පොලිසිය මන්නා රමේෂ්ගේ නිවස පීරයි

ඩුබායි රාජයේ දී අත්අඩංගුවට ඊයේ (07) ගෙන මෙරටට රැගෙන ආ සංවිධානාත්මක අපරාධකරුවෙක් වන අධිකාරම් මුදියන්සේලාගේ රමේෂ් ප්‍රියජනක හෙවත් මන්නා රමේෂ්ගෙන් සිදුකළ මූලික ප්‍රශ්න කිරීමේදී විදෙස් රටක නිෂ්පාදිත ජීව අත්බෝම්බයක් සහ යතුරුපැදියක් සොගෙන තිබෙනවා.

අවිස්සාවේල්ල, යාලගම, නාපාවෙල ප්‍රදේශයේ පිහිටි මන්නා රමේෂ්ගේ නිවස පරීක්ෂා කිරීමේ දී මෙම අත්බෝම්බය සහ යතුරුපැදිය සොයාගැනීමට හැකි වූ බවයි පොලිසිය පැවසුවේ.

අත් බෝම්බය නිවස තුළ වළදමා තිබිය දී සොයාගෙන ඇති අතර, යතුරුපැදිය සොයාගෙන ඇත්තේ නිවස පිටුපස සඟවා තිබියදීයි.

මේ අතර බස්නාහිර පළාත් දකුණ දිශාව අපරාධ කොට්ඨාසයේ සහකාර පොලිස් අධිකාරී ජනක කුමාරගේ අත්සනින් යුතුව ත්‍රස්තවාදය වැළැක්වීමේ 7/1 පනත යටතේ පැය 72 ක කාලයක් සැකකරු අපරාධ කොට්ඨාසයේ රඳවාගෙන වැඩිදුර පරීක්ෂණ සිදුකරන බවයි පොලිසිය පැවසුවේ.

ඔබේ ප්‍රතිචාරය කුමක්ද ?
+1
0
+1
0
+1
4
+1
0
+1
1
+1
0
+1
0
Subscribe
Notify of
0 Comments
Oldest
Newest Most Voted


අපගේ නවතම වීඩියෝ පුවත්
Video thumbnail
ඔයා ගිහින් ආණ්ඩුවට උදව් කරන්න - රනිල් සජිත්ගේ මුහුණටම කියයි
06:42
Video thumbnail
මෙහෙම කරන්න කියලා සජිත්ගෙන් ඉල්ලීමක් කළේ නාමල් රාජපක්ෂ
01:20
Video thumbnail
මම පාර්ලිමේන්තුවෙන් යනවා - ආවෙත් කැමැත්තෙන් නෙමෙයි
02:01
Video thumbnail
රනිල්ව ළඟ තියාගෙන සජිත්, ජනපතිට අනතුරු අඟවයි
01:58
Video thumbnail
නාමල්ට සජිත්ගෙන් ලැබුණු පිළිගැනීම
01:34
Video thumbnail
මේ චාමර සම්පත් එක්ක ඕවා එපා - වෙන කාත් එක්ක හරි තියාගන්න
01:41
Video thumbnail
"ඇතුලේ යන්න කළින් කියන්නම්කෝ" - චාමර කියාගෙන කියපු කතාවට හැමෝම බඩ අල්ලන් හිනාවෙයි
00:17
Video thumbnail
බලන්න අපේ මිනිස්සුන්ගේ විදිහ.. තැනක් කොතනක් නෑ.. ඉන්නේ කවුදවත් දන්නේ නෑ..
01:27
Video thumbnail
අනුර කුමාර අද ඒකාධිපති නායකයෙක් වෙලා
06:43
Video thumbnail
"ලෝකෙට පරකාසේ ගෙදරට මරගාතේ" - රට හදන්න එන ශාන්ත බණ්ඩාරට පුතා හදාගන්න බැරිවුණු හැටි
02:46