spot_img
spot_img
spot_img
AFC Banner
Empty Ad
Empty Ad

පොහොට්ටුවේ සභාපතිකමින් ජී.එල්. නෙරපීමට තීරණයක්

ශ්‍රී ලංකා පොදුජන පෙරමුණේ සභාපති ධුරයෙන් මහාචාර්ය ජී.එල් පීරිස් ඉවත් කිරීමට පක්ෂ විධායක සභාව තීරණය කර තිබෙනවා.

එම පක්ෂයේ ලේකම් නීතිඥ සාගර කාරියවසම් සඳහන් කළේ, විධායක සභාව පසුගිය සතියේ රැස් වූ අවස්ථාවේ දී ඒකමතිකව එම තීරණය ගත් බවයි.

නව සභාපති ධුරය සඳහා ජ්‍යෙෂ්ඨ දේශපාලනඥයෙකු පත් කළ යුතු බවට යෝජනාවක් ඉදිරිපත් වී ඇති බවයි ලේකම්වරයා වැඩිදුරටත් සඳහන් කර සිටියේ.

පක්ෂයේ නව සභාපති ධුරය සඳහා තෝරා ගැනීමට නියමිත පුද්ගලයා සම්බන්ධයෙන් යෝජනා දෙකක් මේ වනවිට සලකා බලමින් ඇති බව දේශපාලන ආරංචි මාර්ග සඳහන් කළා.

මේ අතර ශ්‍රී ලංකා පොදුජන පෙරමුණේ සාමාජිකත්වය දරමින් වෙනත් පක්ෂවලට සම්බන්ධ වූ පුද්ගලයින් ද පක්ෂයේ මෙතෙක් දරමින් සිටින සියලු තනතුරුවලින් ඉවත් කිරීමට සැලසුම් කර ඇති බව සඳහන්.

ඔබේ ප්‍රතිචාරය කුමක්ද ?
+1
0
+1
0
+1
0
+1
0
+1
0
+1
0
+1
3
Subscribe
Notify of
0 Comments
Inline Feedbacks
සියලු ප්‍රතිචාර බලන්න !

?