පොහොට්ටුවේ ඉඳන් නිදහස් පක්ෂයට උදව් කරන නිමල් ලන්සා

නිමල් ලන්සා කියන්නේ ඉතිහාසය පුරාවටම විවිධ හේතු නිසා කතා බහට ලක්වුණු මන්ත්‍රීවරයෙක්.
සිය දේශපාලන ගමන ආරම්භ කළ අයුරු සහ නිමල් ලන්සා මේ වනවිට සිටිනා තත්ත්වය ගැනත් බොහෝ දෙනෙකු විවිධ අදහස් පලකරනවා.
කොහොම වුණත් නැවතත් නිමල් ලන්සා කරළියට පැමිණියේ පසුගියදා සිය අමාත්‍යාංශයෙන් ඔහුගේ කාර්ය මණ්ඩලය ඉවත් කර ගැනීමත් සමගයි.
ඒ අමාත්‍යාංශ ලේකම්වරයා සමග ඇතිවූ මතගැටුවක් බවයි දේශපාලන ආරංචි මාර්ග වාර්තා කළේ.
කොහොම වුණත් නිමල් ලන්සා ඇමතිවරයා සම්බන්ධයෙන් පොදුජන පෙරමුණේ ඇමතිවරුන්ද පලකරන්නේ සුබවාදී අදහසක්නම් නෙවෙයි.
ඒ ඔහු සිය ඇමති ධුරය පසෙක තබා මහජන මුදලින් ව්‍යාපාර කරගෙන යන බවයි.

පුත්තලම දිස්ත්‍රික්කය තුල පාරවල් 30 ක් ඉදිකිරීමට කටයුතු ආරම්භ කර ඇති අතර ඉන් 20 කට වැඩි ප්‍රමාණයක් නිමල් ලන්සාගේ ගෝලයෙකු මගින් සිදුකරනු බවයි වාර්තා වන්නේ.
ඒ නිසි ක්‍රමවේදයෙන් බැහැර ටෙන්ඩර් පටිපාටියකින් බවද සඳහන් වනවා.
එම පාරවල් සඳහා 20% ක අත්තිකාරම් මුදල්ද ලබාදී ඇති අතර එම මුදලින් අදාල ව්‍යාපාරිකයා යාපනය ප්‍රදේශයේ පාරක් ඉදිකිරීම අරබා තියෙනවා.
20% ක මුදලක් යනු රුපියල් බිලියන ගණනකට අධික මුදලක් බවයි දේශපාලන ආරංචි මාර්ග පවසන්නේ.
මෙම යාපනය පාරෙන් අදාල ව්‍යාපාරිකයාට මිලියන 1500 ක පාඩුවක් සිදුව ඇති අතර ඒ නිසා පුත්තලම ප්‍රදේශයේ ආරම්භ කළ පාරවල්ද ඇණහිට ඇති බවයි දැනගන්නට ලැබෙන්නේ.
තවද මෙම පාරවල් ඉදිකිරීමේ වගකීම ලබාදී ඇත්තේද ශ්‍රී ලංකා නිදහස් පක්ෂයේ මන්ත්‍රීවරයෙකුටයි.
පොදුජන පෙරමුණේ සිටිමින් ශ්‍රී ලංකා නිදහස් පක්ෂ මන්ත්‍රීවරුන්ට වැඩ කිරීම පිළිබඳ පොදුජන පෙරමුණේ මන්ත්‍රීවරුන්ද සිටින්නේ දැඩි කලකිරීමකින් බවයි අප සමග අදහස් පලකළ අමාත්‍යවරයෙකු පැවසුවේ.
කොහොම වුණත් මහජන බදු මුදලින් ඉදි කරන මෙම අලුත්වැඩියා සඳහා යොදවන මුදල් ලබාදීම නිසි ක්‍රමවේදයකින් සිදුවිය යුතුයි.
අහිංසක මිනිසුන් එදාවේල හරිහම්බ කරගැනීමට දහසක් දුක් විදිද්දී තම මඩිහ තර කරගැනීමටත් තම හිතවතුන් ව්‍යාපාරිකයන් සතුටු කිරීමටත් එවැනි කටයුතු සිදුකරනවානම් එවැනි ඇමතිවරුන් පිළිබදව නිසි තීන්දුවක් ලබාදීමට මහජනයා අමතක නොකරනු ඇති.
පොදුජන පෙරමුණේ මැති ඇමතිවරුන් පවසන්නේ නිමල් ලන්සා අනෙකුත් පක්ෂවලට වැඩ කරමින් කටයුතු කරන්නේනම් ඔහු පොදුජන පෙරමුණෙන් ඉවත්වී එම පක්ෂයට සම්බන්ධ වියයුතු බවයි.
කොසේ වෙතත් පසුගිය කාලයේදී පැවති සෑම ආණ්ඩුවකම නිමල් ලන්සා ඇමති ධුර ලබාගත්තා.
බැසිල් රාජපක්ෂ අමාත්‍යවරයාගේ දකුණු අත තමන් බව බොහෝ තැන්වලදී නිමල් ලන්සා ඇමතිවරයා පවසන බවත් මොහුගේ මෙම ක්‍රියාකලාපය නිසා පක්ෂයේ මිනිසුන් අතරද ගැටුම් ඇති වෙන බවත් සඳහන් කරමින් බැසිල් රාජපක්ෂ අමාත්‍යවරයාටද මේ බව දැනුම්දී ඇති බවයි වාර්තා වන්නේ.
මහනුවර සිට කොළඹට පා ගමනින් පැමිණ සිර බත් කමින් රාජපක්ෂවරුන් රැකගැනීමට කටයුතු කළ ජොන්ස්ටන් ප්‍රනාන්දු අමාත්‍යවරයාද මේ නිසා අපහසුතාවයට පත්වන බවයි පුත්තලම් දිස්ත්‍රික්කයේ පොදුජන පෙරමුණේ මන්ත්‍රීවරුන් පවසන්නේ.
තවද නිමල් ලන්සා ඇමතිවරයා විසින් අමාත්‍ය ධුරය සිල්ලර ලෙස භාවිත කරන බවත් අනුරාධපුර ප්‍රදේශයේ මන්ත්‍රීවරයෙකුට පමණක් පාරවල් 1100 ක් ඉදිකිරීමට කොන්ත්‍රාත් ලබාදී ඇති බවත් සඳහන්.
ඒ සඳහා කැබ් රථ 16 ක් සහ ඉංජිනේරුවරුන් 16 දෙනෙකුද යොදවා ඇති බවයි වාර්තා වන්නේ.
පොදුජන පෙරමුණේ ඇමතිවරුන් වන එස්.එම්. චන්ද්‍රසේන, ශෙහාන් සේමසිංහ වැනි ඇමතිවරුන්ටද මෙය ගැටලුවක්ව ඇති බවයි ආරංචි මාර්ග පවසන්නේ.
සංවර්ධනය මුවාවෙන් පෞද්ගලික ගමනක යන ඇමතිවරුන් සහ ඔවුන්ගේ සුවච කීකරු ගෝලයන් නිසා රටටත් අහිංසක මිනිසුන්ටත් හැමදා ඉතිරි වුණේ දුක සහ ප්‍රශ්න පමණක් බව අප සිහිපත් කරමි..

Government to develop 100,000 kms of road - Lansa | Daily News
Madurankuliya-Mahakumbukkadawala Road construction begins | Daily News
ඔබේ ප්‍රතිචාරය කුමක්ද ?
+1
0
+1
0
+1
0
+1
0
+1
0
+1
0
+1
0
Subscribe
Notify of
0 Comments
Oldest
Newest Most Voted


අපගේ නවතම වීඩියෝ පුවත්
Video thumbnail
අග්‍රාමාත්‍යතුමිය කට්ටිය වටකරගෙන කටාර් බලා ගිය හැටි
00:55
Video thumbnail
Scanner යන්ත්‍රවලටත් හසු නොවන අයුරින් බහාලුමක සඟවා තිබූ නීතිවිරෝධී දුම් වැටි තොගයක් කොටුවෙයි
06:37
Video thumbnail
ආබාධිත බිරිඳයි, දරුවොයි එක්ක අසරණ වෙලා ඉන්න පවුලක් - අපේ අස්වැසුමත් කපලා දාලා තියෙන්නේ
03:45
Video thumbnail
තම කර්මාන්තයට වනජීවී එක බාධා කිරීම නිසා ගමුන්ට යකා නගියි - හොරෙන් හරි ගිහින් අපි වේවැල් ක#නවා
08:06
Video thumbnail
ඉඩමක් ඉදිරියේ හදපු කඩයක් නිසා මහ පාරේ උණුසුම් තත්ත්වයක් - ප්‍රාදේශීය ලේකම්ගේ හයියද මේ ?
07:33
Video thumbnail
අග්‍රාමාත්‍යතුමිය කට්ටිය වටකරගෙන කටාර් බලා ගිය හැටි
01:18
Video thumbnail
විපක්ෂයට ඕනි උසාවි, පොලිසි, බන්ධනාගාර නැති රටක් - ඒවා අතේ තියාගෙන හිටියේ ඉස්සර
02:22
Video thumbnail
ජගත්ගෙන් විපක්ෂයට සැර සත්තමක් - ආණ්ඩුවක් ආවොත්නේ අපිට නීතිමය ක්‍රියාමාර්ග ගන්නේ
03:32
Video thumbnail
බන්ධනාගාර සිද්ධිය ගැන ජගත් කට අරියි - අධිකරණ ඇමති ඉල්ලා අස්වෙන්න ඕනි නෑනේ
04:16
Video thumbnail
ඩොලර් මිලියන 2.5 වංචාව කතා කරද්දි හර්ෂට යකා නගියි - තාම ඔපරේෂන් මැනුවල් එකක් නැද්ද ?
02:59