spot_img
spot_img
spot_img
AFC Banner
Empty Ad
Empty Ad

පොලුවලින් පහර දී පුද්ගල ඝාතනයක්

මහවෙල, වෙලේමුල්ල ප්‍රදේශයේ දී පුද්ගලයෙකුට පහර දී ඊයේ (24) රාත්‍රියේ ඝාතනය කර තිබෙනවා.

මෙලෙස ඝාතනය කර ඇත්තේ මාදිපොල ප්‍රදේශයේ පදිංචිව සිටි 30 හැවිරිදි වියේ පසු වූ අයෙක්.

දෙපිරිසක් අතර ඇති වූ ආරවුල හේතුවෙන් පුද්ගලයින් තිදෙනෙක් මෙම පුද්ගලයාගේ නිවසටම පැමිණ පොලුවලින් මෙම පහරදීම සිදුකර ඇති බවයි පොලිසිය සඳහන් කළේ.

පහර කෑමට ලක් වූ පුද්ගලයා බරපතළ තත්ත්වයෙන් මාදිපොල රෝහලට ඇතුළත් කිරීමේ දී ජීවිතක්ෂයට පත්ව තිබෙනවා.

ඝාතනයට සම්බන්ධ සැකකරුවන් මේ වනවිට හඳුනාගෙන ඇති අතර, ඔවුන් අත්අඩංගුවට ගැනීමට මහවෙල පොලිසිය විමර්ශන ආරම්භ කර ඇති බවයි වාර්තා වුණේ.

ඔබේ ප්‍රතිචාරය කුමක්ද ?
+1
2
+1
5
+1
2
+1
2
+1
38
+1
2
+1
8
Subscribe
Notify of
0 Comments
Inline Feedbacks
සියලු ප්‍රතිචාර බලන්න !

?