spot_img
spot_img
spot_img
AFC Banner
Empty Ad
Empty Ad

පොලි අනුපාතයන් ගැන මහ බැංකුව ගත් විශේෂ තීරණය

ශ්‍රී ලංකා මහ බැංකුවේ මුදල් මණ්ඩලය විසින් ශ්‍රී ලංකා මහ බැංකුවේ නිත්‍ය තැන්පතු පහසුකම් අනුපාතිකය (SDFR) සහ නිත්‍ය ණය පහසුකම් අනුපාතිකය (SLFR) පදනම් අංක 50 බැගින් පිළිවෙළින්, සියයට 5.50 සහ සියයට 6.50 දක්වා ඉහළ නැංවීමට තීරණය කර තිබේ.

මේ අතර බැංකු අනුපාතිකය, නිත්‍ය ණය පහසුකම් අනුපාතිකය සමඟ ස්වයංක්‍රීයවම ගැළපුම් කරමින් සියයට 9.50 ක් දක්වා වැඩිවනු ඇත. කෙසේවෙතත් ව්‍යවස්ථාපිත සංචිත අනුපාතිකය පවතින 4.00% මට්ටමේ ම පවත්වා ගෙන යාමට මුදල් මණ්ඩලය තීරණය කර තිබේ.

විදේශීය සංචාරකයින් සඳහා සපයනු ලබන සේවාවන් සැපයීමේදී ඒ සඳහා වන ගාස්තු සඳහා විදේශ මුදල් පමණක් ලබා ගන්නා ලෙස සියලුම ලියාපදිංචි සංචාරක ආයතනවලට නියෝග කර ඇත.

බලපත්‍රලාභී බැංකු සඳහා ලැබෙන විදේශ විනිමයන්ට සමානුපාතිකව ඉන්ධන මිලදී ගැනීම් සඳහා අත්‍යවශ්‍ය ආනයන බිල්පත් මූල්‍යකරණය බෙදා හැරීමට ද උපදෙස් ලබාදී ඇත.

මිට අමතරව “අභ්‍යන්තර ශ්‍රමිකයන්ගේ ප්‍රේෂණ සඳහා දිරි දීමනා යෝජනා ක්‍රමය” යටතේ විදේශගත ශ්‍රමිකයින්ගේ ප්‍රේෂණ සඳහා අමෙරිකානු ඩොලරයකට දැනට ගෙවනු ලබන රු.2ක දිරි දීමනාව අමතරව තවත් රුපියල් 8ක් ගෙවන ලෙසට සියලුම බලපත්‍රලාභී බැංකු ඇතුළු සියලුම මාර්ගගත ක්‍රමයන් වෙත ශ්‍රී ලංකා මහ බැංකුව උපදෙස් ලබාදී ඇත.

මහ බැංකුව විසින් ගනු ලැබූ මෙම තීරණය “සංකෝචනාත්මක මූල්‍ය ප්‍රතිපත්තියක්” ලෙසින් හැඳින්වේ.

ඔබේ ප්‍රතිචාරය කුමක්ද ?
+1
0
+1
0
+1
0
+1
0
+1
0
+1
0
+1
16
Subscribe
Notify of
0 Comments
Inline Feedbacks
සියලු ප්‍රතිචාර බලන්න !

?