spot_img
spot_img
spot_img
AFC Banner
Empty Ad
Empty Ad

පොහොර වංචාවක් අතේ මාට්ටු වෙයි

ගල්ගමුව මහ නාන්නේරිය ජලාශයෙන් වී ගොවිතැන් සිදුකරන ගොවින් අද මහ නාන්නේරිය ගොවිජන කාර්යාලය ඉදිරිපිට විරෝධතාවයක නිරතවිය.පොහොර ලබා ගැනීමට ගෙවූ මුදලට වඩා අඩු ප්‍රමාණයක් පොහොර ලබාදීමට ගොවිජන සේවා නිලධාරීන් කටයුතු කිරීම නිසා මෙලෙස විරෝධතාවයක ඔවුන් නිරත විය.

පොහොර කිලෝ 20ක් සදහා ඔවුන් මුදල් ගෙවුවද ඔවුනට කිලෝ 10ක් පමණක් ලබාදීමට නිලධාරීන් කටයුතු කරන බවත් එයට හේතුව විමසූ විට ඔවුන් කිසිවක් ප්‍රකාශ නොකර බවත් ගොවීන් සදහන් කළේය.

මේ පිළිබදව අදහස් දැක්වූ ගොවීන් චෝදනා කරන්නේ වී ගොවීන්ට ලබාදීමට එවා තිබූ පොහොර වට්ටක්කා ගොවීණ් සදහා හොර රහසේ වැඩ මිලට නිලධාරීන් අලෙවි කිරීම නිසා ඔවුනට මෙලෙස පොහොර අඩුවෙන් ලබාදීමට මෙම නිලධාරීන් කටයුතු කරමින් සිටින බවයි.ඉහළ නිලධාරීන්ගේ අවධානය යොමුකොට මේ පිළිබදව පරීක්ෂණයක් පවත්වා ඔවුනට සාධාරණයක් ඉටුකරන මෙන් ඉල්ලා සිටියි.

ඔබේ ප්‍රතිචාරය කුමක්ද ?
+1
0
+1
0
+1
0
+1
0
+1
0
+1
0
+1
1
Subscribe
Notify of
0 Comments
Inline Feedbacks
සියලු ප්‍රතිචාර බලන්න !

?