පොසොන් උත්සවයට අනුරපුරය දක්වා ලංගමින් අතිරේක බස් රථ

පොසොන් උත්සවය වෙනුවෙන් දිවයිනේ විවිධ ප්‍රදේශවලින් අනුරාධපුරය දක්වා අතිරේක බස් රථ යෙදවීමට කටයුතු කර ඇති බව ශ්‍රී ලංකා ගමනා ගමන මණ්ඩලය පවසනවා.

ශ්‍රී ලංකා ගමනා ගමන මණ්ඩලයේ නියෝජ්‍ය සාමාන්‍යධිකාරී පී.එච්.ආර්.ටී. චන්ද්‍රසිරි මාධ්‍ය වෙත අදහස් දක්වමින් මේ බව දැනුම් දුන්නා.

මේ වනවිටත් ක්‍රියාත්මක කර ඇති එම අතිරේක බස් රථ සේවාව ලබන 11 වනදා දක්වා ක්‍රියාත්මක බවයි නියෝජ්‍ය සාමාන්‍යධිකාරීවරයා පැවසුවේ.

මෙම අතිරේක බස් රථ සේවාව ක්‍රියාත්මක වුවද කාලසටහන් මත දෛනිකව අනුරාධපුරය බලා ධාවන වන ලංගම බස් රථ එම කාලසටහන් අනුව ධාවනය කෙරෙන බව ද ඔහු වැඩිදුරටත් සඳහන් කර සිටියා.

මේ අතර කොළඹින් පමණක් අනුරාධපුරය බලා අතිරේක බස් රථ 150ක් පමණ ධාවනය එක්කර ඇති බවත් ඔහු මෙහිදී පැවසුවා.

එමෙන්ම අනුරාධපුර සිට මිහින්තලය දකවා ද අමතර ලංගම බස්රථ සංඛ්‍යාවක් යෙදවීමට ද කටයුතු කර ඇති බවයි නියෝජ්‍ය සාමාන්‍යධිකාරීවරයා සඳහන් කර සිටියේ.



අපගේ නවතම වීඩියෝ පුවත්
Video thumbnail
'අපේ ආණ්ඩුව' 'වසර දෙකයි - රටට සුබයි' | ගොවි රැලිය
00:00
Video thumbnail
ශ්‍රී ලංකා පොදුජන පෙරමුණ පවත්වන ජන සටන
00:00
Video thumbnail
වෙ# තියලා මැ#වත් අපි බය නෑ - මාරසිංහ ගාව හිටිය පොඩි කොල්ලා මම - වාරුව ගන්න අවු:40ක් බලාගෙන හිටියා
03:48
Video thumbnail
නාමල්ව ජනාධිපති කරලා මිසක් අපි පස්සට යන්නේ නෑ
02:34
Video thumbnail
පොහොට්ටු රැළියේ සෙනඟ වැඩි නිසා කණුවක් උඩට නැග්ග තරුණයෝ
00:32
Video thumbnail
පොහොට්ටුවේ අනුරපුරේ බලය පෙන්නද්දී මාලිමාව පොළොන්නරුවේ වැඩ පෙන්නයි
01:34
Video thumbnail
අර්චුනාත් පොහොට්ටුවේ වේදිකාවට ගොඩවෙයි
02:48
Video thumbnail
අපි මොන සෙල්ලම් දැම්මත් ඔබේ හයිය නැත්තම් අපිටත් හයිය නෑ - පොහොට්ටුවේ පළමු වෙ# මුරය මේක
03:13
Video thumbnail
අනුර කුමාර ඇවිල්ලා බලපන් - උඹේ පචවලට උත්තර දෙන්න අපි සූදානම්
01:21
Video thumbnail
නාමල්ව ජනාධිපති කරලා තමයි අපි නවතින්නේ
01:38