spot_img
spot_img
spot_img
AFC Banner
Empty Ad
Empty Ad

පොහොය දිනයේ උදේම වන අලි මරණයක් (ඡායාරූප)

තඹුත්තේගම ගැමුණුපුර ප්‍රදේශයේ රක්ෂිතයක් තුළ මිය ගොස් සිටි වන අලියකුගේ මළ සිරුරක් අද (30) උදෑසන සොයා ගෙන තිබෙනවා.

මෙලෙස ජීවිතක්ෂයට පත්ව ඇත්තේ, වයස අවුරුදු 30-35 අතර වයසක පසුවන පිරිමි සත්වයෙකු බවයි තඹුත්තේගම වනජීවී කාර්යාල නිලධාරීන් සඳහන් කළේ.

ගැමුණුපුර ගම්මානයට යාබදව පිහිටි ගල්විහාර පුදබිම ආසන්නයේ මියගොස් සිටි මෙම වන අලියා අද අලුයම ජීවිතක්ෂයට පත්වන්නට ඇති බවට සැක කෙරෙනවා.

ජීවිතක්ෂයට පත් වන අලියාගේ සිරුරේ වෙඩි සලකුණක් හෝ විදුලි සැර වැදීමක සලකුණක් දක්නට නොතිබූ අතර, මුඛයෙන් සග ගුද මාර්ගයෙන් රුධිරය වහනය වීමක් නිරීක්ෂණය වී තිබෙනවා.

ඒ හේතුවෙන් කිසියම් රෝගයකින් හෝ විෂ සහිත කෑමක් ආහාරයට ගැනීමෙන් මරණය සිදු වන්නට ඇති බවටයි වනජීවී නිලධාරීන් සැක කරන්නේ.

වන අලියාගේ මරණයට නිශ්චිත හේතුව කුමක්ද යන්න සම්බන්ධයෙන් පරීක්ෂා කිරීම සඳහා පශ්චාත් මරණ පරීක්ෂණය අද පස්වරුවේ සිදු කිරීමට නියමිතයි.

සිද්ධිය සම්බන්ධයෙන් තඹුත්තේගම වන ජීවී කාර්යාල නිලධාරීන් සහ තඹුත්තේගම පොලිසිය වැඩිදුර පරීක්ෂණ සිදු කරනවා.

aliya 3
aliya 1
aliya 2
aliya 4
aliya 5
ඔබේ ප්‍රතිචාරය කුමක්ද ?
+1
1
+1
4
+1
1
+1
2
+1
25
+1
5
+1
1
Subscribe
Notify of
0 Comments
Inline Feedbacks
සියලු ප්‍රතිචාර බලන්න !

?