පොලිසිය ලුහුබැඳ ගිය ටිපර් රථයක් ගුරුවරයෙකු යටකර පළායයි (වීඩියෝ)

යාපනයේ වඩමාරච්චි දික්කම් ප්‍රදේශයේදී පොලිසිය විසින් ලුහුබැඳ ගිය ටිපර් රථයක් ගුරුවරයෙකු යටකර පළා ගොස් තිබෙනවා.

එම සිදුවීම ඒ අසල සවිකර තිබූ CCTV කැමරාවක ද සටහන්ව තිබුනා.

මෙම සිදුවීම පසුගිය 21 වනදා සවස 4 ට පමණ සිදුවූ අතර ටිපර් රථය පසුපස හඹා යමින් සිටි පොලිස් නිලධාරීන් අනතුර පිළිබඳව සැලකිලිමත් නොවූ බවටයි  ප්‍රදේශවාසින් චෝදනා කරන්නේ.

මෙලෙස පොලිස් නියෝග නොතකමින් පළා ගියේ සබරගමුව පළාතේ ලියාපදිංචි කරන ලද LM 5114 අංකය දරණ ටිපර් රථයයි.

ප්‍රදේශයේ පටු අතුරු මාර්ගයක අධික වේගයෙන් ධාවනය කල මෙම ටිපර් රථයේ රියදුරා සහ සහායකයා පොලිස් ලුහුබැදීම් හමුවේ රථය දමා පලා ගොස් තිබෙනවා.

අනතුරට පත් ගුරුවරයා ප්‍රදේශවාසීන් විසින් ගිලන් රථයකින් පේදුරුතුඩුව රෝහලට රෝහලට ඇතුලත් කල අතර පසුව ඔහු වැඩිදුර ප්‍රතිකාර සඳහා යාපනය ශික්ෂණ රෝහලට මාරු කර යැවුනා.

මෙම අනතුර සිදුවී මේ වන විට දින දෙකක කාලයක් ගතවුවද මේ දක්වා පොලීසිය අනතුර සිදුවූ ස්ථානයට ගොස් ස්ථානීය පරීක්ෂණයක් පවත්වා නැති බවටයි ප්‍රදේශවාසින් චෝදනා කරන්නේ.

ඔබේ ප්‍රතිචාරය කුමක්ද ?
+1
0
+1
0
+1
0
+1
0
+1
0
+1
0
+1
1
Subscribe
Notify of
0 Comments
Oldest
Newest Most Voted


අපගේ නවතම වීඩියෝ පුවත්
Video thumbnail
පොඩි මනුස්සයට කරන අපරාධය වෙනුවෙන් පෙනී ඉන්න ආවේ අපි - ආණ්ඩුව ඇවිල්ලා මොනවද කරලා තියෙන්නේ ?
02:40
Video thumbnail
දීලා තියෙන්නේ විලි ලැජ්ජා නැතිවෙන්න - අනුර, හරිනි ජනතාව අන්දලා උදා කරපු පොහොසත් රට
03:27
Video thumbnail
කුපිත වුණ මිනිස්සු පන්දම් අරගෙන මහ පාරට බහියි - මහරගම දෙවනත් කරයි
02:20
Video thumbnail
අළුගොල්ල කන්දේ හටගත් ගින්න විශාල ප්‍රදේශයක් ගිනිබත් කරයි - මෙන්න නවතම දර්ශන
01:19
Video thumbnail
ඔබට මේ ආණ්ඩුව කරන්න බෑ - කරන්න පුළුවන් කෙනෙක්ට දීලා ආණ්ඩුව අයින් වෙලා යන්න
01:28
Video thumbnail
මහින්ද මහත්තයා අල ලීස් කළේ නෑ - ජනපති කෙනෙක් ඕනිද හාල් ලීස් කරලා ගන්න..
01:59
Video thumbnail
මම සජබයෙන් අයින් වුණේ නෑ - ඊට වඩා ලොකු තනතුරකට යනවා..චමල් ආණ්ඩුවට හොඳටම දෙසයි
01:53
Video thumbnail
මේක දැන් පාරට ගේන්න ඕනි කාලය ඇවිල්ලා ඉවරයි - ආණ්ඩුවට අපි පාඩමක් උගන්නනවා
03:38
Video thumbnail
පුළුවන් නම් හිරේ දාපන් අපිව - උඹලගේ ආණ්ඩුව ඉවරයි..සටන මහ පාරට අරගෙන එනවා අපි
02:09
Video thumbnail
AKD Go Home - බොරැල්ල මංසන්ධිය රත් කළ විරෝධතාවය..පන්දම් අරන් පාරට බහියි
02:09