පොලීසියෙන් සිදුකළ අමානුෂික පහරදීමක් (CCTV දර්ශන)

පොලිස් නිලධාරීන් පිරිසකගේ පහරකෑමට ලක් වූ පුද්ගලයෙකු පිළිබඳ පුවතක් යක්කලමුල්ල ප්‍රදේශයෙන් වාර්තා වේ.

අදාළ සිදුවීම ඊයේ (09) රාත්‍රියේ යක්කලමුල්ල පොලිස් ස්ථානය අසලදී සිදුව තිබේ.

යතුරු පැදියකින් පැමිණි දෙදෙනෙකු රතිඤ්ඤා දල්වා මහ මඟ දමා යන ආකාරය අසල තිබූ CCTV කැමරාවක ද සනිටුහන් ව ඇත.

ඒ අතර අසල ඖෂධ සැලකට පැමිණ සිටි අයෙකු එම ශබ්දය කුමක්දැයි විපරම් කිරීමට අලෙවි සැලෙන් පිටතට පැමිණෙන අතර එම අවස්ථාවේ දී එහි පැමිණෙන පිරිසක් ඔහුට පහර දෙයි.

ඖෂධ සැලේ හිමිකරු එම ප්‍රහාරය වැළැක්වීමට උත්සාහ දරන නමුත් අදාළ පිරිස නොනවත්වා අලෙවි සැලෙන් බැහැරට ගිය පුද්ගලයාට පහර දෙන අයුරු සීසීටීවි දර්ශනවල දැක්වේ.

පහරදෙන පිරිස අතර නිල ඇඳුමින් සැරසුණු පොලිස් නිලධාරියෙකු ද වන බව දක්නට ලැබේ.

පහර දීමෙන් පසු යක්කලමුල්ල පොලිසිය එම පුද්ගලයා අත්අඩංගුවට ගෙන ඇති බව අප වාර්තාකරු පැවසුවේය.

පසුව අද පෙරවරුවේ පොලීසිය ඔහු මුදා හැර ඇත්තේ වැරදීමකින් පහර දුන් බව පවසමිනි.

ස්ථාන මාරුවක් ලබා සිටි යක්කලමුල්ල පොලිස් ස්ථානාධිපතිවරයා ඊයේ රාත්‍රියේ එම පොලිස් ස්ථානයේ සේවයෙන් ඉවත්ව ගොස් ඇති අතර, පිරිසක් රතිඤ්ඤා දල්වා ඇත්තේ ඊට ප්‍රතිචාර ලෙසින් බව වාර්තා වේ.

ඊට එම තරුණයාද සම්බන්ධ යැයි සිතා පහරදීම සිදුකර ඇති බව පසුව හෙළි වී තිබේ.

පහර කෑමට ලක්වු ඩබ්. ඒ. සිසිර කුමාර පුද්ගලයා පවසා සිටියේ, “ඔක්කෝම බීලා හිටියේ. යුනිෆෝම් හිටියේ එක්කෙනයි. සිවිල් පිට හිටියේ ඔක්කෝම. “ යනුවෙනි.

පහර කෑ තරුණයා මේ වන විට කරාපිටිය රෝහලේ ප්‍රතිකාර ලබමින් සිටී.

මේ සම්බන්ධයෙන් අදහස් පළ කළ පොලිස් මාධ්‍ය ප්‍රකාශක නියෝජ්‍ය පොලිස්පති අජිත් රෝහණ මහතා සඳහන් කළේ, පහරදීම සහ අත්අඩංගුවට ගැනීම පිළිබඳ ගාල්ල ජ්‍යෙෂ්ඨ පොලිස් අධිකාරීවරයාගේ අධීක්ෂණය යටතේ විශේෂ විමර්ශනයක් ආරම්භ කර ඇති බවය.

වීඩියෝ අනුග්‍රහය – Deranatv



අපගේ නවතම වීඩියෝ පුවත්
Video thumbnail
අපි මෙට්‍රෝ බස් ගේනකොට සමහර අයට හරිම වේදනයි - පරිවර්තනය කරද්දි කිසියම් විරෝධයක් එන්න පුළුවන්
03:51
Video thumbnail
අධිකරණයට ආ යෝෂිත රාජපක්ෂ
01:11
Video thumbnail
විදුලි සේවකයින්ට විදුලි සැර වැ# අනතුරක්
01:56
Video thumbnail
බිරිඳට ජීවිතාන්තයට හිරේ යන්න වීම නිසා සැමියා අධිකරණයේ යකා නටයි
01:13
Video thumbnail
කොහොමද ලංගමයේ කෙරුවාව ?
01:44
Video thumbnail
හදිසියේම මහ මඟ ගිනිගත් තුන්සක රිය
00:57
Video thumbnail
මලාපවහන පද්ධති උතුරා යාම නිසා ගමක් ඇවිලෙයි
01:45
Video thumbnail
ලොකුද පොඩිද අදාළ නෑ..අපි පපුවෙන් ලොකුයි..ඒක මහා විශාලයි - රට වෙනුවෙන් කළ නොහැකි දෙයක් නෑ අපිට
03:31
Video thumbnail
ඛනිජ තෙල් බෙදුම්කරුවන් CPC සභාපති හමුවීමෙන් පසු හෙළිකල දේ - සාධාරණ නැත්තම් නැවත සාකච්ඡාවකට එනවා
03:30
Video thumbnail
හදිසියේම මහ මඟ ගිනිගත් තුන්සක රිය - දෙවියනේ..ලොකු ගින්නක්
01:14