පානදුර මුහුදේ දියනාමින් සිටි පෝලන්ත ජාතිකයෙකු දියේ ගිලීමෙන් ජිවිතක්ෂයට පත්වී තිබෙනවා.
මෙලෙස මියගොස් ඇත්තේ 61 හැවිරිදි පෝලන්ත ජාතිකයෙක් බවයි පොලිසිය සඳහන් කළේ.
ඔහු දියනාමින් සිටි අවස්ථාවේ එම ප්‍රදේශයේ තවත් විශාල පිරිසක් දියනාමින් සිට තිබෙනවා.
ජීවිතාරක්ෂක නිලධාරීන් විසින් මෙම විදේශිකයා බේරාගෙන රෝහල් ගතකිරීමේදී මියගොස් ඇති බව සඳහන්.
මෘත දේහය පශ්චාත් මරණ පරීක්ෂණය සඳහා පානදුර මූලික රෝහලේ තැන්පත් කර ඇති අතර පානදුර දකුණ පොලිසියයි පරීක්ෂණ සිදු කරන්නේ.













