spot_img
spot_img
spot_img
AFC Banner
Empty Ad
Empty Ad

පෝෂණය සඳහා වූ විශේෂ කාර්ය සාධක බලකායක්

සෞඛ්‍ය සේවා අධ්‍යක්ෂ ජනරාල්වරයාගේ ප්‍රධානත්වයෙන් යුත් පෝෂණය සඳහා වූ විශේෂ කාර්ය සාධක බලකායක් පිහිටුවීමට සෞඛ්‍ය අමාත්‍යාංශය තීරණය කර තිබෙනවා.

ජනතාවගේ පෝෂණය සම්බන්ධයෙන් සෞඛ්‍ය අමාත්‍යාංශයේ පැවැති සාකච්ඡාවක දී සෞඛ්‍ය අමාත්‍ය කෙහෙළිය රඹුක්වැල්ල විසින් මේ සඳහා උපදෙස් ලබා දී ඇති බවයි වාර්තා වුණේ.

ඒ, අනුව සායනික පෝෂණවේදය ඇතුළු විවිධ ක්ෂේත්‍රයන්හි විශේෂඥ දැනුම ඇති වෛදවරුන් ඇතුළු පිරිසක් මෙම කාර්ය සාධක බලකායේ සාමාජිකයින් ලෙස පත් කිරීමට නියමිතයි.

ඊට සමගාමීව 2022 – 2024 හදිසි පෝෂණ සැලැස්ම ක්‍රියාත්මක කිරීමට නියමිත බවයි වාර්තා වන්නේ.

ඔබේ ප්‍රතිචාරය කුමක්ද ?
+1
0
+1
0
+1
0
+1
0
+1
0
+1
0
+1
0
Subscribe
Notify of
0 Comments
Inline Feedbacks
සියලු ප්‍රතිචාර බලන්න !

?