පෞද්ගලික බස් ධාවනය හෙට සිට සීමාවන ලකුණු

ඛනිජ නීතිගත සංස්ථාව මඟින් ඩීසල් ලබාදීම සීමා කිරීමත් සමඟ බස් ධාවනය හෙට (06) දිනයේ සිට සීමාවන බව ලංකා පෞද්ගලික බස් රථ හිමියන්ගේ සංගමයේ සභාපති ගැමුණු විජේරත්න සඳහන් කරනවා.

ඒ, අනුව කොළඹ, යාපනය, කුරුණෑගල, කළුතර සහ මහනුවර යන දිස්ත්‍රික්කවල පමණක් හෙට (06) දිනයේ දී බස් රථ ධාවනය අර්ධ වශයෙන් සිදුකරන බවයි ඔහු කියා සිටියේ.

වව්නියාව, ගම්පහ, කෑගල්ල, පොළොන්නරුව, බදුල්ල සහ පුත්තලම දිස්ත්‍රික්කවල බස් රථ ධාවනය අඩාල වන බව ඔහුයි වැඩිදුරටත් සඳහන් කළේ.

එමෙන්ම මේ වන විට ඛනිජ තෙල් නීතිගත සංස්ථාව පිරවුම්හල් සඳහා දින දෙකෙන් දෙකට පමණක් ඩීසල් ලබාදීම සිදුකරන බවත් එසේ ලබාදෙන්නේ ද මෙට්‍රික් ටොන් 3,000 ප්‍රමාණයක් බවත් ඔහු කියා සිටියා.

එසේ සිදු වුවත් හෙට (06) දින ආරම්භ කරන නව පාසල් වාරයේ දී ළමුන්ගේ පහසුව උදෙසා පාසල් වෙත යෑමට පමණක් බස්රථ යෙදවීමට කටයුතු කරන බවයි සභාපතිවරයා ප්‍රකාශ කළේ.



අපගේ නවතම වීඩියෝ පුවත්
Video thumbnail
අපි මෙට්‍රෝ බස් ගේනකොට සමහර අයට හරිම වේදනයි - පරිවර්තනය කරද්දි කිසියම් විරෝධයක් එන්න පුළුවන්
03:51
Video thumbnail
අධිකරණයට ආ යෝෂිත රාජපක්ෂ
01:11
Video thumbnail
විදුලි සේවකයින්ට විදුලි සැර වැ# අනතුරක්
01:56
Video thumbnail
බිරිඳට ජීවිතාන්තයට හිරේ යන්න වීම නිසා සැමියා අධිකරණයේ යකා නටයි
01:13
Video thumbnail
කොහොමද ලංගමයේ කෙරුවාව ?
01:44
Video thumbnail
හදිසියේම මහ මඟ ගිනිගත් තුන්සක රිය
00:57
Video thumbnail
මලාපවහන පද්ධති උතුරා යාම නිසා ගමක් ඇවිලෙයි
01:45
Video thumbnail
ලොකුද පොඩිද අදාළ නෑ..අපි පපුවෙන් ලොකුයි..ඒක මහා විශාලයි - රට වෙනුවෙන් කළ නොහැකි දෙයක් නෑ අපිට
03:31
Video thumbnail
ඛනිජ තෙල් බෙදුම්කරුවන් CPC සභාපති හමුවීමෙන් පසු හෙළිකල දේ - සාධාරණ නැත්තම් නැවත සාකච්ඡාවකට එනවා
03:30
Video thumbnail
හදිසියේම මහ මඟ ගිනිගත් තුන්සක රිය - දෙවියනේ..ලොකු ගින්නක්
01:14