spot_img
spot_img
spot_img
AFC Banner
Empty Ad
Empty Ad

පොසොන් පෝ දා උදාවත්ම මුද්‍රණ යන්ත්‍රයක් තරුණයකු බිළිගනී

වස්කඩුව ප්‍රදේශයේ ඇඟලුම් කර්මාන්ත ශාලාවක ස්වයංක්‍රීයව ක්‍රියාත්මක වෙමින් තිබූ මුද්‍රණ යන්ත්‍රයක හිස ගැටීමෙන් සිදු වූ අනතුරකින් තරුණයෙකු ජීවිතක්ෂයට පත්ව තිබෙනවා.

කළුතර උතුර පොලිසිය සඳහන් කළේ අද (03) අලුයම තරුණයා මෙම අනතුරට මුහුණ පා ඇති බවයි.

වස්කඩුව, පොකුණවත්ත පාරේ පිහිටි රෙදිපිළි නිෂ්පාදන කර්මාන්තශාලාවක මුද්‍රණ යන්ත්‍රයක පිරිසිදු කිරීම්වල නියැලී සිටිය දී මෙම තරුණයා මෙලෙස අනතුරට පත්ව තිබෙනවා.

අනතුරට පත් තරුණයා කළුතර ශීක්ෂණ රෝහලට රැගෙන යාමේදී මියගොස් ඇති බවයි වාර්තා වන්නේ.

සිද්ධිය සම්බන්ධයෙන් කළුතර උතුර පොලිසිය පරීක්ෂණ පවත්වනු ලබනවා.

ඔබේ ප්‍රතිචාරය කුමක්ද ?
+1
1
+1
4
+1
0
+1
0
+1
21
+1
1
+1
2
Subscribe
Notify of
0 Comments
Inline Feedbacks
සියලු ප්‍රතිචාර බලන්න !

?