පොසොන් සතිය අදින් ඇරඹෙයි

පොසොන් සතිය අද (07) සිට ආරම්භ වනවා.

ඒ, අනුව අද (07) දිනයේ සිට ලබන 13 වනදා දක්වා පොසොන් සතිය ක්‍රියාත්මක වනවා.

මෙවර පොසොන් උත්සවය පූර්ණ රාජ්‍ය අනුග්‍රහය සහිතව පැවැත්වීමට රජය තීරණය කර ඇති අතර, ‘අනුබුදු දහමින් ලොවම නිවේවා’ යන්න මෙවර ජාතික පොසොන් උත්සවයේ තේමාවයි.

මේ අතර ජාතික පොසොන් උත්සව වෙනුවෙන් අනුරාධපුර, මිහින්තලය හා තන්තිරිමලේ කේන්ද්‍ර කර ගනිමින් පිංකම් රැසක් සංවිධාන කර තිබෙනවා.

ජාතික පොසොන් උත්සවය සඳහා පැමිණෙන බැතිමතුන්ගේ පහසුව වෙනුවෙන් අවශ්‍ය සියලු කටයුතු මේ වනවිට සූදානම් කර ඇති බවයි අනුරාධපුර දිස්ත්‍රික් ලේකම් කේ.පී.ආර්. විමලසූරිය සඳහන් කළේ.

මේ අතර අනුරාධපුරට පැමිණීමේ දී පොලිතීන් සහ ප්ලාස්ටික් රැගෙන ඒමෙන් වළකින ලෙස ද දිස්ත්‍රික් ලේකම්වරයා සැදැහැවතුන්ට දැනුම් දෙනවා.

පොසොන් උත්සවය සඳහා පැමිණෙන සැදැහැවතුන් වෙනුවෙන් විශේෂ ආරක්ෂක වැඩපිළිවෙළක් ක්‍රියාත්මක කර ඇති අතර,ඒ සදහා පොලිස් නිලධාරින් 8,000ක් අනියුක්ත කර තිබෙනවා.

මේ අතර අනුරාධපුර සිට මිහින්තලය දක්වා නොමිලේ දුම්රිය සේවාවක් ක්‍රියාත්මක කරීමට සැලසුම්කර ඇති අතර, පොසොන් සතිය තුළ අනුරාධපුර දිස්ත්‍රික්කයේ සියලුම සුරාසැල් වසා තැබෙන බවයි දැනුම් දෙන්නේ.



අපගේ නවතම වීඩියෝ පුවත්
Video thumbnail
අලුත්ගම බිහිසුණු දුම් රිය අනතුරේ CCTV දර්ශන එළියට..දානකොටම ආවානේද කෝච්චිය ?
00:47
Video thumbnail
බිහිසුණු දුම්‍ රිය අනතුරක් සිදුවූ ස්ථානයේ උණුසුම් තත්ත්වයක්
00:44
Video thumbnail
පරම වීර විභූෂණ සම්මානයෙන් පිදුම් ලැබූ දිවංගත රණවිරුවෙකුගේ මව්පියන්ට යුද්ධ හමුදාධිපතිගෙන් උපහාර
02:03
Video thumbnail
සුරේෂ් සලේ ගැන කිසි සාක්ෂියක් නෑ..ආණ්ඩුවට ප්‍රබල චෝදනාවක්..ශානිගේ තනි තීන්දුවෙන් සලේ ඇතුළට දැම්මේ ?
17:38
Video thumbnail
මීට සුළු මොහොතක බිහිසුණු දුම්‍රිය අනතුරක් සිදුවූ ස්ථානයේ උණුසුම් තත්ත්වයක්
00:48
Video thumbnail
රැවටිලිකාර, වංචාකාර බොරු දත්තවලින් රජය ප්‍රතිපත්ති හදන්නේ - සජිත් ආණ්ඩුවට රිදෙන්න දෙයි
03:10
Video thumbnail
සාදයක් අතරතුර ඇතිවූ බහින්බස්වීමෙන් පුද්ගලයෙක් බිහිසුණු අයුරින් එළොව යවයි
00:38
Video thumbnail
අත්බෝම්බ ප්‍ර#රයෙන් පසු ප්‍රදේශයට දැඩි ආරක්ෂාවක්
01:08
Video thumbnail
අධිබලැති විදුලි රැහැන් කණුවක නැගලා මනුස්සයෙක් දාපු සෙල්ලම
01:18
Video thumbnail
නවතා තිබූ බස් එකකට හොරෙන්න රිංගපු හොරා
01:04