පොලි අනුපාතයන් ගැන මහ බැංකුව ගත් විශේෂ තීරණය

ශ්‍රී ලංකා මහ බැංකුවේ මුදල් මණ්ඩලය විසින් ශ්‍රී ලංකා මහ බැංකුවේ නිත්‍ය තැන්පතු පහසුකම් අනුපාතිකය (SDFR) සහ නිත්‍ය ණය පහසුකම් අනුපාතිකය (SLFR) පදනම් අංක 50 බැගින් පිළිවෙළින්, සියයට 5.50 සහ සියයට 6.50 දක්වා ඉහළ නැංවීමට තීරණය කර තිබේ.

මේ අතර බැංකු අනුපාතිකය, නිත්‍ය ණය පහසුකම් අනුපාතිකය සමඟ ස්වයංක්‍රීයවම ගැළපුම් කරමින් සියයට 9.50 ක් දක්වා වැඩිවනු ඇත. කෙසේවෙතත් ව්‍යවස්ථාපිත සංචිත අනුපාතිකය පවතින 4.00% මට්ටමේ ම පවත්වා ගෙන යාමට මුදල් මණ්ඩලය තීරණය කර තිබේ.

විදේශීය සංචාරකයින් සඳහා සපයනු ලබන සේවාවන් සැපයීමේදී ඒ සඳහා වන ගාස්තු සඳහා විදේශ මුදල් පමණක් ලබා ගන්නා ලෙස සියලුම ලියාපදිංචි සංචාරක ආයතනවලට නියෝග කර ඇත.

බලපත්‍රලාභී බැංකු සඳහා ලැබෙන විදේශ විනිමයන්ට සමානුපාතිකව ඉන්ධන මිලදී ගැනීම් සඳහා අත්‍යවශ්‍ය ආනයන බිල්පත් මූල්‍යකරණය බෙදා හැරීමට ද උපදෙස් ලබාදී ඇත.

මිට අමතරව “අභ්‍යන්තර ශ්‍රමිකයන්ගේ ප්‍රේෂණ සඳහා දිරි දීමනා යෝජනා ක්‍රමය” යටතේ විදේශගත ශ්‍රමිකයින්ගේ ප්‍රේෂණ සඳහා අමෙරිකානු ඩොලරයකට දැනට ගෙවනු ලබන රු.2ක දිරි දීමනාව අමතරව තවත් රුපියල් 8ක් ගෙවන ලෙසට සියලුම බලපත්‍රලාභී බැංකු ඇතුළු සියලුම මාර්ගගත ක්‍රමයන් වෙත ශ්‍රී ලංකා මහ බැංකුව උපදෙස් ලබාදී ඇත.

මහ බැංකුව විසින් ගනු ලැබූ මෙම තීරණය “සංකෝචනාත්මක මූල්‍ය ප්‍රතිපත්තියක්” ලෙසින් හැඳින්වේ.



අපගේ නවතම වීඩියෝ පුවත්
Video thumbnail
උපන්දින දාම අවසන් ගමන් ගිය තරුණයා, මව රෝහල දෙවනත් කරයි
00:31
Video thumbnail
විදුලි සැර වැ# සේවකයෙක් මි#යාමේ සිද්ධිය ගැන ප්‍රබල හෙළිදරව්වක් - නුපුහුණු සේවකයෝ හිටියේ එතන
04:18
Video thumbnail
අගමැතිතුමියගෙන් සුපිරි කතාවක්
09:45
Video thumbnail
පැත්තක හිටපු නාමල් අත්අඩංගුවට ගත්තා..මෙහෙම තමයි නීතිය නවන්නේ
08:43
Video thumbnail
අගමැතිතුමියට දූ දරුවන්ගෙන් ලැබුණු ආදරය
01:16
Video thumbnail
අද නාමල්ට තිබ්බ අත හෙට ඔබට තියන්නේ පුළුවන් - නාමල් කෙඳිරි ගාන්නේ නෑ
11:19
Video thumbnail
ඩීවී චානක ආණ්ඩුවට රිදෙන්නම දෙයි - ජයකොඩි, අනුර, මාලිමාව ඉන්නේ නීතියට උඩින්
08:31
Video thumbnail
ලෝක ජනාවාස දිනයේ රට පුරා නිවාස 5000ක් ජනතා අයිතියට
01:18
Video thumbnail
හොරුන්ට ආයේ බලය දෙන්න මේ රටේ මිනිස්සු සූදානම් නෑ
07:27
Video thumbnail
පපරේ බෑන්ඩ් ගගහා තැපැල් සේවකයෝ කරපු දේ
01:29