පොහොර සඳහා මූල්‍ය සහනාධාරය වෙනුවෙන් තවත් බිලියන 05ක අතිරේක මුදලක්

2025 වර්ෂය වෙනුවෙන් පොහොර සඳහා මූල්‍ය සහනාධාරය ලබා දීම පිණිස වෙන් කර ඇති මුදල රුපියල් මිලියන 33,500ක්.

2025/26 මහ කන්නයේ වගා කරනු ඇතැයි ඇස්තමේන්තු කර ඇති වී සහ වෙනත් ක්ෂේත්‍ර භෝග සමස්ත බිම් ප්‍රමාණය සැලකිල්ලට ගැනීමේදී පොහොර සඳහා මූල්‍ය සහනාධාරය ලබාදීම පිණිස තවත් රුපියල් බිලියන 05ක පමණ අතිරේක ප්‍රතිපාදන අවශ්‍ය වනු ඇතැයි ඇස්තමේන්තු කර තිබෙනවා.

ඒ අනුව ආහාර ප්‍රතිපත්ති හා සුරක්ෂිතතා කමිටුවේ නිර්දේශය මතපදනම්ව පොහොර සඳහා මූල්‍ය සහනාධාර ගෙවීම පිණිස රුපියල් බිලියන 05ක අතිරේක ප්‍රතිපාදන සලසා ගැනීම සඳහා කෘෂිකර්ම, පශු සම්පත්, ඉඩම් සහ වාරි මාර්ග අමාත්‍යවරයා සහ වෙළෙඳ, වාණිජ, ආහාර සුරක්ෂිතතා සහ සමුපකාර සංවර්ධන අමාත්‍යවරයා ඉදිරිපත් කළ ඒකාබද්ධ යෝජනාව අමාත්‍ය මණ්ඩලයේ අනුමැතිය හිමිව ඇති බවයි වාර්තා වුණේ.



අපගේ නවතම වීඩියෝ පුවත්
Video thumbnail
යන්න කියන්න අප්පේ මම දහදුක් විඳලා හම්බ කරගත්තේ - අලියා ඇවිත් වී ටිකට දුන්න සුද්දය
00:39
Video thumbnail
කුඩාඔය පොලිසියේ ස්ථානාධිපති නිල නිවස පොලිස්පති අතින් විවෘත කළ අයුරු
02:21
Video thumbnail
අධ්‍යාපන වෙනසක් කරනවා කියලා මෙලෝ දෙයක් නොකර කයිවාරු ගහනවා - බොරු කියනවා
08:07
Video thumbnail
බොහෝ ප්‍රදේශවලට ගිගුරුම් සහිත වැසි - මෙන්න කාලගුණයේ නවතම තතු
02:30
Video thumbnail
වේදිකාවේ සංවේදී වූ මෛත්‍රිපාල - "මම මගේ ආච්චිව දැකලත් නෑ අම්මව දැකලත් නෑ.."
11:26
Video thumbnail
රුමේෂ් තරංගව අගයලා නි. ඇමති කිව්ව දේ - රට ක්‍රමක් ක්‍රමයෙන් ඉහළට එසවෙමින් තියෙන්නේ
03:42
Video thumbnail
කුඹුක්කන නිවසක් අසලට හදිසියේම ආ වන අලි රංචුව
00:48
Video thumbnail
මහින්ද, මෛත්‍රිපාල සහ පක්ෂ විපක්ෂ ප්‍රබලයින් එකට හමුවූ මොහොත
01:49
Video thumbnail
කුඹුක්කන නිවසක් අසලට හදිසියේම ආ වන අලි රංචුව - කැමරාවේ සටහන් වූ දේ මෙන්න
00:52
Video thumbnail
හිටපු ජනපති මහින්ද, මෛත්‍රිපාල සහ පක්ෂ විපක්ෂ ප්‍රබලයින් එකට හමුවූ මොහොත - කට්ටිය ලොකු කතාවක්
03:16