පොහොට්ටුවේ සභාපතිකමින් ජී.එල්. නෙරපීමට තීරණයක්

ශ්‍රී ලංකා පොදුජන පෙරමුණේ සභාපති ධුරයෙන් මහාචාර්ය ජී.එල් පීරිස් ඉවත් කිරීමට පක්ෂ විධායක සභාව තීරණය කර තිබෙනවා.

එම පක්ෂයේ ලේකම් නීතිඥ සාගර කාරියවසම් සඳහන් කළේ, විධායක සභාව පසුගිය සතියේ රැස් වූ අවස්ථාවේ දී ඒකමතිකව එම තීරණය ගත් බවයි.

නව සභාපති ධුරය සඳහා ජ්‍යෙෂ්ඨ දේශපාලනඥයෙකු පත් කළ යුතු බවට යෝජනාවක් ඉදිරිපත් වී ඇති බවයි ලේකම්වරයා වැඩිදුරටත් සඳහන් කර සිටියේ.

පක්ෂයේ නව සභාපති ධුරය සඳහා තෝරා ගැනීමට නියමිත පුද්ගලයා සම්බන්ධයෙන් යෝජනා දෙකක් මේ වනවිට සලකා බලමින් ඇති බව දේශපාලන ආරංචි මාර්ග සඳහන් කළා.

මේ අතර ශ්‍රී ලංකා පොදුජන පෙරමුණේ සාමාජිකත්වය දරමින් වෙනත් පක්ෂවලට සම්බන්ධ වූ පුද්ගලයින් ද පක්ෂයේ මෙතෙක් දරමින් සිටින සියලු තනතුරුවලින් ඉවත් කිරීමට සැලසුම් කර ඇති බව සඳහන්.



අපගේ නවතම වීඩියෝ පුවත්
Video thumbnail
දිට්වා නිසා නායගිය තැන්වල තවම පස් ඉවත් කරලා නෑ - කඳුරේ වතුර ආවොත් මුළු පාරම වැහෙනවා
05:40
Video thumbnail
කොළඹ ප්‍රසිද්ධ හෝටලයක් වටලයි
01:11
Video thumbnail
ලංකාවේ සිට ඩුබායි Locationවල මත්ද්‍රව්‍ය තියන ජාවාරම්කරු කොටුවෙයි
01:02
Video thumbnail
පුස් බැදුණු කෑම විකුණන තලවතුගොඩ සුපිරි වෙළඳසැල..
01:57
Video thumbnail
හෙල්ල විසිකිරීමේ රන් පදක්කමශ්‍රී ලංකාවේ රුමේෂ් තරංගට
00:48
Video thumbnail
හැමදාම කරන්නේ වැස්සට ඉස්කෝලේ වහනවා
01:50
Video thumbnail
නව චීන තානාපති තරුණ කටයුතු හා ක්‍රීඩා ඇමති හමුවෙයි
01:37
Video thumbnail
නව චීන තානාපති - තරුණ කටයුතු හා ක්‍රීඩා ඇමති හමුවෙයි..තවත් මකර බෝට්ටු දෙකක් මෙරටට
02:04
Video thumbnail
NPP ආණ්ඩුවේ ලොකුම අභියෝගය වෙලා තියෙන්නේ නාමල් රාජපක්ෂ - 2029 නාමල් ජනපති වන බව නියතයි
06:11
Video thumbnail
කොළඹ මළ ප්‍රවාහන පද්ධතියක් සඳහා හිතුමතේ වළවල් හාරලා ?දැඩි රථවාහන තදබදයක් ඇතිවෙලා
04:46