spot_img
spot_img
spot_img
AFC Banner
Empty Ad
Empty Ad

පොළොන්නරුව මඩකලපුව මාර්ගයේ කොටසක් වැසේ

පොළොන්නරුව මඩකලපුව ප්‍රධාන මාර්ගයේ ගල්ලෑල්ල සහ මනම්පිටිය අතර ප්‍රදේශයේ සැහැල්ලු වාහන ගමනාගමනය නතර කර තිබෙනවා.

ඒ පොළොන්නරුවට ඇද හැළෙන අධික වර්ෂාපතනය හමුවේ මහවැලි ගඟ පිටාර ගලා මනම්පිටිය සහ ගල්ලෑල්ල අතර ප්‍රදේශය ජලයෙන් යටවීම හේතුවෙන්.

අප වාර්තාකරු සඳහන් කළේ අදාළ කොටසේ සැහැල්ලු වාහන ගමනාගමනය පස්වරු 2 සිට නතර කිරීමට පොලිසිය පියවර ගෙන ඇති බවයි.

ගල්ලෑල්ල සහ මනම්පිටිය අතර ප්‍රදේශයේ ස්ථාන 3ක පමණ අඩි 2ක පමණ ජල මට්ටමක් පවතින බව සඳහන්.

ඒ හේතුවෙන් සැහැල්ලු වාහන ධාවනය නතර කරවීමට පියවර ගෙන ඇති අතර ලොරි සහ බස් ඇතුලු බර වාහන පමණක් ධාවනයට අවසර දී තිබෙනවා.

පවතින අධික වර්ෂාව හමුවේ මහවැලි ගඟේ ජල මට්ටම තවදුරටත් ඉහළ යමින් පවතින අතර ඒ හේතුවෙන් පොළොන්නරුව මඩකලපුව මාර්ගය භාවිත කරන රියදුරන්ට දැඩි අවධානයෙන් කටයුතු කරන ලෙසටයි පොලිසිය දැනුම්දී ඇත්තේ.

ඔබේ ප්‍රතිචාරය කුමක්ද ?
+1
0
+1
1
+1
2
+1
0
+1
0
+1
0
+1
0
Subscribe
Notify of
0 Comments
Inline Feedbacks
සියලු ප්‍රතිචාර බලන්න !

?