පොළොන්නරුව මඩකලපුව මාර්ගයේ කොටසක් වැසේ

පොළොන්නරුව මඩකලපුව ප්‍රධාන මාර්ගයේ ගල්ලෑල්ල සහ මනම්පිටිය අතර ප්‍රදේශයේ සැහැල්ලු වාහන ගමනාගමනය නතර කර තිබෙනවා.

ඒ පොළොන්නරුවට ඇද හැළෙන අධික වර්ෂාපතනය හමුවේ මහවැලි ගඟ පිටාර ගලා මනම්පිටිය සහ ගල්ලෑල්ල අතර ප්‍රදේශය ජලයෙන් යටවීම හේතුවෙන්.

අප වාර්තාකරු සඳහන් කළේ අදාළ කොටසේ සැහැල්ලු වාහන ගමනාගමනය පස්වරු 2 සිට නතර කිරීමට පොලිසිය පියවර ගෙන ඇති බවයි.

ගල්ලෑල්ල සහ මනම්පිටිය අතර ප්‍රදේශයේ ස්ථාන 3ක පමණ අඩි 2ක පමණ ජල මට්ටමක් පවතින බව සඳහන්.

ඒ හේතුවෙන් සැහැල්ලු වාහන ධාවනය නතර කරවීමට පියවර ගෙන ඇති අතර ලොරි සහ බස් ඇතුලු බර වාහන පමණක් ධාවනයට අවසර දී තිබෙනවා.

පවතින අධික වර්ෂාව හමුවේ මහවැලි ගඟේ ජල මට්ටම තවදුරටත් ඉහළ යමින් පවතින අතර ඒ හේතුවෙන් පොළොන්නරුව මඩකලපුව මාර්ගය භාවිත කරන රියදුරන්ට දැඩි අවධානයෙන් කටයුතු කරන ලෙසටයි පොලිසිය දැනුම්දී ඇත්තේ.



අපගේ නවතම වීඩියෝ පුවත්
Video thumbnail
බොහෝ ප්‍රදේශවලට ගිගුරුම් සහිත වැසි - මෙන්න කාලගුණයේ නවතම තතු
02:30
Video thumbnail
වේදිකාවේසංවේදී වූ මෛත්‍රිපාල සිරිසේන - මම මගේ ආච්චිව දැකලත් නෑ අම්මව දැකලත් නෑ..
11:26
Video thumbnail
රුමේෂ් තරංගව අගයලා නි. ඇමති කිව්ව දේ - රට ක්‍රමක් ක්‍රමයෙන් ඉහළට එසවෙමින් තියෙන්නේ
03:42
Video thumbnail
කුඹුක්කන නිවසක් අසලට හදිසියේම ආ වන අලි රංචුව
00:48
Video thumbnail
මහින්ද, මෛත්‍රිපාල සහ පක්ෂ විපක්ෂ ප්‍රබලයින් එකට හමුවූ මොහොත
01:49
Video thumbnail
කුඹුක්කන නිවසක් අසලට හදිසියේම ආ වන අලි රංචුව - කැමරාවේ සටහන් වූ දේ මෙන්න
00:52
Video thumbnail
හිටපු ජනපති මහින්ද, මෛත්‍රිපාල සහ පක්ෂ විපක්ෂ ප්‍රබලයින් එකට හමුවූ මොහොත - කට්ටිය ලොකු කතාවක්
03:16
Video thumbnail
සූර්ය බලශක්තියට ආණ්ඩුව ගත් පියවරට චෝදනා? ප්‍රජාතන්තිකරණයට ඉතා හානිවන සූක්ෂම සැලැස්මක් මේ
09:35
Video thumbnail
ඉදිරියේදී 20%ක විතර විදුලි බිල වැඩිවෙනවා ?ඩීසල්වලින් රු.70ක් අඩුවෙනවලු..මේවා ගෙවන්නෙත් අපිනේ
09:13
Video thumbnail
අපි මෙට්‍රෝ බස් ගේනකොට සමහර අයට හරිම වේදනයි - පරිවර්තනය කරද්දි කිසියම් විරෝධයක් එන්න පුළුවන්
03:51