spot_img
spot_img
spot_img
AFC Banner
Empty Ad
Empty Ad

පොලී රහිත ශිෂ්‍ය ණය අපේක්ෂකයින්ට දැනුම් දීමක්

පොලී රහිත ශිෂ්‍ය ණය යෝජනා ක්‍රමයට අයඳුම්පත් කැඳවීමට දින නියම වෙයි

පොලී රහිත ශිෂ්‍ය ණය යෝජනා ක්‍රමයේ 7 වන අදියර සඳහා අයදුම්පත් කැඳවීම ලබන ජුලි මස 4 වනදායින් ඇරඹෙන බව අධ්‍යාපන අමාත්‍යංශය පවසනවා.

අගෝස්තු මස 7 වනදා දක්වා අපේක්ෂකයින්ට අයදුම්පත් යොමු කළ හැකියි.

මේ සඳහා 2019/2020/2021 වසරවල ශ්‍රී ලංකා විභාග දෙපාර්තමේන්තුව විසින් පවත්වන ලද (උසස් පෙළ) විභාගය සමත් සිසුන් සුදුසුකම් ලබනවා.

අයදුම්පත් www.studentloans.mohe.gov.lk වෙබ් අඩවිය ඔස්සේ මාර්ගගතව යොමු කළ හැකි අතර එම වෙබ් අඩවියට පිවිස පොලී රහිත ශිෂ්‍ය ණය යෝජනා ක්‍රමයේ ශිෂ්‍ය අත්පොත පරිශීලනය කර අදාළ සියලු තොරතුරු ලබා ගත හැකියි.

වැඩි විස්තර සඳහා 070-3555970-79 දක්වා දුරකථන අංක අමතන ලෙසටයි අධ්‍යාපන අමාත්‍යංශය දැනුම් දෙන්නේ.

ඔබේ ප්‍රතිචාරය කුමක්ද ?
+1
3
+1
0
+1
2
+1
0
+1
0
+1
0
+1
2
Subscribe
Notify of
0 Comments
Inline Feedbacks
සියලු ප්‍රතිචාර බලන්න !

?