පොලීසියට හැංගි මුත්තන් දැමූ බූරු මුණා සැඟවී සිටි සහ රැකවරණය දුන් පුද්ගලයන් පිළිබඳ හෝඩුවා රැසක්

ඝාතන සිද්ධීන් රැසකට සම්බන්ධ ව සිට පොලිස් අත්අඩංගුවෙන් පළා ගිය. රවිඳු වර්ණ රංග හෙවත් බුරු මුනා නමැත්තා නවාතැන් ගත් ස්ථාන සහ රැකවරණය දුන් පුද්ගලයන් සම්බන්ධයෙන් මෙන්ම තවත් පැති කීපයක් ඔස්සේ විශේෂ විමර්ශනයක් සිදුකරන බව බස්නාහිර පළාත් දකුණු දිසාව අපරාධ කොට්ඨාසය කියයි

ඉකුත් පෙබරවාරි මස 24 වැනි දින කටුනායක ගුවන්තොටුපල පොලීසියේ අත්අඩංගුවේ සිටියදී පලා යාමෙන් අනතුරුව දින දෙකක් මීගමුවේ හෝටලයක ගතකර අනතුරුව කුරුණෑගල ප්‍රදේශයට යාමෙන් අනතුරුව බුරු මුනා ව කුරුණෑගල කොස්කැලේ ප්‍රදේශයේ සිට ඔහුට තිරප්පනේ නිවසක් වෙත රැගෙන ගොස් ඇත්තේ නීතිඥවරයෙකු බවට පොලිස් විමර්ශනවලදී අනාවරණය වී ඇත

එම නිවස හෝමාගම පදිංචි විශ්‍රාමික හමුදා නිලධාරියෙකු ට අයත් නිවසක් බවත් එම විමර්ශනවලදී අනාවරණය වී ඇත

සැකකරු අධිකරණයට භාර කිරීම සහ ඔහුට රැකවරණයක් ලෙස ප්‍රවාහන පහසුකම් සැලසීම වෙනුවෙන් නීතිඥවරයකුට රුපියල් ලක්ෂ 10 ක මුදලක් ලබා දීමට පොරොන්දු වී ඇතැයිද එම විමර්ශනවලදී වැඩිදුරටත් අනාවරණය වී ඇත

බුරු මුනා නැමැත්තාට තිරප්පනේ නිවසේ රැකවරණය ලබාදී ඇත්තේ ඉතාලියේ සැඟව සිටින සංවිධානාත්මක අපරාධ අපරාධ කරුවෙක් වන රත්ගම විදුර නැමැත්තාගේ ඉල්ලීම මත ඩුබායි සී සැඟව සිටින ගඟන නැමැති සංවිධානාත්මක ආපරාධ කරු බව පොලිසිය කියයි

ඉකුත් පහළොස් වැනි දින සිව් දින දෙනකුගෙන් යුත් කණ්ඩායමක් තිරප්පනේ නිවස වෙත වෑන් රථයකින් ගොස් බුරු මුනා නැමැත්තාව තිරප්පනේ නිවසින් රැගෙන කරවනැල්ල හෝටලක් වෙත ඇරලවා පිටවී ගොස් තිබූ බවද පොලිස් විමර්ශනවලදී තවදුරටත් අනාවරණ වී ඇත

බුරු මුනා නැමැත්තා නවාතැන් ගත් ස්ථාන සම්බන්ධයෙන් සොයා බැලීම සඳහා සැකකරු රැගෙන ගිය අවස්ථාවේදී මෙම කරුණු අනාවරණය වී ඇතැයි උසස් පොලිස් නිලධාරියකු කීය

බුරු මූනා නැමැත්තාව විවිධ අපරාධ සඳහා කන්නන්ගරගේ ලලිත් කන්නන්ගර , රත්ගම විදුර, ගගන හා ඩිලාන් නැමැති සංවිධානාත්මක අපරාධකරුවන් සහ මත්ද්‍රව්‍ය ජාවාරම්කරුවන් විවිධ අපරාධ සඳහා යොදා ගෙන ඇති බව ද පොලිසිය කියයි

සැකකරු සම්බන්ධයෙන් ත්‍රස්තවාදය වැළැක්වීමේ පනත යටතේ දින 90 ක රැඳවුම් නියෝග ලබාගෙන ඔහු මෙතෙක් සිදු කළ අපරාධ, ඒවාට රැකවරණය දුන් පුද්ගලයන් සම්බන්ධයෙන් මෙන්ම ඝාතන සඳහා යොදා ගත් ස්වයංක්‍රීය ගිනි අවි යම් තස්තවාදී සංවිධානයකින් ලැබුණේද? මුදල් ලද ආකාරය සහ තවත් කරුණු කාරණා කිහිපයක් සම්බන්ධයෙන් දීර්ඝ විමර්ශනයක් සිදුකරන බව උසස් පොලිස් නිලධාරියා වැඩිදුරටත් පැවැසීය.



අපගේ නවතම වීඩියෝ පුවත්
Video thumbnail
භූමදානය කළ පුද්ගලයා මාස දෙකකට පසු පණපිටින් නිවසට - "දැක්ක ගමන් අපි බය වුණා.."
06:14
Video thumbnail
නාමල් රාජපක්ෂ අධිකරණයට රැගෙන ආ අයුරු මෙන්න - වැඳගෙනම බස් එකෙන් බහින හැටි
00:28
Video thumbnail
නාමල් රාජපක්ෂට, මහින්දට සෙත් පතා බෝධි පූජාවක් - නෙළුම් මල් 1000ක් පූජා කරයි
01:47
Video thumbnail
මහින්දලා කරන වැඩනේ මේ - අනුරට කරගෙන යන්න දෙන්න ඕනි..දුම්රිය වර්ජනයට මහින්දට චෝදනා
02:28
Video thumbnail
වෙ# පත්තුවූ දෙමටගොඩ කළු පාලම යට මහේස්ත්‍රාත් පරීක්ෂාව සිදු කරන අයුරු
01:07
Video thumbnail
දුම්රිය වර්ජනය ගැන ජනතාවගේ අදහස - "ටිකට් නැතුව යන් මහත්තයෝ කමක්නෑ "
04:01
Video thumbnail
මාර්ගයෙන් ඉවතට පැන කුඹුරකට වැටුණු වෑන් රථය - රියදුරුට නින්ද ගිහින් වෙච්ච දෙයක්
00:32
Video thumbnail
පානදුර කුඩු සළිඳුගේ අනුගාමික යුවලක් හෙරොයින් සමඟ කොටුවෙයි - ලක්ෂ 63ක මුදලකුත් මාට්ටු
00:39
Video thumbnail
දෙහිවල බෝම්බය ග#න්න ආ සෙට් එක නැවතුම ලැගුම් හල - CCTV දර්ශන එළියට එයි
01:34
Video thumbnail
ගුරු මෑණියන්ගේ සිහිනය සැබෑ කරන්න විදුමව් තුරුලට පැමිණි දරුවෝ
03:43