spot_img
spot_img
spot_img
AFC Banner
Empty Ad
Empty Ad

පෞද්ගලික බසයක් නිවසකට කවා වදියි – කොන්දොස්තරට බරපතළයි

දෙනියායේ සිට කොළඹ බලා ධාවනය වූ පෞද්ගලික බස් රථයක් අද අළුයම වාද්දුව – පොතුපිටිය ප්‍රදේශයේ දී මාර්ගයෙන් ඉවතට පැන අනතුරකට ලක් ව තිබෙනවා.

බස් රථය රිය අනතුරට ලක් වන අවස්ථාවේ දී එය; අසල තිබූ විදුලි කණුවක් සහ දූරකථන කණුවක් කඩාගෙන අසල නිවාස දෙකක තාප්පයකට සහ ගේට්ටුවකට මුළුමනින් ම හානි සිදු කරගෙන ගොස් නැවතී ඇති බවයි අප ප්‍රාදේශීය වාර්තාකරු පැවසුවේ.

අනතුර සිදුවන විට පාපුවරුවේ ගමන්ගත් කොන්දොස්තරවරයා බරපතළ තුවාල ලබා පානදුර මූලික රෝහලට ඇතුළත් කර තිබෙනවා.

අලුයම 3.40 ට පමණ මෙම අනතුර සිදුව ඇති අතර, මගීන් සුළු පිරිසක් පමණක් ඒ මොහොතේ බසයේ සිට ඇති බවයි වාර්තා වන්නේ.

බසයට ද බරපතළ හානි සිදු ව ඇති අතර, අධික වේගය අනතුරට හේතු වන්නට ඇති බවට පොලිසිය සැක පළ කරනවා.

ඔබේ ප්‍රතිචාරය කුමක්ද ?
+1
1
+1
0
+1
0
+1
1
+1
0
+1
1
+1
0
Subscribe
Notify of
0 Comments
Inline Feedbacks
සියලු ප්‍රතිචාර බලන්න !

?