spot_img
spot_img
spot_img
AFC Banner
Empty Ad
Empty Ad

පොසොන් පුර පසළොස්වක පොහොය අදයි

ශ්‍රී ලංකා වාසී බෞද්ධ ජනතාව මහත් ශ්‍රද්ධාවෙන් සමරණු ලබන පොසොන් පුර පසළොස්වක පොහොය දිනය අදට යෙදී තිබෙනවා.

ඒ, ශ්‍රී ලාංකික ජන සමාජය සමාජ, සංස්කෘතික හා ආගමික ,අධ්‍යාත්මික ලෙස සංවර්ධනය කිරීම උදෙසා අද වනි පොසොන් පොහෝ දිනක සිදු වූ ඓතිහාසික සුවිශේෂී සිදු වීම හේතුවෙන්.

දේවානම් පියතිස්ස රජ සමයේ සිදූ වූ අසිරිමත් මහින්දාගමනයෙන් අනුරාධපුරය ,මිහින්තලය ආලෝකමත් වූව පමණක් නොව ශ්‍රී ලාංකික ජනසමාජයම ආලෝකමත් වුණා.

එවක් පටන් බෞද්ධයන් විසින් පොසොන්පුර පෝය දිනය ආමිෂ හා ප්‍රතිපත්ති පූජාවෙන් මිහිඳු මහරහතන් වහන්සේ සිහි කෙරෙන අතර, පින් අනුමෝදම් කරමින්, සැදැහැවත් ජනතාව ආමිෂ හා ප්‍රතිපත්ති පූජාවල නිරත වනවා.

මේ අතර මෙවරත් රාජ්‍ය පොසොන් උත්සවය මිහින්තලා පුදබිම කේන්ද්‍ර කර ගනිමින් පැවැත් වෙනවා.

”දේශය මිත්‍යාවෙන් මුදා ගනිමු” යන්න මෙවර පොසොන් උත්සවයේ තේමාවයි.

ඔබේ ප්‍රතිචාරය කුමක්ද ?
+1
0
+1
0
+1
0
+1
0
+1
0
+1
0
+1
0
Subscribe
Notify of
0 Comments
Inline Feedbacks
සියලු ප්‍රතිචාර බලන්න !

?