පොහොර අවුල නිමාවෙන දිනය මෙන්න

මේ වනවිට ඇණවුම් කරන ලද පොහොර තොග මෙරටට ලැබී තිබෙන බවත් ඉදිරියේදී තවත් පොහොර තොග ඇණවුම් කරන බවත් වැවිලි අමාත්‍ය රමේෂ් පතිරණ මහතා පවසනවා.

ඒ අනුව ලබන වසරේ පෙබරවාරි මාසය වනවිට පොහොර අර්බුදය සම්පූර්ණයෙන්ම විසඳීමට හැකිවනු ඇතැයිද ඔහු සඳහන් කළා.

බත්තරමුල්ල,සෙත්සිරිපායේ පිහිටි වැවිලි අමාත්‍යංශ ශ්‍රවණාගාරයේදී අද (27) පැවැති සාකච්ඡාවකදී අමාත්‍යවරයා මේ බව සඳහන් කළේය.

තේ වගාවට පොහොර සහනාධාරයක් ලබාගැනීම සඳහා සාකච්ඡාවක් ලබාදෙන ලෙසට තේ වගාකරන දිස්ත්‍රික්කවල ආණ්ඩු පක්ෂය නියෝජනය කරන පාර්ලිමේන්තු මන්ත්‍රීවරුන් පිරිසක් කර තිබූ ඉල්ලීමක් අනුව මෙම සාකච්ඡාව පැවැත්විණ.

එහිදී වැඩිදුරටත් අදහස් දක්වමින් අමාත්‍යවරයා මෙසේද පැවසීය.

රසායනික පොහොර තහනම් කිරීමත් සමඟ ඇතිවූ අර්බුදය මේ වනවිට තරමක් දුරට විසඳිලා. දැන් පෙහොර තිබෙනවා. නමුත් විශාල මුදලකට පොහොර අළවි කිරීම නිසා තවත් අර්බුදයක් ඇති වෙලා. මේ වනවිට වෙළඳපොලේ පොහොර මිල මිනිස්සුන්ට දරාගන්න බැහැ. ඒ නිසා කිසියම් සහනදායි ක්‍රමවේදයකට පොහොර ලබාදෙන්න කියලා අපිට ඉල්ලීම් ලැබෙනවා. ඒ අනුවමේ නිසා තේ දළු කිලෝ 100 ට පොහොර කිලෝ 40ක් ලබාදෙන්න රජය තීරණය කර තිබෙනවා. එය දැනටත් ක්‍රියාත්මක කර තිබෙනවා.

මේ වනවිට ඇණවුම්කරන ලද රසායනික පොහොර ලැබිල තිබෙනවා. නමුත් වෙළඳුන් තමන්ට හිතෙන හි‌තෙන මිල ගනන් වලට පොහොර අළවි කරනවා. කොහොම වුනත් ලබන වසරේ පෙබරවාරි මාසය වනවිට පොහොර අර්බුදය සම්පූර්ණයෙන්ම විසඳේවි. පොහොර මිලත් අඩුවේවි. නමුත් මේ අන්තර් කාලයේදී මිනිසුන්ට යම් සහනයක් ලබාදිය යුතුයි. අමාත්‍යංශය විදියට අපි දැන් මැදිහත් වෙන්නේ ඒ සඳහායි.

සාමාන්‍යයෙන් අපේ රටේ තේ අක්කරයකින් ලබන්නේ දළු කිලෝ 200-300 අස්වැන්නක්. නමුත් රසායනික පොහොර සමඟ කාබනික කොටස් පසට එක් කිරීමෙන් තේ අක්කරයකින් දළු කිලෝ 700 – 800 ක් ලබාගත හැකියි. අපේ රටේ පැහැදිලිවම රසායනික පොහොර අවභාවිතාවක් සිදුවෙලා තිබෙනවා. රසායනික පොහොර වැඩියෙන් යෙදෙව්ව කියල දළු අස්වැන්න වැඩිවෙන්නේ නැහැ. වැඩි අස්වැන්නක් ලබාගන්නනම් රසායනික පොහොර සමඟ කාබනික කොටස් පසට එක් කළ යුතුයි.

ඒ වගේම මේ වනවිට ලෝකයේ ජනතාව තේ වෙනුවට වැඩිපුර කේපි පානය කරන්න පටන්ගෙන තිබෙනවා. කොරෝනා ගෝලීය වසංගත තත්ත්වය නිසා අපේ තේ ගැනුම්කරුවන් වන රුසියාව, ඉරානය වගේ රටවල ආර්ථිකය අර්බුදයට ලක්වෙලා. ඒ නිසා කෙටි කාලයක් තුළ මේ තත්ත්වයන් වෙනස් වේවි යැයි සිතන්න බැහැ. මේ මොහොතේදී අපි කළ යුත්තේ තේ ඒකකවල මිල වැඩි කරන්න කටයුත් කිරීමයි. ඒහෙම නැතුව මේ අර්බුදයෙන් ගොඩ ඒන්න පුළුවන් කමක් නැහැ.

මාතර දිස්ත්‍රික් පාර්ලිමේන්තු මන්ත්‍රී වීරසුමන වීරසිංහ මහතා මෙසේ පැවැසීය.

අපේ රටේ අපනයන ආදායම වැඩිවුනේ ප්‍රධාන වශයෙන්ම තේ ආර්ථිකය මතයි. නමුත් රසායනික පොහොර තහනම නිසා පසුගිය මාස හත තුළ අපේ තේ ආර්ථිකය බොහොම නරක තැනකට ඇදගෙන වැටුණා. මෙම වසරේදී තේ අස්වැන්න වැඩි වුනේ දේශගුණික හා කාලගුණික සාදක මතයි. හැබැයි පෙබරවාරි මාසයේදී අපිට නියඟයකට මුහුණ දෙන්න වෙනවා. දැන්ම තේ වගාවට රසායනික පොහොර නොලැබුනොත් තේ වගාව සම්පුර්ණයෙන්ම විනාශ වෙනවා.

තේ දළු කිලෝ 100 ට පොහොර කිලෝ 40ක් ලබාදෙන්න ගත් තීරණය ඉතාම කාලෝචිතයි. නමුත් මම නියෝජනය කරන මාතර ඇතුළු අනෙක් දිස්ත්‍රික්කවලත් මේ වනවිට ලැබෙන්නේ දළු කිලෝ 100ට පොහොර කිලෝ 20යි. පොහොර මිටියක මිල රුපියල් 6000 – 8000 යි. ඒක මිනිස්සුන්ට දරාගන්න අමාරුයි. ඒ නිසා කිලෝ 50 පොහොර මිටි වෙනුවට කිලෝ 25 පොහොර මිටි ලබාදෙන්න කටයුතු කරන්න. ඒතකොට අඩු මිලට පොහොර ලබාගන්න පුළුවන්.

දළු කිලෝවක් නිපදවන්න රුපියල් 115ක මුදලක් වැය වෙනවා. නමුත් දළු කිලෝවකට අපිට ලැබෙන්නේ මිල රුපියල් 90 – 100 යි. පොහොර ලබාදෙනව ව‌ගේම තේ දළු කිලෝවකට ලැබෙන මිලත් වැඩි කර දෙන්න මැදිහත්වීමක් කළ යුතු යැයිද මන්ත්‍රීවරයා පැවසුවා.

කනක හේරත්, ජයන්ත සමරවීර යන රාජ්‍ය අමාත්‍යවරුන්ද, සම්පත් අතුකෝරළ, අනූප පැස්කුවල්,ලලිත් ඒල්ලාවල, ගාමිණි වලේබොඩ යන පර්ලිමේන්තු මන්ත්‍රීවරුන් හා පාර්ලිමේන්තු මන්ත්‍රීනී මුදිතා සොයිසා මහත්මියද, වැවිලි අමාත්‍යංශ ලේකම් රවීන්ද්‍ර හේවාවිතාරණ, ශ්‍රී ලංකා තේ මණ්ඩලයේ සභාපති ජයම්පති මොල්ලිගොඩ මහත්වරුන් ඇතුළු පිරිසක් මෙම අවස්ථාවට සහභාගී වූහ.

මාධ්‍ය ඒකකය

ඔබේ ප්‍රතිචාරය කුමක්ද ?
+1
0
+1
0
+1
0
+1
0
+1
0
+1
0
+1
0
Subscribe
Notify of
0 Comments
Oldest
Newest Most Voted


අපගේ නවතම වීඩියෝ පුවත්
Video thumbnail
විපක්ෂයට ඕනි උසාවි, පොලිසි, බන්ධනාගාර නැති රටක් - ඒවා අතේ තියාගෙන හිටියේ ඉස්සර
02:22
Video thumbnail
ජගත්ගෙන් විපක්ෂයට සැර සත්තමක් - ආණ්ඩුවක් ආවොත්නේ අපිට නීතිමය ක්‍රියාමාර්ග ගන්නේ
03:32
Video thumbnail
බන්ධනාගාර සිද්ධිය ගැන ජගත් කට අරියි - අධිකරණ ඇමති ඉල්ලා අස්වෙන්න ඕනි නෑනේ
04:16
Video thumbnail
ඩොලර් මිලියන 2.5 වංචාව කතා කරද්දි හර්ෂට යකා නගියි - තාම ඔපරේෂන් මැනුවල් එකක් නැද්ද ?
02:59
Video thumbnail
ඩෙංගු රෝගය ගැන දැනගත යුතුම කරුණු මෙන්න - කම්පන තත්ත්වයට යන්න පුළුවන්
14:59
Video thumbnail
කටාර් හිටපු එමීර්වරයාගේ අභාවය වෙනුවෙන් කටාර් තානාපති කාර්යාලයට ගිය නි.ඇමති
01:56
Video thumbnail
මීගමු බන්ධනාගාර භූමියෙන් උණ්ඩ කොපු 271ක් හමුවෙයි..පසුදා වනතුරු බලය තිබුණේ රැඳවියන් සතුව - CID
05:33
Video thumbnail
කඩුවෙල බස්නැවතුම්පළ ඉදිරිපිට කාණුවේ මදුරු කීටයෝ පිරිලා - අවුරුදු ගාණක් තිස්සේ වතුර බහින්නේ නෑ
02:03
Video thumbnail
කටාර් හිටපු එමීර්වරයාගේ අභාවය වෙනුවෙන් දිලිත් ශෝකය පළ කරයි
01:14
Video thumbnail
ගොබ්බයෝ පුළුවන් නම් වරෙල්ලා - අපි අභියෝග කරනවා
02:40