spot_img
spot_img
spot_img
AFC Banner
Empty Ad
Empty Ad

පොලිසිය සොයන මෙම රථය ගැන තොරතුරක් දන්නවා ද ? (ඡායාරූප)

පුද්ගලයෙකු පැහැර ගැනීම සම්බන්ධයෙන් අවශ්‍යව කරන වෑන් රථයක් සහ සැකකරුවන් පිරිසක් අත්අඩංගුවට ගැනීමට පොලිසිය මහජන සහාය අපේක්ෂා කරනවා.

ඒ, අනුව 2024.04.22 දින කුලියාපිටිය, වෙරළුගම ප්‍රදේශයේ පදිංචිව සිටි 31 හැවිරිදි පුද්ගලයෙක් පැහැරගෙන යාමේ අපරාධයකට සම්බන්ධ සැකකරුවන් NW PK – 0125 අංකය දරණ සුසුකි එව්රි වර්ගයේ අළු පැහැති වෑන් රථයෙන් පළාගොස් ඇති බවයි වාර්තා වන්නේ.

පොලිසිය පවසන්නේ අදාළ වෑන් රථය කුලීරථ ආයතනයකින් ලබාගත් එකක් බවට අනාවරණය වී ඇති බවයි.

ඒ අනුව මෙම වෑන් රථය සහ සැකකරුවන් සම්බන්ධයෙන් තොරතුරක් ඇත්නම් පහත දුරකථන අංක වෙත දැනුම්දෙන ලෙස මහජනතාවට දැනුම් දෙනවා.

071 – 8591260 – ජ්‍යෙෂ්ඨ පොලිස් අධිකාරී / කුලියාපිටිය
077 – 3528325 – ස්ථානාධිපති / කොට්ඨාස අපරාධ විමර්ශන කාර්යාංශය

WhatsApp Image 2024 05 01 at 9.29.06 AM 1
WhatsApp Image 2024 05 01 at 9.29.06 AM
WhatsApp Image 2024 05 01 at 9.29.07 AM
ඔබේ ප්‍රතිචාරය කුමක්ද ?
+1
0
+1
0
+1
0
+1
0
+1
0
+1
0
+1
0
Subscribe
Notify of
0 Comments
Inline Feedbacks
සියලු ප්‍රතිචාර බලන්න !

?