පොහොට්ටුවේ හිටපු පාර්ලිමේන්තු මන්ත්‍රී සම්පත් අතුකෝරළට තියුණු ආයුධ ප්‍රහාරයක්

ශ්‍රී ලංකා පොදුජන පෙරමුණේ හිටපු පාර්ලිමේන්තු මන්ත්‍රී සම්පත් අතුකෝරළට පුද්ගකයෙකු විසින් තියුණු ආයුධයකින් පහර දී තිබෙනවා.

පිටිගල පොලිස් වසමේ බඹරවාන ප්‍රදේශයේ දී ඊයේ (17) රාත්‍රියේ මෙම පහරදීම සිදුකර ඇති බවයි වාර්තා වුණේ.

මන්ත්‍රීවරයාට අයත් බව කියන වත්තක සේව්‍ය කරන සේවකයින් දෙදෙනෙක් අතර ඊයේ (17) රාත්‍රී කාලයේ ඇති වූ ආරවුලක් විසදීමට යාමේ දී එක් සේවකයෙක් විසින් මෙම ප්‍රහාරය එල්ල කර ඇති බවට පැමිණිල්ලක් ලැබී ඇති බවයි පොලිසිය පවසන්නේ.

එම අවස්ථාවේ දී තුවාල ලැබූ හිටපු මන්ත්‍රී සම්පත් අතුකෝරළ කරාපිටිය ජාතික රෝහලට ඇතුළත්ව ඇති අතර, ඔහු ප්‍රතිකාර ලබා රෝහලෙන් අද (18) පෙරවරුවේ පිටව ගොස් තිබෙනවා.

පිටිගල පොලිසිය සිද්ධිය පිළිබඳව පරීක්ෂණ පවත්වනු ලබනවා.

මේ පිළිබඳව දසත නිව්ස් මන්ත්‍රීවරයාගෙන් විමසීමක් කළ අතර, එහිදී ඔහු සඳහන් කළේ තමන් මේ වනවිට නිවසේ සිටින බවයි.

සමාජ මාධ්‍ය තුළ මෙම සිදුවීම පිළිබඳව ඇතැම් අසත්‍ය පුවත් හුවමාරුවන බවත් හිටපු මන්ත්‍රීවරයා වැඩිදුරටත් සඳහන් කළා.



අපගේ නවතම වීඩියෝ පුවත්
Video thumbnail
ඉදිරියේදී 20%ක විතර විදුලි බිල වැඩිවෙනවා ?ඩීසල්වලින් රු.70ක් අඩුවෙනවලු..මේවා ගෙවන්නෙත් අපිනේ
09:13
Video thumbnail
අපි මෙට්‍රෝ බස් ගේනකොට සමහර අයට හරිම වේදනයි - පරිවර්තනය කරද්දි කිසියම් විරෝධයක් එන්න පුළුවන්
03:51
Video thumbnail
අධිකරණයට ආ යෝෂිත රාජපක්ෂ
01:11
Video thumbnail
විදුලි සේවකයින්ට විදුලි සැර වැ# අනතුරක්
01:56
Video thumbnail
බිරිඳට ජීවිතාන්තයට හිරේ යන්න වීම නිසා සැමියා අධිකරණයේ යකා නටයි
01:13
Video thumbnail
කොහොමද ලංගමයේ කෙරුවාව ?
01:44
Video thumbnail
හදිසියේම මහ මඟ ගිනිගත් තුන්සක රිය
00:57
Video thumbnail
මලාපවහන පද්ධති උතුරා යාම නිසා ගමක් ඇවිලෙයි
01:45
Video thumbnail
ලොකුද පොඩිද අදාළ නෑ..අපි පපුවෙන් ලොකුයි..ඒක මහා විශාලයි - රට වෙනුවෙන් කළ නොහැකි දෙයක් නෑ අපිට
03:31
Video thumbnail
ඛනිජ තෙල් බෙදුම්කරුවන් CPC සභාපති හමුවීමෙන් පසු හෙළිකල දේ - සාධාරණ නැත්තම් නැවත සාකච්ඡාවකට එනවා
03:30