පොහොය දිනයේ උදේම වන අලි මරණයක් (ඡායාරූප)

තඹුත්තේගම ගැමුණුපුර ප්‍රදේශයේ රක්ෂිතයක් තුළ මිය ගොස් සිටි වන අලියකුගේ මළ සිරුරක් අද (30) උදෑසන සොයා ගෙන තිබෙනවා.

මෙලෙස ජීවිතක්ෂයට පත්ව ඇත්තේ, වයස අවුරුදු 30-35 අතර වයසක පසුවන පිරිමි සත්වයෙකු බවයි තඹුත්තේගම වනජීවී කාර්යාල නිලධාරීන් සඳහන් කළේ.

ගැමුණුපුර ගම්මානයට යාබදව පිහිටි ගල්විහාර පුදබිම ආසන්නයේ මියගොස් සිටි මෙම වන අලියා අද අලුයම ජීවිතක්ෂයට පත්වන්නට ඇති බවට සැක කෙරෙනවා.

ජීවිතක්ෂයට පත් වන අලියාගේ සිරුරේ වෙඩි සලකුණක් හෝ විදුලි සැර වැදීමක සලකුණක් දක්නට නොතිබූ අතර, මුඛයෙන් සග ගුද මාර්ගයෙන් රුධිරය වහනය වීමක් නිරීක්ෂණය වී තිබෙනවා.

ඒ හේතුවෙන් කිසියම් රෝගයකින් හෝ විෂ සහිත කෑමක් ආහාරයට ගැනීමෙන් මරණය සිදු වන්නට ඇති බවටයි වනජීවී නිලධාරීන් සැක කරන්නේ.

වන අලියාගේ මරණයට නිශ්චිත හේතුව කුමක්ද යන්න සම්බන්ධයෙන් පරීක්ෂා කිරීම සඳහා පශ්චාත් මරණ පරීක්ෂණය අද පස්වරුවේ සිදු කිරීමට නියමිතයි.

සිද්ධිය සම්බන්ධයෙන් තඹුත්තේගම වන ජීවී කාර්යාල නිලධාරීන් සහ තඹුත්තේගම පොලිසිය වැඩිදුර පරීක්ෂණ සිදු කරනවා.

aliya 3
aliya 1
aliya 2
aliya 4
aliya 5


අපගේ නවතම වීඩියෝ පුවත්
Video thumbnail
රුමේෂ් තරංගව අගයලා නි. ඇමති කිව්ව දේ - රට ක්‍රමක් ක්‍රමයෙන් ඉහළට එසවෙමින් තියෙන්නේ
03:42
Video thumbnail
කුඹුක්කන නිවසක් අසලට හදිසියේම ආ වන අලි රංචුව
00:48
Video thumbnail
මහින්ද, මෛත්‍රිපාල සහ පක්ෂ විපක්ෂ ප්‍රබලයින් එකට හමුවූ මොහොත
01:49
Video thumbnail
කුඹුක්කන නිවසක් අසලට හදිසියේම ආ වන අලි රංචුව - කැමරාවේ සටහන් වූ දේ මෙන්න
00:52
Video thumbnail
හිටපු ජනපති මහින්ද, මෛත්‍රිපාල සහ පක්ෂ විපක්ෂ ප්‍රබලයින් එකට හමුවූ මොහොත - කට්ටිය ලොකු කතාවක්
03:16
Video thumbnail
සූර්ය බලශක්තියට ආණ්ඩුව ගත් පියවරට චෝදනා? ප්‍රජාතන්තිකරණයට ඉතා හානිවන සූක්ෂම සැලැස්මක් මේ
09:35
Video thumbnail
ඉදිරියේදී 20%ක විතර විදුලි බිල වැඩිවෙනවා ?ඩීසල්වලින් රු.70ක් අඩුවෙනවලු..මේවා ගෙවන්නෙත් අපිනේ
09:13
Video thumbnail
අපි මෙට්‍රෝ බස් ගේනකොට සමහර අයට හරිම වේදනයි - පරිවර්තනය කරද්දි කිසියම් විරෝධයක් එන්න පුළුවන්
03:51
Video thumbnail
අධිකරණයට ආ යෝෂිත රාජපක්ෂ
01:11
Video thumbnail
විදුලි සේවකයින්ට විදුලි සැර වැ# අනතුරක්
01:56