spot_img
spot_img
spot_img
AFC Banner
Empty Ad
Empty Ad

පෞද්ගලික බස් ධාවනය හෙට සිට සීමාවන ලකුණු

ඛනිජ නීතිගත සංස්ථාව මඟින් ඩීසල් ලබාදීම සීමා කිරීමත් සමඟ බස් ධාවනය හෙට (06) දිනයේ සිට සීමාවන බව ලංකා පෞද්ගලික බස් රථ හිමියන්ගේ සංගමයේ සභාපති ගැමුණු විජේරත්න සඳහන් කරනවා.

ඒ, අනුව කොළඹ, යාපනය, කුරුණෑගල, කළුතර සහ මහනුවර යන දිස්ත්‍රික්කවල පමණක් හෙට (06) දිනයේ දී බස් රථ ධාවනය අර්ධ වශයෙන් සිදුකරන බවයි ඔහු කියා සිටියේ.

වව්නියාව, ගම්පහ, කෑගල්ල, පොළොන්නරුව, බදුල්ල සහ පුත්තලම දිස්ත්‍රික්කවල බස් රථ ධාවනය අඩාල වන බව ඔහුයි වැඩිදුරටත් සඳහන් කළේ.

එමෙන්ම මේ වන විට ඛනිජ තෙල් නීතිගත සංස්ථාව පිරවුම්හල් සඳහා දින දෙකෙන් දෙකට පමණක් ඩීසල් ලබාදීම සිදුකරන බවත් එසේ ලබාදෙන්නේ ද මෙට්‍රික් ටොන් 3,000 ප්‍රමාණයක් බවත් ඔහු කියා සිටියා.

එසේ සිදු වුවත් හෙට (06) දින ආරම්භ කරන නව පාසල් වාරයේ දී ළමුන්ගේ පහසුව උදෙසා පාසල් වෙත යෑමට පමණක් බස්රථ යෙදවීමට කටයුතු කරන බවයි සභාපතිවරයා ප්‍රකාශ කළේ.

ඔබේ ප්‍රතිචාරය කුමක්ද ?
+1
0
+1
0
+1
0
+1
0
+1
0
+1
0
+1
4
Subscribe
Notify of
0 Comments
Inline Feedbacks
සියලු ප්‍රතිචාර බලන්න !

?