spot_img
spot_img
spot_img
AFC Banner
Empty Ad
Empty Ad

පොහොට්ටුවෙන් ජනාධිපතිවරණයට අපේක්ෂකයින් ඉන්නවා – නාමල් රාජපක්ෂ

ශ්‍රී ලංකා පොදුජන පෙරමුණට මේ වන විට ජනාධිපතිවරණයට තරඟ කිරීම සඳහා අපේක්ෂකයන් හතර පස් දෙනෙකුම සිටින බව එම පක්ෂයේ පාර්ලිමේන්තු මන්ත්‍රී නාමල් රාජපක්ෂ පවසනවා.

ප‍්‍රාදේශීය සභාවකටවත් ඉදිරිපත් කිරීමට අපේක්ෂකයන් සොයා ගැනීමට නොහැකි වනු ඇතැයි කිවූ පක්ෂයට අද වන විට ජනාධිපති අපේක්ෂකයන් ද එතරම් ප්‍රමාණයක් සිටින බවද ඔහු කීය.

පසුගිය වසර දෙක තුන තුළ පක්ෂය විශ්වාස කරමින් පාක්ෂිකයන් පක්ෂය සමඟ එකතු වී සිටින බවද ඔහු පැවසීය.

ඒ අනුව, ඉදිරි ජනාධිපතිවරණයට ජයග්‍රාහී පොදු අපේක්ෂකයෙකු ඉදිරිපත් කිරීමට සූදානමින් සිටින බවත් එම අපේක්ෂකයා කවුදැයි පක්ෂයක් ලෙස තවමත් තීන්දු කර නැති බවත් හෙතෙම තවදුරටත් කියා සිටියා.

හම්බන්තොට ප්‍රදේශයේදී මාධ්‍ය අමතමින් ඒ මහතා මෙම අදහස් පළ කරන ලදී.

ඔබේ ප්‍රතිචාරය කුමක්ද ?
+1
0
+1
1
+1
16
+1
0
+1
0
+1
0
+1
4
Subscribe
Notify of
0 Comments
Inline Feedbacks
සියලු ප්‍රතිචාර බලන්න !

?