පොහොර මිටියක මිල රුපියල් 10,000 දක්වා අඩු කිරීමට අවධානය

මෙවර යල කන්නයේ දී බන්ඩි පොහොර හෙවත් MOP පොහොර කිලෝග්‍රෑම් 50ක මිටියක මිල රුපියල් 10,000 දක්වා අඩු කිරීමට කෘෂිකර්ම අමාත්‍ය මහින්ද අමරවීර මහතාගේ උපදෙස් පරිදි අමාත්‍ය මණ්ඩල පත්‍රිකාවක් සකස් කිරීමට කෘෂිකර්ම අමාත්‍යාංශය කටයුතු යොදා තිබෙනවා.

2022/23 මහ කන්නයේ දී බන්ඩි පොහොර මෙට්‍රික් ටොන් 42,000ක් මෙරටට ආනයනය කළ අතර බන්ඩි පොහොර හොන්ඩරයක් අලෙවි කෙරුණේ රුපියල් 19,500කට යි.

ලෝක වෙළඳ පොලේ පැවති පොහොර මිල අනුව එම තීරණය ගනු ලැබුව ද බොහෝ ගොවීන් බන්ඩි පොහොර මිල අධික වීම නිසා ඒවා මිල දී ගෙන තිබුණේ නැහැ.

මේ වනවිට එම බන්ඩි පොහොර ‌තොගයෙන් අලෙවි වී ඇත්තේ මෙට්‍රික් ටොන් 3000ක් පමණ එනම් සමස්ත පොහොර තොගයෙන් සියයට 10කටත් අඩු ප්‍රමාණයක්.

මෙවර ඇතැම් කුඹුරුවල ගොයම් කහ වීමේ තත්ත්වයට හේතුවී තිබෙන්නේ ද බන්ඩි පොහොර නොයෙදීම බව කෘෂිකර්ම දෙපාර්තමේන්තුව පෙන්වා දෙනවා.

මේ අතර මෙරට බොහෝ දිස්ත්‍රික්කවල ඇති කුඹුරුවල උග්‍ර පොටෑසියම් හිඟ තත්ත්වයක් මතුව ඇතැයි කෘෂිකර්ම ක්ෂේත්‍රයට අදාලව කටයුතු කරන විශ්ව විද්‍යාල ආචාර්ය මහාචාර්යවරු අවධාරණය කර තිබෙනවා.

කෘෂිකර්ම අමාත්‍යවරයා සමඟ පැවැති සාකච්ඡාවක දී යි එම ආචාර්ය මහාචාර්යවරු මේ බව පෙන්වා දී ඇත්තේ.

විශේෂයෙන් ඊට හේතුව 2021 මහ කන්නයේ සිට ම ගොවීන්ට පොටෑසියම් අඩංගු පොහොර නොලැබීමයි.

2022 යල කන්නයේ සිට රසායනික පොහොර ලබා දීමේ වැඩ පිළිවෙළ ආරම්භ කළ ද පොටෑසියම් බහුල පොහොර විශේෂ වන මඩ පොහොර හෙවත් TSP හා බන්ඩි පොහොර හෙවත් MOP පොහොර ලබා දීමට හැකියාවක් ලැබුණේ නැහැ.

මෙවර යල කන්නයේ දී පොටෑසියම් අඩංගු පොහොර ගොවීන්ට අනිවාර්යෙන්ම ලබා දිය යුතුව ඇතැයි ද එම විද්වතුන් පෙන්වා දෙනු ලැබුවා.

මෙම තත්ත්වය සැළකිල්ලට ගනිමින් මෙවර යල කන්නය ආරම්භයේ දීම මඬ පොහොර නොමිලයේ ගොවීන්ට ලබා දීමටත්, බන්ඩි පොහොර මිටියක මිල රුපියල් 10,000 දක්වා අඩු කිරීමටත් ඉදිරියේ දී අමාත්‍ය මණ්ඩලය විසින් තීරණයක් ගන්නා බවයි අමාත්‍ය මහින්ද අමරවීර මහතා සඳහන් කළේ.

මෙවර යල කන්නයේ දී යුරියා පොහොර තවදුරටත් රුපියල් 10,000ක මිලට ම ලබා දීමට කටයුතු යොදා තිබෙනවා.

මේ වනවිට යල කන්නයට අවශ්‍ය තරම් යුරියා හා බන්ඩි පොහොර ලංකා පොහොර සංස්ථාව හා කොමර්ශල් පොහොර සංස්ථා සතුව පවතිනවා.

බන්ඩි පොහොර මිල අඩු කිරීම සඳහා වන අමාත්‍ය මණ්ඩල පත්‍රිකාව ලබන සතියේ දී අමාත්‍ය මණ්ඩලයට ඉදිරිපත් කිරීමට යි කෘෂිකර්ම අමාත්‍ය මහින්ද අමරවීර මහතා තීරණය කර ඇත්තේ.



අපගේ නවතම වීඩියෝ පුවත්
Video thumbnail
කොළඹට සහ ගාල්ලට ඇදහැළුණු මහ වැස්ස
01:43
Video thumbnail
ජනපති අනුර සහභාගී වන නොච්චියාගම මහා රැලිය
01:48:31
Video thumbnail
කොහොමද අර්චුනාගේ සෙනඟ - ජෙප්පෝ මේ බලන්න..අර්චුනාට තියෙන ආදරේ
01:56
Video thumbnail
ඔයා බීලා ඉන්නේ..මූට වෙරි ඔක්කෝටම වැඩිය - ඒ ළමයට මොනවහරි වුණානම්
00:42
Video thumbnail
බෝම්බ ග#නවා කිව්ව අන්කල්ට ජනපති දුන් පිළිතුර - "අනේ පව් අනේ ඒ අන්කල්"
02:08
Video thumbnail
මළත් JVP අපි - ආයේ JVPය අතාරින්නේ නෑ - මේ සෙනඟ දැක්කනම් පොහොට්ටුවේ අයට බඩ යනවා
03:20
Video thumbnail
පව් අනේ මේ අන්කල්.. අනුකම්පා කරන්න..
00:19
Video thumbnail
ජනපති අනුර වෙනුවෙන් නොච්චියාගමට ආ මහ ජන ගඟ - ඩ්‍රෝන කැමරාවට හසුවූ ද‍ර්ශන
03:10
Video thumbnail
අනතුරට පත් P 4447 වේග ප්‍රහාරක යාත්‍රාව ගොඩගනී
01:18
Video thumbnail
අනතුරට පත් P 4447 වේග ප්‍රහාරක යාත්‍රාව ගොඩගනී - කොහොමද දැක්කමත් පුදුමයිනේ ?
01:36