පොහොට්ටු ලේකම් අඩියක් පස්සට ගනී – ලැබුණේ ඉහළ අණක් ද?

මාධ්‍ය හමුව අවලංගුයි

ඊයේ (13) දින පවත්වන්නට සූදානම් කොට තිබූ මාධ්‍ය හමුවක් අවලංගු කිරීමට ශ්‍රී ලංකා පොදු ජන පෙරමුණ කටයුතු කර තිබෙනවා.

මෙහි දී අදහස් දැක්වීමට නියමිතව තිබුණේ මේවන විට ආන්දෝලනයකට ලක් වී සිටින ශ්‍රී ලංකා පොදු ජන පෙරමුණෙහි මහලේකම් සාගර කාරියවසම් මහතා බවයි වාර්තා වන්නේ.

උදය ගම්මන්පිල මහතා පිළිබඳව තවදුරටත් අදහස් දැක්වීම පිණිස අදාළ මාධ්‍ය සාකච්ඡාවේ දී ඔහු සූදානම්ව සිටි බව පැවසෙනවා.

මේ අතර පුවත් ආරංචි මාර්ග පවසන්නේ පක්ෂයේ ඉහළින් ලද උපදෙස් මත මෙම මාධ්‍ය හමුව අවලංගු කොට ඇති බවයි.

මොකද වුණේ?

පසුගිය සිකුරාදා (11) මධ්‍යම රාත්‍රියේ සිට ඉන්ධන මිල ඉහළ දැමීමට තීරණය කළ බව ඛණිජ තෙල් ඇමති උදය ගම්මන්පිල මහතා ප්‍රකාශ කිරීමත් සමග පෙරේදා (12) දින ශ්‍රී ලංකා පොදුජන පෙරමුණේ මහලේකම් සාගර කාරියවසම් මහතා නිවේදනයක් නිකුත් කරමින් ගම්මන්පිල මහතා ඉල්ලා අස් විය යුතු බවට ප්‍රකාශ කොට සිටියා.

ඊට සුළු මොහොතකට පසු ගම්මන්පිල අමාත්‍යවරයා ප්‍රකාශ කොට සිටියේ මෙය තමන් තනිව ගත් තීරණයක් නොවන අතර මෙයට පිළිතුරු දීම සඳහා තමන් පසු දින විශේෂ මාධ්‍ය හමුවක් පවත්වන බව යි.

ඒ අනුව ඊයේ (13) දින උදය ගම්මන්පිල මහතා විශේෂ මාධ්‍ය හමුවක් පවත්වමින් කාරියවසම් මහතාට පිළිතුරු ලබා දුන් අතර එහි දී ඔහු ප්‍රකාශ කළේ තෙල් මිල වැඩි කිරීමේ තීරණය ජනපති, අගමැති ඇතුළු රජය ගත් සාමූහික තීරණයක් බවයි.

ඒ අනුව සාගර කාරියවසම් මහතා අභියෝග කර ඇත්තේ සිය පක්ෂය විසින් බිහිකළ ජනාධිපතිවරයාටත්, සිය පක්ෂයේ සදාදරණීය නායක අග්‍රාමාත්‍යවරයාටත් බව ඔහු පෙන්වා දුන්නා.

එමෙන්ම කාරියවසම් මහතාගේ නිවේදනය පොහොට්ටුවේ නායකයින්ගේ අනුදැනුමකින් තොරව නිකුත් කළ අත්තනෝමතික එකක් බව අමාත්‍යවරයා අවධාරණය කළා.



අපගේ නවතම වීඩියෝ පුවත්
Video thumbnail
හිනාවෙලා ජොලියෙන් ඉන්නකෝ අප්පා - චාමර සම්පත් ජනාධිපතිතුමාට කියයි
02:00
Video thumbnail
ආණ්ඩුවට උත්තරත් නෑ, කට උත්තරත් නෑ
07:17
Video thumbnail
අළුගෝසු ව්‍යවස්ථා සංශෝධනය අපි ප්‍රතික්ෂේප කරනවා
02:00
Video thumbnail
අනියම් බිරිඳ එක්ක මාතර ඇවිත් කාටත් හොරා කළ මහා පරිමාණ ජාවාරම - කුලී නිවසේ සුඛෝපභෝගීව කරපු දේ
02:21
Video thumbnail
පට්ට බොරුකාරයෙක් මේ ඉන්නේ
09:28
Video thumbnail
අපි එකාධිපති ගමනකට යන්නේ නෑ - 22 රටට අත්‍යවශ්‍යයි
02:32
Video thumbnail
විපක්ෂය වතුර වීදුරුවේ කිඹුල්ලු මැව්වා - ශ්‍රේෂ්ඨාධිකරණයෙන් හොඳ උත්තරයක් දුන්නා
04:02
Video thumbnail
බට්න් එක ඔබපු ගමන් නර්ස් නෝනෙක් ගෙදරට..
00:24
Video thumbnail
පාස්කු නඩුව ගැන පොහොට්ටුවෙන් කිව්ව දේ - හිතාමතා මෙහි සත්‍ය යටපත් කරනවා ?
05:53
Video thumbnail
මේ ආණ්ඩුව පෙරළන්නේ සජබය - මරික්කාර් 159යේ මුහුණටම කියයි
05:45