍රවේශ පත්‍ර නිකුත් නොකරන්නේ නම් හෝ රියදුරු – කොන්දොස්තර වැරදි ක්‍රියාවක යෙදෙන්නේ නම් අදාළ දුරකථන අංක අමතා පැමිණිලි කිරීමේ අවස්ථාව මගී ජනතාවට මේ වනවිට පවතිනවා.

02 1


අපගේ නවතම වීඩියෝ පුවත්
Video thumbnail
2027 අයවැයෙන් ජනතාවගේ බදු බර ඉවත් කළ යුතුයි
07:28
Video thumbnail
විපක්ෂ නායක සජිතුත් පොත් ප්‍රදර්ශනයට යයි
00:51
Video thumbnail
පොලිස් නිලධාරින් දැනුම දියුණු කරගෙන නෑ - එහෙම වුණාම අපි හෑල්ලුවට පත් වෙනවා
04:42
Video thumbnail
බුත්තල පොලිස් ස්ථානාධිපති නිල නිවස පොලිස්පතිගේ අතින් විවෘත කරයි
01:01
Video thumbnail
පාර්ලිමේන්තුවේ එහා පැත්තේ ඉදලා මෙහා පැත්තට බෝලේ යවන්න ඕනි නෑ - මාව හමුවෙන්න පුළුවන්..
05:15
Video thumbnail
තුන්සක රියක් සුඛෝපභෝගී රියක ගැටි බිහිසුණු අනතුරක් - "දඩාන් ගාලා වැදුණා..රවුම් තුනක් පෙරලිලා ගියා"
02:15
Video thumbnail
ජීවන බර දරාගන්න බැරුව පාරට බැස්ස කට්ටිය ආණ්ඩුවට සැරටම අමතයි
02:11
Video thumbnail
සජබ මන්ත්‍රීලා එක්ක දිවුලපිටියයේ වැඩිහිටියන් ගත්ත Fun එක - හරි සතුටින් Dance කරන හැටි
03:45
Video thumbnail
පොහොට්ටුවේ ප්‍රබලයෝ රැසක් හොරණ දී රැස්වෙයි
00:47
Video thumbnail
මිණිබිරිය අමතක නොකළ හිටපු ජනපති මෛත්‍රිපාල ආභරණ ගත් හැටි - "කවදාවත් වෙච්ච නැති ඒවා තමයි වෙන්නේ"
01:34