spot_img
spot_img
spot_img
AFC Banner
Empty Ad
Empty Ad

පොහොට්ටුව දෙකඩ වෙයි ? – ඩලස්ගේ නායකත්වයෙන් වෙනම පිරිසක්

පසුගිය 20 වනදා පැවති ජනාධිපතිවරයා තෝරාගැනීමේ ඡන්ද විමසීමේ දී ඩලස් අලහප්පෙරුමට සහාය දුන් ශ්‍රී ලංකා පොදුජන පෙරමුණේ මන්ත්‍රීවරුන් කණ්ඩායම ඉදිරියේ දී පාර්ලිමේන්තුවේ වෙනම කණ්ඩායමක් ලෙස කටයුතු කිරීමට තීරණය කර ඇති බව වාර්තා වනවා.

පොදුජන පෙරමුණේ මන්ත්‍රීවරුන් දහසය දෙනෙකු පමණ එම කණ්ඩායමට ඇතුළත් බවයි දේශපාලන ආරංචි මාර්ග සඳහන් කළේ.

මහාචාර්ය ජී එල් පීරිස්, මහාචාර්ය චන්න ජයසුමන, ආචාර්ය නාලක ගොඩහේවා, මහාචාර්ය චරිත හේරත් ඇතුළු පිරිසකගෙන් සමන්විත මෙම කණ්ඩායම ඩලස් අලහප්පෙරුම මන්ත්‍රීවරයාගේ නායකත්වය යටතේ කටයුතු කිරීමට නියමිත බවයි වාර්තා වන්නේ.

ඊට අමතරව පොදුජන පෙරමුණේ හෘද සාක්ෂියට එකඟ මන්ත්‍රී කණ්ඩායම ද මෙම මන්ත්‍රී කණ්ඩායම සමඟ ඇතුළත් බව සඳහන්.

ඔබේ ප්‍රතිචාරය කුමක්ද ?
+1
0
+1
0
+1
0
+1
0
+1
0
+1
0
+1
99
Subscribe
Notify of
1 Comment
Oldest
Newest Most Voted
Inline Feedbacks
සියලු ප්‍රතිචාර බලන්න !

?