spot_img
spot_img
spot_img
AFC Banner
Empty Ad
Empty Ad

පොහොට්ටු ආධාරකරුවෝ බේරේ ගිල්ල වූ අය සොයා පොලිස් මෙහෙයුම්

පසුගිය මැයි 09 වනදා කොළඹට පැමිණි පොහොට්ටුවේ ප්‍රාදේශීය මන්ත්‍රීවරුන් ඇතුළු ආධාරකරුවන් පිරිසක් බේරේ වැවට තල්ලු කළ කණ්ඩායම සොයා මේ වනවිට පොලිස් මෙහෙයුමක් ආරම්භ කර තිබෙනවා.

හිටපු අග්‍රාමාත්‍ය මහින්ද රාජපක්ෂට සහයෝගය දැක්වීම සඳහා මැයි 09 වනදා අරලියගහ මන්දිරයට පැමිණි පොදුජන පෙරමුණේ ආධාරකරුවන් පිරිසක් ගාලුමුවදොර අරගලකරුවන්ට පිරිසක් විසින් පහර දෙනු ලැබුවා.

එම පහරදීමෙන් පසු ප්‍රචණ්ඩ වූ පිරිසක් විසින් මහින්ද රාජපක්ෂට සහයෝගය දැක්වීම කොළඹට පැමිණි පිරිසෙන් විස්සකට වැඩි සංඛ්‍යාවක් බේරේ වැවේ ගිල්ලවා විවිධ හිරිහැරයන්ට පත්කරන අයුරු දැකගත හැකි වුණා.

ඊට සම්බන්ධ පුද්ගලයින් සොයා මේ වනවිටත් පොලිසිය විසින් විමර්ශන ආරම්භ කර ඇති අතර, එහිදී එක් පුද්ගලයෙක් කොම්පඤ්ඤ වීදිය – වෑකන්ද පාර ප්‍රදේශයේ දී අත්අඩංගුවට ගැනුණු බවයි වාර්තා වුණේ.

මෙලෙස අත්අඩංගුවට ගැනුණු සැකකරු දෙමටගොඩ ප්‍රදේශයේ පදිංචි 34 හැවිරිදි වියේ පසුවන අයෙක් වන අතට ඔහුගෙන් ප්‍රශ්න කරමින් සිටින බවයි පොලිස් ආරංචි සඳහන් කළේ.

ඔබේ ප්‍රතිචාරය කුමක්ද ?
+1
0
+1
0
+1
0
+1
0
+1
0
+1
0
+1
16
Subscribe
Notify of
0 Comments
Inline Feedbacks
සියලු ප්‍රතිචාර බලන්න !

?